(යොහාන් භාසුර)
ජනාධිපතිවරයා ලෙස පත්වන පුද්ගලයාට වඩා ඔහු සමඟ ඉන්න කණ්ඩායම ගැන හොඳ අවබෝදයකින් ජනතාව කටයුතු කළ යුතු බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව බරපතල තීරණයක් ගතයුතු බවත් නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (20) පැවසීය.
මහාචාර්ය චරිත හේරත් මහතා නිදහස ජනතා සභාව මූලස්ථානයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම නොවැම්බර් වන විට පවත්වා අවසන් කළ යුතු බව කී මහාචාර්යවරයා අයි.එම්.එෆ්. කියන පදයට නටන ආණ්ඩුව සහ පාර්ලිමේන්තුවේ සිටින 225 එපා කියන මතයේ ජනතාව සිටින බව ද සදඟන් කළේය.
ආර්ථිකය වැටී ඇති මෛවැනි අවස්ථාවක 13 වැනි ව්‍යවස්ථා සංසෝධනය ගැන කතා කරන ඇතැම් ජන කොටස් වෛයිරි දේශපාලනය කරන බවත් ඉන්දියාව ඩොලර් බිලියන දෙකක් දුන්න එක වැඳගත් මෙන්ම චීනය සමඟ මෝඩ විදියට වැඩකරන්න ගොස් ආණ්ඩුව වැඩ වරද්දා ගත් බවත් ඒ මහතා කීය.
කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරයෙක් ඉන්දියාවට ගිහිල්ලා ‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්’ යැයි පැවසීම ගැටලුසහගත බව කී හේරත් මහතා සඳහන් කළේ පොදුජන පෙරමුණේ ආශිර්වාද මැද ජනාධිපති හැදුව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් එවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ගෙන් මතය ප්‍රකාශ කළ යුතු බවත්ය.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චරිත හේරත්ගෙන් ජනතාවට උපදෙසක්
Lelwala Wednesday, 21 February 2024 07:55 AM
ඊළඟ මැතිවරණයේදි ඔය සෙට් එකම ගෙදර.