කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (07) ආරම්භ වූ 134 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම ලකුණු 192 කට සීමා කිරීමට රාජකීය විදුහල් පන්දුයවන්නෝ සමත් වූහ.

වර්ෂාව හේතුවෙන් පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට රාජකීය විදුහල පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකු-ණු 11 ක් ලබා සිටියේය.

රාජකීය විදුහල් වේග පන්දුයවන ක‍්‍රීඩක චාමික කරුණාරත්න විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 55 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.

සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක‍්‍රීඩා කරමින් ඩෙවින් ජයසිංහ පන්දු 107 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 74 ක් රැස්කිරීමට සමත් විය.

තෙදින තරගයක් වන මෙම තරගයේ හෙට (08) දෙවැනි දිනයයි.

සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම 192 (නිපුන ගමගේ 19, ඩෙවින් ජයසිංහ 74, තිලක්‍ෂණ සුමනසිරි 17, හෙලකමල් නානායක්කාර 24, රවිඳු තිලකරත්න නොදැවී 26, චාමික කරුණාරත්න 55/5, පූර්ණ අලූත්ගේ 44/2)

රාජකීය විදුහල පළමු ඉනිම කිසිවකු නොදැවී 11