රාජපක්ෂ පාලනය සමයේ චීනය සමඟ පැවැති සබඳතා ඉන්දියාව වරදවා වටහාගත් අතර වත්මන් ආණ්ඩුව චීනය සමඟ පවත්වන සබඳතා සම්බන්ධයෙන් ඉන්දියාව නිහඬව කටයුතු කරන බව ද රාජපක්ෂ මහතා පවසා ඇත. ඉන්දියාවේ ‘ද හින්දු‘ පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙම කරුණු පවසා ඇත.
“අපේ රට තවත් රටකට විරුද්ධව යොදාගැනීමට අපි කිසිසේත් ඉඩ දුන්නේ නැහැ. මගේ තාත්තාගේ පාලනය සමයේදී ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.
“හම්බන්තොට වරාය මුලින්ම දුන්නේ ඉන්දියාවට. එහෙත් ඔවුන් ආවේ නැහැ. චීනය ඉදිරියට ඇවිත් එහි කටයුතුවලට සම්බන්ධ වුණා. අපට බලාගෙන ඉන්න බැහැ. අපට ජනතාවගේ සුබසාධනය දෙස අවධානය යොමු කරන්න වෙනවා. අප ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුයි” යැයි නාමල් රාජපක්ෂ මහතා එහිදි සඳහන් කර ඇත.
කිසිදු රටකට එරෙහිව කටයුතු නොකරන බවත් සෑම විටම රටේ අභිමාර්ථවලට මුල්තැන දෙමින් කටයුතු කළ බවත් නාමල් රාජපක්ෂ මහතා එහිදි තවදුරටත් පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වැඩිය හොඳ නැද්ද සිය පවුලේ උදවියගේ සාක්කුව සමඟ හොරවැඩ හා තිබු සම්බන්ධතාව මුළු ලොවම වැරදියට වටහා ගත්තා කියලා කිවුවා නම්. (නි)
තිලිණ, කවර පාලනයක හෝ ප්‍රතිපත්ති නිවැරදි නම් සුද්දන්ට " යස් සර්" කියන්නවත්, අපේ භුමියේ අයිතිය චීනයට සින්නක්කර දෙන්නවත්, අනාගතයේ දෙන්නම වෙන තැනට කටයුතු සිදුවන්නනෙත් නැත.ඒ වගේම ඉන්දියාව යමක් වරදවා වටහා ගන්නවත් සිදුවෙන්නේ නැත. යමෙක් ඉතා සුළු ව්‍යාපාරයක් හෝ පවත්වාගෙන යා යුත්තේ කිසිවෙකුට බැගපත්වීමටවත්, තමන්ට උසුලන්නට බැරි ණයකට කර ගැසීමටවත්, නොගැළපෙන පරිසර හානියකටවත්, තමන්ගේ වගේම අන් අයගේ ආරක්ෂාව ගැනත් සිතමින් විය යුතුය. (නි)
දේශපාලකයන්ට ඕනෑ විධියට හැසිරවිය හැකි විදේශ ප්‍රතිපත්තියක් ඔය ලොකු රටවල් වල නැතිබව මෙවැනි අය තවම දැනුවත් වී නැතිබව කණගාටුවට කරුණකි (නි)
අනේ මෙයාට බනින්න එපා! (නි)
මේකේ අය හිතා ඉන්නේ මේ රජයේ අය හරි හොඳයි කියලා වෙන්න ඇති. රටට කරපු එක දෙයක් කියන්න පුලුවන්නම්... වැඩක් ඇති දෙයක් කරපු? කෙළෙහිගුණ නැති බත් කන හරක්. (නි)
කවුද අප්පේ මේ? මාර උගතෙක්නේ. (නි)
වින්සන්ට් වගේ මිනිස්සු ගැන හිතාගන්න අමාරුයි. නිවැරදි විදේශ ප්‍රතිපත්තිය කිව්වේ හැමදේටම යස් සර් කියල සුද්දන්ට කොන්ද නමන එක වෙන්න ඇති. සමලිංගික විවාහ වලට කැමති එක වෙන්න ඇති. පහුගිය පාලනයේ වැරදි ඕනෑතරම් තිබුණා. නමුත් රටට කරපු දේවල් බොහොමයි. (නි)
අනේ මොකටද මගේ කට! (නි)
"අපේ පවුලේ පාලනය" කීවානම් වඩාත් නිවැරදිය. කාගේ අභිමාර්ථවලටද මුල් තැන ලැබුණේ යන්නත් ජනතාවට ඉතා පැහැදිළිය.එදා නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් තිබුණේ නම් අද මෙවැන්නක් කතා කිරීමට අවශ්‍ය වන්නේ නැත. (අ)
මෙයාලා නේද දළදා මාළිගාව ඉදිරිපිට රේස් කාර් පැද්දේ. ඕවා කරන්න හොඳ නැහැ ළමයෝ. (නි)
ඇත්තම කිවුවොත් වින්සන්ට් වගේ තවත් අය ඉන්නවද? (නි)
නාමල්, ඔය වගේ කතා මැදමුලනේ ඉන්න මිනිසුන්ට කියන්න. ඒගොල්ලොන්ව නම් ඔය වගේ කතාවලින් අන්දගන්න පුළුවන් වෙයි. ජාත්‍යන්තර මාධ්‍ය වල ඉන්නේ මෝඩයෝ කියලා හිතලා නාගන්න එපා (නි)
ඉන්දියාව බබා. ඔයාලගෙ පවුලෙ අය විතරයි දන්නේ (නි)
දැන් දැන් ටික ටික මොළේ පෑදෙනවා වගෙයි. බලය නැහැනේ. (නි)
දැන්නේ මෙයාට මොළේ පෑදිලා තියෙන්නේ! (නි)
බැසිල් මහතා ජනාධිපති කර ගරු නාමල් රාජපක්ෂ මහතා අගමැති කරවමු. අපේ පැතුම එකයි. (නි)
මෙවැනි අය හිතුමතේ කරන ප්‍රකාශ ගැන සැළකිල්ලක් දැක්වීම මෝඩ ක්‍රියාවකි (නි)
ඉන්දියාව වරදවා වටහා ගත්තා? ඉන්දියාවේ ඉන්නේ මේ ගොල්ලෝ වගේම කට්ටිය කියලා හිතනවා ඇති. ඔය ලොකු රටවල් තමන්ගේ ඔත්තු සේවා වලින් හරියටම දැනගෙන මිසක් කොමිස් කුට්ටිවලට යටවෙලා විදේශ ප්‍රතිපත්ති හදන්නේ නැහැ. (නි)
ඇයි ක්‍රිස් කොමිස්? එතකොට ඉන්දියාව හොඳයි. (නි)
මෙවැනි රටේ පිනටම පහළ වූ බුද්ධිමතෙක් කියන මෙම ප්‍රකාශය කෙතරම් ප්‍රඥාගෝචරද? අහෝ! ඇයි මේ දෙය කාටවත් නොතේරුනේ? (නි)