(විමුක්ති එස් රුද්‍රිගු)
චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සහාය දීම සම්බන්ධයෙන් තම ස්ථාවරය ලිඛිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අද(22) දැනුම් දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.
ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට නිල වශයෙන් සහාය ලබා දෙන බව ඉකුත් 16 වැනිදා ලිඛිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දෙන ලදි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ චීනය සමඟ සිදුකළ සාකච්ඡා අවසන් අදියරේ පසුවන බවත් ඉදිරි දින කිහිපයේදී චීනයේ ස්ථාවරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දෙනු ඇති බවත් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා පසුගියදා ප්‍රකාශ කර තිබේ.චීනය සමඟ පැවති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා රහසිගතව පැවැත්වීම හේතුවෙන් ඒ පිළිබඳ මාධ්‍ය වෙත තොරතුරු ලබා දිය නොහැකි බව ප්‍රියන්ත රත්නායක මහතා රොයිටර් පුවත් සේවයට පවසා ඇත.මෙම මස මුලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන එක්සිම් බැංකුව සමඟ සාකච්ඡා කළ බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
ආර්ථික සහ දේශපාලන අර්බුදයකින් පීඩා විඳි ශ්‍රී ලංකාවට නිල වශයෙන් සහයෝගය ලබා දුන් ප්‍රථම රට ඉන්දියාව බවට පත් වූ බවද ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කර ඇත.පැරිස් සමාජයද සම්බන්ධ කර ගනිමින් ණය කල් පිරිම දීර්ඝ කිරීමෙන්, පොලී අනුපාත අඩු කිරීමෙන් හෝ වෙනත් ණය සහන ලබා දීමට හැකි ඕනෑම ආකාරයකින් ණය සහන ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ණය මාධ්‍ය කාලීන සිට දීර්ඝ කාලීන ණය ප්‍රතිව්‍යුගතකිරීමකට ලක් කිරීම සඳහා සාකච්ඡා කිරීමට ඉන්දියාව සුදානම් බව ලිපිය මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දන්වා ඇතැයි ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
චීනයේ ස්ථාවරය අද