(විමුක්ති එස් රුද්‍රිගු)
පැරිස් සමාජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දිය යුතු යැයි නිර්දේශ කර ඇති වසර 10 ණය ආපසු ගෙවීම අත් හිටුවීමේ කාල සීමාව වෙනුවට චීනයේ එක්සිම් (අපනයන - ආනයන) බැංකුව මෙරටට ලබා දී ඇත්තේ වසර දෙකක කාලයක් වීම හේතුවෙන් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවට බලපෑමක් එල්ල කළ හැකි බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පැරිස් සමාජය වසර 15 ක කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු යැයි නිර්දේශ කර තිබෙන බවද ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
එසේම ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ පැරිස් සමාජයේ නිර්දේශවලට අනුකූලව ශ්‍රී ලංකාවට මූල්‍ය සහ ණය සහන ලබා දෙන බව දැනටමත් ලිඛිතව දන්වා අවසන් බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කර ඇත.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණයට සහය දැක්වීමට ඉන්දියාව තීරණය කරමින් වසර 10 ක ණය ආපසු ගෙවීමේ කාල සීමාව අත් හිටුවීමක් සහ වසර 15 ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාල සීමාවක් ලබා දීමට තීරණය කර ඇතැයි ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
චීන එක්සිම් බැංකුවේ කොන්දේසි හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වේදනාවන් තවත් ඉදිරියට දිග් ගැස්සී යාමට අවස්ථාවක් තිබෙන බවද එම පුවත්පත පෙන්වා දී ඇත.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති එකම විකල්පය වන්නේ ස්වෛරී හිඟ මුදල් පිළිබඳ ප්‍රතිපත්ති මත මෙරටට ණය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වීම බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd