“එදා පාන්දර තුනට විතර ඇති අපි ඉන්න හරියට ජෙට් සීයකින් විතර ගුවන් ප‍්‍රහාර එල්ල කළා. අපි බයේ හිටියේ කොහේට වැටෙයිද කියලා. මගේ කාමරේ ජනෙල් දෙදරුවා. මගේ යාළුවා මෙන්ඩිස්ගේ කාමරේට ගොඩක් කිට්ටුවෙන් පිපිරීම් කිහිපයක් සිදු උනා. අපිට මොකුත් හිතාගන්න බැරි වුණා. ගේ දෙදරුම් කෑවා. ඉස්සරහ දොර නිකන්ම ඇරුණා . අපි කාමර වලින් බඩ ගාගෙන සාලේ මැදට ආවා.කොහෙන් ප‍්‍රහාර එල්ලවෙයිද කියා හිතාගන්න බැරි වුණා. එදා අපි බේරුණේ අනුනමයයි දශම නමයෙන් යැයි යේමනයේ සිවිල් යුද ගැටුම් වලට මැදි වී දිවිගලවාගෙන දිවයිනට පැමිණි ග්ලෙන් එඞ්වඞ් තලෙයිරත්න(38) මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පැවසුවේය.”
ඔහු සමග යේමනයේ සනා නුවර කොටු වී සිටි තවත් ශ‍්‍රී ලාංකිකයෝ 29 දෙනෙක් දිවයිනට පැමිණියහ. ඒ අතර කාන්තාවෝ තිදෙනක්ද වුහ. කටාර් ගුවන්සේවයට අයත් කිව්.ආර් 656 දරණ ගුවන්යානයෙන් දෝහා සිට මෙම පිරිස දිවයිනට ආහ.
පසුගිය 6 වැනිදා චීනයේ ලිංයී නැමැති යුද නෞකාව යොදවා යේමනයේ අගනගරය වන සනා හි කොටු වී සිටි ශ‍්‍රී ලාංකිකයෝ 45 දෙනෙකු මුදාගනු ලැබුහ. ඉන් 29 දෙනෙකු මෙලෙස පෙරේදා රාත‍්‍රියේ දිවයිනට පැමිණි අතර ඉතිරි පිරිස ඉදිරි දින දෙක තුනේදි තුලදී මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.
විවිධ දුක් කම් කටොළුවලට මුහුණ දී දිවි බේරාගෙන දිවයිනට එන තම සහෘදයින් දැක බලා ගැනීම සදහා ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයෙහි මොවුන්ගේ ඥාතීහු රැසක් රැඳී සිටියහ.
විදේශ රැකියා ප‍්‍රවර්ධන අමාත්‍ය වන තලතා අතුකෝරල, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති නන්දපාල වික‍්‍රමසුරිය , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය , විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ වැඩ බලන අධ්‍යක්ෂිකා ප‍්‍රදීපා දි සේරම් ශ‍්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති රෙන් ෆැක් යින් යන මහත්ම මහත්මීහු මේ අතර වුහ.
යේමනයේ සිවිල් යුද්ධයෙන් අතරමං වී සිටි මෙම ශ‍්‍රී ලාංකිකයන් පසුගිය 6 වැනිදා හොදෙයිදා වරාය නගරය වෙත පැමිණීමෙන් අනතුරුව චීන නාවික හමුදාවට අයත් ලිංයී නෞකාවෙන් දකුණු අප‍්‍රිකා කලාපීය රාජ්‍යයක් වන ජිබුට් රාජ්‍යය වෙත ගෙන එනු ලැබු අතර එතැන් සිට ගුවනින් කටාර් හි දෝහා රාජ්‍යය වෙත පැමිණිමෙන් ගෙන ඒමෙන් අනතුරුව දිවයිනට ගෙන එනු ලැබුහ.
මෙරටට පැමිණි බොහෝ පිරිස් චීන රජයට ස්තුති කරමින් පැවසුවේ තමන්ට චීන රජයේ උදව් උපකාර නොලැබුණා නම් එහි මියයන්නට පවා ඉඩ තිබුණු බවයි.
තම අත් දැකීම් විස්තර කළ ග්ලෙන් තලෙයිරත්න මහතා
මුලින්ම සටන් පටන් ගත්තේ මාර්තු 26. සෞදියට උඩින් ජෙට් 100 ක් විතර ඇවිත් බෝම්බ දාන්න ගත්තා. එදා පාන්දර තුනට විතර ඇති. එක පාරට උඩට ගහනවා වගේ සද්දයක් ආවා. මමයි මගේ යාළුවයි අපි දෙන්නා ජනේලය ඇර බැලූවා. ජනේලෙන් අපි දැක්කා පිපිරෙනවා, එළිය වැටෙනවා. අපිට හිතාගන්න බැරි වුණා මොකක්ද වෙන්නේ කියා.
මෙහේ නිතර නිතර කැරලිකරුවන්ගේ සටන් පවතිනවා අපි අන්තර්ජාලයෙන් තමයි දැනගන්නේ හේතුව මොකක්ද කියා. පහුවදා අපි දැනගත්තා යේමනයේ කැරලිකරුවන්ට විරුද්ධව සෞදි රජය ඇතුළු රටවල් 10 යක් සටන් කරන්න තීරණය කර ඇති බව.
පහුවදා 27 වෙනිදා දරුනුවට සටන් ඇති වුණා. මම නිදාගන්න ඇදට ගියා විතරයි එකපාරටම ජනේලය දෙදරුවා. පස්සේ මම කාමරයෙන් එළියට ආවා. එතකොටම මගේ යාළුවා මෙන්ඩිස්ගේ කාමරය ළඟ පිපිරුවා. අපේ ඇගට හොදට දැනෙනවා. මුළු ගේම එක පාරටම දෙදරුවා. ඉස්සරහ දොර නිකන්ම ඇරුණා. අපි දෙන්නා සාලෙට බඩ ගාගෙන ආවා. එදා බේරුණේ ඒ විදිහට.
හැමදාම හවස 4.30 ට විතර උඩින් ඇවිත් ගහන්න පටන් ගන්නවා. එළිය වැටෙනකෙට ජෙට් යානා ටික යන්න යනවා. අපි ?ට ගෙදර ඉන්නේ නැහැ. මෙහේ කඳු තියෙන පලාතක් තියෙනවා. ටිකක් දුර උනත් අපි වැඩ ඇරිට එහේ ගිහින් නිදාගන්නවා.
අපි ඉන්න හරිය වටකරගෙන කැරලිකරුවන් හිටියා. ඒ නිසා තමයි අපි ඉන්න හරියට බෝම්බ දාන්නේ.මේ වෙනකොට රටේ පාලනය කැරලිකරුවන් අතේ තිබුණේ. ඒ අයගෙන් අපිට කරදරයක් තිබුණේ නැහැ. ඒත් එන්න එන්න සටන් දරුණු උනා.
සනා කියන්නේ යේමනයේ අගනුවර. අපි හිටියෙත් සනා නුවර තමයි. හවුති, ෂියා වගේ කැරළිකාර කණ්ඩායම් රැසක් යේමන රජයට විරුද්ධව සටන් මෙහෙයෙව්වා. සෞදි රජයෙන් කැරලිකරුවන්ගේ අවි ගබඩා ඉලක්ක කර ගුවන් ප‍්‍රහාර එල්ල කළා.
අපි හිටපු ප‍්‍රදේශයේ කැරලිකරුවන් අවි ගබඩා පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒ නිසා සටන එන්න එන්ම දරුණු වුණා. කොයි වෙලේ ප‍්‍රහාරයක් එල්ලවෙයිද කියා බයෙන් හිටියේ. ඇස් දෙකට පෙනි පෙනී සටන්. සතියක් දෙකක් නිදාගත්තේ නැහැ. වෙඩි සද්දෙට නින්ද යන්නේ නැහැ. විදුලිය, ජලය හැමදේම අක‍්‍රීය වුණා.
ගුවන් තොටුපල වසා දැමුවා. අපි නගරය ඇතුළේ කොටු වුණා. ඔය අතරේ සනා නගරයේ ඉන්න වැසියන්ට ඉවත් වෙන්න කියල නිවේදනය කළා.
අපි වැඩ කළ ටොයෙටා කම්පැනියේ අය හරියට අපිට උදව් කළා. . ඒකේ අයි.ටී මැනේජර් උජාල පෙරේරා ශ‍්‍රී ලාංකිකයන් ටික බේරගන්න සෑහෙන්න මහන්සි වුණා. ඔහු අපිව මුදවාගන්නැයි ඕමාන තානාපති කාර්යාලයට දැන්නුවා. ඉනපසු ඕමාන් තානාපති කාර්යාලය හරහා ඉන්දියා තානාපති කාර්යාලයෙන් සහයෝගය ඉල්ලූවා. අපි ඉන්දියා තානාපති කාර්යාලයට දවස් හතරක් ගියා. ඔවුන් අපි ගණන් ගත්තේ නැහැ. අපි උදේ ඉදන් හවස් වෙනකම් එතන ඉඳලා ආපසු ආවා.
පස්සේ ලංකාවේ විදේශ අමාත්‍යංශයෙන් චීනයට කතා කර තියෙනවා. චීනය අපිව අරගෙන එන්න කැමති වෙලා තියෙනවා. අපිට දැනුම් දුන්නා කිලෝ පහක බරක් ලෑස්තිකරගෙන ඉන්න. දුරකතන ඇමතුමක් දුන්න ගමන් පැයක් ඇතුලත සනා ගුවන්තොටුපලට එන්න කියා. අපි ඉතින් ඒ විදියට සියල්ල සුදානම් කරගෙන හිටියා. පස්සේ ආරංචි උනා සනා ගුවන්තොටුපලට ගුවන් යානා බස්සන්න සෞදි රජයෙන් අවසර දීලා නැහැ කියා.
ඉන්පසු අපිට කිව්වා හොදෙයිදා වරාය නගරයට එන්න කියලා. අපිට ආයතනයෙන් වාහන දුන්නා. නමුත් සනා වලින් වෙනත් ප‍්‍රදේශයකට කණ්ඩායමක් යන්න යේමන් රජයෙන් අවසර ගන්න වෙනවා. අපිට යේමන් රජයෙන් අවසර දුන්නේ නැහැ. පස්සේ අපේ ආයතනයේ අය කැරලිකරුවන් එක්ක කතා කරලා ඔවුන්ගෙන් ලියුමක් ගත්තා. පස්සේ ලියුමේ පිටපතක් අපිට දුන්නා. අපි කැරලිකරුවන්ගේ මුරකපොලූ වලට ඒ ලියුම පෙන්න පෙන්නා හොදෙයිදා වලට ආවා. සනා වල ඉදලා කිලෝමීටර් 400 කටත් වැඩියි. හවස 4 ට පිටත් උන ගමන ? දොලහ වෙනකම් ආවා. පස්සේ හොදෙයිදා වල ලංකාවේ ගෙදරක නතර වෙලා වරායට ගියා. එදා හවස දෙකට විතර ජිබුති වලට යන්න චීන යුධ නැවට නැග්ගා. පැය 11 කින් විතර ජිබුති වලට ආවා.
ජීවිතයත් මරණයත් අතර සිටි අපිට පන බේරගෙන එන්න ලැබුණු එකට චීන රජයටත්, ශ‍්‍රී ලංකා රජයටත් බෙහෙවින්ම ස්තුතිවෙනවා.
චීන ජාතිකයන් අපිට සහෝදරයින්ට වගේ සැලකුවා. කිසිම අඩුපාඩුවක් වෙන්න දුන්නේ නැහැ. හැමදේම සැපයුවා. ඒ වගේම චීන රජයෙන් අපිට පුදුම සහයෝගයක් දුන්නේ. හිතාගන්න බැරි විදියට ඔවුන් අපිට උදව් කළා. ජිබුට් වල සිට ගුවන් යානාවලින් කටාර්හි දෝහා ගුවන්තොටුපලට ආවා.
දිවියිනට පැමිණි රිෂාන් සමරතුංග
අපි ගොඩක් බයෙන් හිටියේ ඒ වෙලාවේ. බොහොම අමාරුවෙන් තමයි බේරිලා ආවේ. ගොඩක් ප‍්‍රශ්ණ ඇති උනා. අපිට ඒ වෙලාවේ සනා නගරයෙන් අපිට එළියට එන්න බැරි උනා. යේමන්වල හරි මැද තමයි සනා නගරය තියෙන්නේ.
නගරයේ සියළු කටයුතු අක‍්‍රීය වුණා. ගුවන්තොටුපල වසා දැමුවා. ජලය විදුලිය නැති නිසා අපි බයෙන් හිටියේ වතුරත් නැතුව ගියොත් අපිට මොකද වෙන්නේ කියා. ඇත්තටම අපි ජීවිත ආශාව අත් ඇරලා අන්තිම දවස්වල හිටියේ.
පසුව අපි හොදෙයිදා වරාය නගරයට ආවා. ඉන්පස්සේ චීන නෞකාවෙන් ජිබුටි වලට ආවා. බොට්ටුවේ දුක් විදගෙන දවසක් හිටියා. කෙන්යාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා අපිට හරියට උදව් කළා.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වාසනාවක් තිබිලා තියෙන්නේ (දිල්)
මම සේවය කරන්නේ කුවේට් වල. චීනයෙන් අපිට ගොඩක් උදවු තිබෙනවා (නි)
පරිප්පු දාපු වෙලාවේ ජේආර් ට උදව් දෙන්න කැමති වුනු එකම රට චීනය.(බ)
දැන් තේරෙනවද මහින්ද චීනෙට ලං වුනු එක හරි කියල.(ම)
මේ ගොල්ලන්ගේ සමගියක් නැතිව අපිට උදව් කරයිද ? (දිල්)
චීනය අපිට උදව් කරේ අද ඊයේ නෙවෙයි. ඉන්දියාව තමයි කොටි අපට දුන්නේ. චීනයට අපේ උපහාරය.(නදී)
අහක දමන කුකුල් බෙටිත් අවශ්‍ය වෙන බව මේ යහපාලන කට්ටිය තේරුම් ගත යුතුය. ඡන්දෙට කලින් චීනෙට පතුරු යන්න බැන බැන හිටියේ. (බ)
කොහොමහරි මවුබිමට එන්න ලැබීම නම් ලොකු දෙයක් (නි)
චීනය අපේ හොඳම හොඳ මිතුරා. අපි චීනයට ළංවෙලා මදි, එකට ඉදන් එකට වැඩ කරන්න ඕනේ (බ)
ඉන්දියාව උඩින් මිතුරු යටින් හතුරු. (නි)
ඉන්දියාව හරිම කුහක රටක්. යුද්ධයේදී අපට විරුද්ධවමයි වැඩ කළේ. කවදත් අපට උදව් කරන්නේ චීනය, රුසියාව, පාකිස්තානය සහ බුරුමය. එංගලන්තය ඇමරිකාව හදන්නෙම ලංකාව විනාශ කරන්න. (නි)
චීනයට ස්තූතියි! (නි)
ලෝකයේ විවිධ ජාතින් ඉන්නවා. නමුත් ඉන්දියන් අය හරිම අවස්ථාවාදීයි. විශ්වාස කරන්න බැරි ජාතියක්. චීනය නිහඩව ගොඩක් උදව් කරනවා. (නි)
චීන රජයට ගොඩාක් ස්තුතිය පුදකරන්න අවශ්‍යයි. මේ ජීවිතය බේරාගත් අයට ඔවුන්ගේ පවුල් වලට කොච්චර සතුටක් ඇද්ද? චීනය මහා පුණ්‍යකර්මයක් කරලා තියෙන්නේ. (නි)
චීනය කියන්නේ ඉතිහාසයේ ඉඳන්ම අපට ඉතා හිතෛශීව කුළුපගව උපකාර කළ සැබෑ මිතුරෙක්. ඉන්දියාවට ආවඩන සහෝදරයන්ගෙන් මං අහන්න කැමතියි ලංකාව වෙනුවෙන් මෑත ඉතිහාසයේ ඉන්දියාව කරපු උපකාර මොනවද කියලා කියන්න පුළුවන්ද? හොඳින් සලකා බැලුවොත් ඔවුන් අපට කළේ හතුරුකම් විතරයි. හිතවත් වගේ පෙන්නගෙන පිටිපස්සෙන් පිහියෙන් අනිනවා. ඔන්න ඉන්දියන් කියන "වසලයන්ගේ" තරම. නමුත් චීනය අපට බොහෝ අවස්ථාවල කොන්දේසි නැතිව උපකාර කළ ජාතියක්. (බ)
පළමුවෙන් චීනයේ ද උදවු ඇතුව දිවි ගලවාගෙන ආ අපගේ සොයුරන් ගැන සතුටු විය යුතුය.මෙහිදී ඕමාන රජයට මෙන්ම ලක් රජයටද ස්තූතිවන්ත විය යුතුය.ඉහත සමහර අදහස් විමසන විට වෙලාවකට පුදුම හිතෙනවා ,වෙලාවකට හිනා යනවා.මෙහිදී චීනය ඉතා හොඳ රටක් ලෙස පෙන්වාදෙන අතර ඉන්දියාවට නරක නාමය දාල තියෙනවා. මෙය හැමවිටම සත්‍ය වන්නේ නැහැ. ඉන්දියාවට මෙහිදී යුද ගැටුමට මැදිවූ ඔවුන්ගේම ශ්‍රමිකයන් පිළිබඳව කටයුතු කිරීමට සිදුවීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා අපේ අයට උදව් කරන්න බැරි වෙන්න ඇති. නමුත් අපද විදේශවල සේවය කරන අය ලෙස ශ්‍රී ලාංකිකයන් සමග සහයෝගයෙන් කටයුතු කරන ඉන්දියන් ජාතිකයන් බොහෝ අවස්ථාවල දැක තිබේ.ඒ නිසා එක සිද්ධියක් අල්ලාගෙන සමස්ත ඉන්දියාවටම දොස් කීම නිවැරදි නැත.සමහරු මේ සිද්ධියේදීත් දේශපාලනය පටලවාගෙන චීනයට බොරුවට ආවඩන්න හදනවා.ඉන්දියාව සමග අපට ඇති සබඳතාවය බුද්ධාගම ලංකාවට ඒමට පෙර කාල වකවානුව දක්වා දිවයනවා.කෙසේ නමුත් අප චීනයටත් ස්තුතිවන්ත විය යුතුයි. මධ්‍යස්ථව මේ සිදුවීම දෙස බැලිය යුතුය. (බ)
චීන රජයට අපේ ගෞරවය සහ ස්තූතිය! (නි)
ඉන්දියාව ගැන මේ අදහස් වල ඇති හැමදේම ඇත්ත (නි)
චීනය නිසා අපි මැදි ආදායම් ලබන රටක් බවට පසුගිය කාලයේ පත්වූණා. ඒත් නුදුරේදීම අප යළිත් ලෝකයේ දුප්පත්ම රටවල් ගොන්නට එකතුවෙයිදැයි බයයි. ඊට අවශ්‍ය පසුබිම දැනුත් සකස්වෙමින් පවතිනවා. හොඳම උදාහරණය කොටස් වෙළඳපොළ කඩාවැටීම. (නි)
ඉන්දියාව කවදාවත් අපිට උදව් කරන්නේ නැති කුහක රටක් චීනේ තමයි අපිට හැමවෙලේම උදව් කළේ චීනේ තරහ කරන්න හැමෝටම ඕනවෙලා තියෙනවා උගුලේ වැටුනොත් අවසානේ තමයි අපේ කරුණාකර ඉන්දියාවෙන් සීමා වෙමු මේක හොදින් තේරුම් ගත් නායකයෙක් තමයි රෝහණ විජේවීර එය ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන පොතක් ලියල තියෙනවා (බ)
ලංකාව චීනෙට විකුණලා තියෙන නිසා ලංකාව චීනේ කෑල්ලක් (බ)
මෙතනදී ඉන්දියාවට දොස් කියන්නේ සිදුවූ දෑ ගැන නිවැරදිව නොදැනයි. ශ්‍රී ලංකා රජය මුලින්ම ඉන්දීය රජයෙන් උදව් ඉල්ලුවා යේමනයේ සිටි මේ පිරිස බේරා ගන්න. ඒ අනුව ඉන්දියාව කැමැත්ත පළ කළා ඉන්දීය ගුවන් යානයක් යේමනයේ ගුවන්තොටුපලට ක්ෂණිකව ගොඩබස්සවා ලංකාවේ අය රැගෙන එන්න. ඒත් මේ ක්‍රියාවලිය සිදුකරගෙන යද්දී දැනගන්න ලැබුනා යේමනයට ඉන්දීය ගුවන්යානා වලට ඇතුල් වීම,ගොඩබැස්වීම තහනම් කරලා කියලා. ඒත් එක්කම ලංකා රජය චීනයෙනුත් උදව් ඉල්ලුවා ලංකාවේ අයව ගෙන්න ගන්න.මොකද කල්මරන්නේ නැතිව ඉතාම ඉක්මනින් මේ අය ගෙන්වා ගැනීම අවශ්‍ය නිසා. මේ අතර චීනයේ නැවක් ඊට ආසන්න ප්‍රදේශයක තිබුන නිසා ඒ මාර්ගයෙන් ලාංකිකයන් නැවත ගෙන්වා ගත්තා. මේක ශ්‍රී ලංකාවේ නව රජයේ විදේශ සේවය ලැබූ ලොකු ජයක්. (බ)
අපි හැමවෙලාවේම හිතන්නේ අසල්වැසියා කරදරයකදි උදවුවට එයි කියලා. නමුත් හැම වෙලාවකම කරදරයකදී අසල්වැසියා අහක බලනවා. අප හොඳ නෑ කියලා අහක දාපු අයම තමා අපට උදවුවට එන්නේ. ලංකා රජය මින් පසුව වත් ඉන්දියාවේ සැබෑ මුහුණුවර අවබෝධ කර ගත යුතුයි. අප තව තවත් චීනයට ලංවිය යුතුයි. (ස)
නුවන්,ඔයා හරි.ඉන්දියන් අය හරිම අවස්ථාවාදියි (නි)
අපි තවම චීනය කියන්නේ කවුද කියලා හරියට හඳුනාගෙන නැහැ (නි)
ඉන්දියාව ලංකාව දිහා හැම තිස්සෙම බැලුවේ සතුරෙක් විදිහට. රාම රාවන කතාව තවම ඉන්දියන් කාරයන් ගේ ඔලු වල වැඩ කරනවා. විදේශ සේවයේ ඉන්න හැමෝටම ඉන්දියන් කාරයින්ගේ කෙනහිලි ඇති තරම් තියනවා. ඉන්දියානුවන් ලාංකිකයෙක් දැක්කහම ගැරඩියට බුමිතෙල් බෝතලයක් දැක්ක වගේ. (බ)
නුවන් ඔබ හරි... අපි ළං කරන් ඉන්න අය මඟ අරිනවා දුර ඉන්න අය තමා උදව්වට එන්නේ (ම)
මාත් හිටියා නම් ඔය දුකම විඳින්න වෙනවා. හොඳ වෙලාවට කලින්ම අයින්වෙලා ආවෙ. කොහොම වුණත් චීන රජයට ස්තුතිවන්ත වෙනවා මගේ යාළුවෝ ටික බේරලා දුන්නට. ලංකාවෙදි එයාලව දකින්න ලැබීම සතුටක් (නි)
චීන රජය විනයගරුක රජයක් (නි)
මට බලයක් තිබුණා නම් චීන ජනාධිපතිට ස්තුති කරලා එවෙලේම ලියුමක් යවනවා. (නි)
ලංකාවේ කෙන්යා තානාපති සහ නිලධාරීනුත් ලොකු සේවයක් කළා (නි)
කොහොමහරි කරදරයක් නොවී ලංකාවට එන්න ලැබීම මොනතරම් වාසනාවක්ද? ඉන්දියාව කියන්නේ අපේ අසල්වැසියා වුණාට අපිට උදව් කරන්න අකමැතියි. ඔවුන් උදව් කරන්නේ ඔවුනට වාසියක් වෙනවා නම් විතරයි. (නි)
චීනයයි රුසියාවයි නැත්නම් දැන් මොනවා වෙලා තියෙයිද මන්දා? (නි)
කෝ මේ ඉන්දියාව, ඇමරිකාව, එංගලන්තය එහෙම? (නි)
අනික රසික, අයි.පී.එල්. බැලුවහමත් තේරෙනවා ඉන්දියාවේ සැළකිල්ල (නි)
ඇයි ඉන්දියාවට බනින්නේ? අපේ ලංකාවේ අයටත් බැරි වුණානේ මේ අයව ගෙන්නා ගන්න. චීනය මේ වෙලාවේ ප්‍රශංසාවට ලක්විය යුතුයි. (නි)
මේකේ අදහස් දක්වන සමහර අයට තිබෙන්නේ කබර න්‍යාය.මොකද ඇමෙරිකාව, කුවේට් ,ඇෆ්ඝනිස්තාන් වලට බෝම්බ දානකොට ඇමෙරිකාවට බැන්නා. චිනය බෝම්බ දානකොට හොඳ කියනවා (නි)
චීනය සහ රුසියාව නැත්නම් අනෙක් රටවල් වලට ඇමෙරිකාවේ සහ එංගලන්තයේ වහල්ලු ලෙස තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඇමරිකාව සහ බටහිර රටවල් වාසියක් තියනවනම් ලං වෙනවා. වැසි නැත්නම් ගහල එලවනවා. දෙබිඩි පිළිවෙත. (ස)
ඒ උනාට මේ රජය වර්ණනා කරන්නේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල්...ගඟෙන් වතුර බී මූදට ආවඩනවා...(බ)
සතුටුයි ගොඩක් අයට දැන් සත්‍යය තේරුම් ගිහින් ... සතුරා කවුද මිතුර කවුද කියල නොදන්නා හරකෙක් දෙන්නෙක් තාමත් ඉන්නවා (ස)
චීනය බෝම්බ දමන්නේ නෑ බෝම්බ දමන්නේ සව්දිය (ම)
මට මේක කියන්නම ඕන . ගාල්ලේ කොටුවේ කඩවල , රත්‍රං ,කඩවල, රෙදි කඩවල ගොඩක් වැඩකරන්නේඉන්දයන්අය එයාලා විසිටින් වීසා වලින් අාපු අය , ගාල්ලේ තියෙන සල්ලි මාරු කරන තැන් වලට ගියාම බලාගන්න පුළුවන් සල්ලි මාරු කරන විදිය . මේවා බලන්න බැරිද? (ම)
මේවා ඉතින් රට පාලනය කරන ලොකු මහත්තුරුන්ට තේරෙන්නේ නැනේ..(දිල්)