අයි. පී. එල්. තරගාවලියේ 26 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ චෙන්නායි සුපර් කිංස් පිල අතර අද (20 වැනිදා) පැවති තරගයේදී කොල්කටා නයිට්රයිඩර්ස් පිල පරදවා කඩුලු 4 ක ජයක් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංස් පිල සමත්විය.
ලකුණු 20 කට කඩුලූ 3 ක් දවාගනිමින් සහ නොදැවී ලකුණු 36 ක් රැස්කරමින් දස්කම් දැක්වූ රවින්ද්‍ර ජඬේජා තරගයේ වීරයා බවට පත්විය. පන්දු 14 කින් වාර්තාවූ ඔහුගේ වේගවත් ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත්විය.
අද තරගය සඳහා කොල්කටා නයිට්රයිඩර්ස් පිලට සචිත‍්‍ර සේනානායක කී‍්‍රඩා කළ අතර ඉනිම අවසන් වන විට ඔහු පන්දු 13 කට මුහුණ දෙමින් ලකුණු 7 ක් ලබා නොදැවී සිටියේය. ඕවර 4 ක් යවමින් ලකුණු 18 කට කඩුල්ලක් දවා ගැනීමටද ඔහු සමත්විය.
චෙන්නායි සුපර් කිංස් පිලට කිසිදු ශ‍්‍රී ලංකා කී‍්‍රඩයෙකු ඇතුලත් නොවූ අතර සචිත‍්‍ර සේනානායක මෙම තරගයට කී‍්‍රඩා කළේ මෙය කොල්කටාවේදී පැවති බැවිනි.
කොල්කටා නයිට්රයිඩර්ස් පිල ඕවර 20 කදී කඩුලු 9 ට 119
(ගෞතම් ගම්භීර් 25, යූසෆ් පතන් 25, මනෝජ් තිවාරි 13, දේබබ‍්‍රට දාස් 19, සුනිල් නරේන් 13, රවිචන්ද්‍රන් අශ්වින් 21/2, රවින්ද්‍ර ජඬේජා 20/3)
චෙන්නායි සුපර් කිංස් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 124
(මයිකල් හසී 40, රවිචන්ද්‍රන් අශ්වින් 11, රවින්ද්‍ර ජඬේජා නොදැවී 36)
(**)
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චෙන්නායි පිලට කඩුලු 4 ක ජයක්