ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 30 වැනි තරගය ලෙස චෙන්නායිහිදී අද (22 වැනිදා) පැවැති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලූ 5 කින් රාජස්තාන් රෝයල්ස් පිල පරාජය කිරීමට සමත් විය.
මෙම ජයග‍්‍රහණයත් සමග චෙන්නායි පිල තරග 7 න් පහක ජය ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ලකුණු 186 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 19.5 කදී කඩුලූ 5 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය. ඕස්ටේ‍්‍රලියානු හිටපු ප‍්‍රවේගකාරි පිතිකරු මයික් හසී පන්දු 51 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 88 ක් රැස්කළේය.
පළමුව පන්දුවට පහර දුන් රාජස්තාන් පිල වෙනුවෙන් ෂේන් වොට්සන් ප‍්‍රවේගකාරි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 61 කදී හතරේ සහ හයේ පහර 6 බැගින් ඇතුළත් කරමින් ලකුණු 101 ක් රැස්කිරීමට සමත් විය. මෙම ශතකය මෙවර අයි. පී. එල්. තරගාවලියේ පළමු ශතකය ද වේ.
විරෝධතා හේතුවෙන් චෙන්නායිහිදී පැවැත්වෙන තරගවලට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ක‍්‍රීඩා නොකරති.
රාජස්තාන් රෝයල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 185 (ෂේන් වොට්සන් 101, ස්ටුවට් බෙනි නොදැවී 36, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 20/2, ඞ්වේන් බ‍්‍රාවෝ 36/2)
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 19.5 කදී කඩුලූ 5 ට 186 (මයික් හසී 88, සුරේෂ් රයිනා 51, මහේන්ද්‍ර සිං දෝනි 21, ඞ්වේන් බ‍්‍රාවෝ නොදැවී 15, ජේම්ස් ෆෝක්නර් 20/3)
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චෙන්නායි පිල කඩුලූ 5 කින් රාජස්තාන් රෝයල්ස් පරදවයි