ඉන්දීය ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 11 වැනි තරගය ලෙස මොහාලිහිදී අද (10 වැනිදා) පැවැති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලූ 10 කින් කිංග්ස් XI, පංජාබ් පිල පරාජය කිරීමට සමත් විය.
මයික් හසී (නොදැවී 86) සහ මුරල විජේ (නොදැවී 50) ගොඩනැගු ලකුණු 139 ක නොබිඳුණු ආරම්භක සම්බන්ධතාව නිසා චෙන්නායි පිල ලකුණු 139 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 17.2 කදී සම්පූර්ණ කළේය.
මයික් හසී පන්දු 54 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 86 ක් රැස්කිරීමට සමත් විය.
කිංග්ස් XI, පංජාබ් පිල ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී 138 (ඬේවිඞ් හසී 41, ගුර්කිර්ට් සිං 31, මනන් වොරා 16, ඩිර්ක් නැනිස් 17/2, ක‍්‍රිස් මොරිස් 27/2, ඞ්වේන් බ‍්‍රාවෝ 27/3)
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 17.2 කදී කිසිවකු නොදැවී 139 (මුරලි විජේ නොදැවී 50, මයික් හසී නොදැවී 86)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපෝ නැති එක හොඳි , මේ කෙහෙල්මලෙන් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට වුනේ අගතියක් මිස සුගතියක් නෙවෙයි. (අ)