
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතාට ඇමරිකා එක්සත් ජනපද විද්‍යාභිවර්ධන සංගමය (American Association for the Advancement of Science, AAAS) විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන්වූ (Scientific Freedom and Responibility Award) සම්මානය පිරිනමා ඇත.
මෙම සම්මානය ඔහුට ලැබී ඇත්තේ විවිධ පාර්ශ්වවලින් එල්ල වූ අභියෝග හමුවේ කෘෂිකාර්මික ප්‍රජාවගේ වකුගඩු රෝගය පිළිබඳ කළ පර්යේෂණ හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීමට කළ දායකත්වය සලකා බැලීමෙන් පසුවය.
සම්මානය ප්‍රකාශයට පත්කෙරුණු මුල් අවස්ථාවේදී කෘෂි රසායන සමාගම් ඇතුළු විවිධ පාර්ශව ඊට දැක්වූ විරෝධය හේතුවෙන් සම්මානය පිළිබඳව යළි සලකා බැලීමට විශේෂ ජූරි සභාවකට යොමු කෙරිණි. අවසානයේදී එම ජූරි සභාවේද තීරණය වූයේ සම්මානය මහාචාර්ය චන්න ජයසුමන මහතාට ලැබිය යුතු බව බවයි.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සම්මානය ලබාදීම ප්‍රමාදවිය. මෙවර ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝහි ඩෙන්වර් නගරයේ පැවති ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සමුළුවේදී එහි වැඩසටහන් අධ්‍යක්ෂිකා තෙරේසා හැරිස් මහත්මිය ජයසුමන මහතාට සම්මානය පිරිනැමුවාය.
චන්න ජයසුමන මහතා සමඟ එක්ව පර්යේෂණ කළ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලකද 2019 වර්ෂයේ විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන් වන ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ අන්තර්ජාතික සම්මානයේ කොටස්කරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට නොවටිනා ලෝකෙට අගනා මිනිහෙක්. මෙවන් මිනිසුන් තව තවත් ලක් මෑනිට බිහිවේවා. එවිට අපිටත් යහපත් රටක් ලැබේවි. මහැදුරුතුමනි ඔබට ජය...
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ...!
ඔබට සුබපැතුම්...!
ගෝඨාභය එක්ක ඉන්නකොට මෙතුමාට මොලේ වැඩ කළේ නැද්ද කොහේද?
රසායනික පෝර සමාගම්වලට කුලියට කහින අප රටේ තුප්පහි කී දෙනෙක් මේ මනුස්සයාට ගැරහුවාද? තවමත් ගරහමින් සිටිනවාද? නමුත් ඒ සියල්ලන් දුකට පත්කරමින් ජාත්‍යන්තර කරලියේ විකුම්පාන මහැදුරුතුමාට අපගේ ආචාරය වේවා...!