උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා ලෙස එච් එම් ජී එස් පලිහක්කාර මහතා පත් කර ඇත.ඔහු හිටපු විදේශ ලේකම්වරයෙකි.
මින් පෙර ආණ්ඩුකාරවරයාව සිටි ජී.ඒ.චන්ද්‍රසිරි හිටපු විශ්‍රාමික මේජර් ජනරාල් වරයෙකි. මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඔහු දෙවරක් එම තනතුරට පත් කළේය. ඔහු වෙනුවට වෙනත් පුද්ගලයකු පත් කරන ලෙස උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා හිටපු රජයෙන් කළ ඉල්ලීම නොසලකා හැරිණි.
හේවා මාතර ගමගේ සිරිපාල පලිහක්කාර තානාපතිවරයෙකි. සිවිල් සේවකයෙකි. විදේශ ලේකම්වරයෙකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු තානාපතිවරයෙකි. තායිලන්තයේද තානාපතිවරයා විය. එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ ආසියා හා පැසිෆික් නිත්‍ය නියෝජිතයා විය. ශ්‍රී ලංකා සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්ද විය.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වන පලිහක්කාර 1979 දී විදේශ සේවයට ඇතුළත් විය. අන්තර්ජාතික මානව හිමිකම් හා මානව හිමිකම් නීතිය පිළිබඳව ස්වීඩනයේ ලුන්ඩ් සරසවියේ අධ්‍යාපනය ලැබීය. එක්සත් ජාතින්ගෙ සංවිධානයේ තනතුරු කිහිපයක් හොබවා ඇති ඔහු එක්සත් ජාතීන්ගේ නිරායුධකරණය පිළිබඳව පාඨමාලාවක්ද හදාරා ඇත. න්‍යෂ්ටික අවි හා අන්තර්ජාතික ආරක්ෂාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය විද්වත් කමිටුවේ සාමාජිකයෙක්ද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා ජයවර්දන ජනපති අමිර්තලින්ග්ම්ගේ ඉල්ලීම ඉටු කල පරිදි ඊළඟට හමුදාව ඉවත් කරනවාද ? (නදී)
හ්ම්..... ඒකත් එහෙමද? (නි)
මොනවාද මේ කරන්නේ පටන්ගත් ගමන්? (නි)
ඔය ක්‍රියාව රටේ ආරක්ෂාවට තර්ජනයක් කියලයි මට නම් පුද්ගලික හිතෙන්නේ. ඇයි අපේ රටට මෙහෙම වෙන්නේ? (නි)
මහින්ද පත් කරපු ඔක්කොම අයින් කළ යුතුයි (බ)
ඔහු හොඳ කෙනෙක්. අගෙයි. (නි)
දකුණේ වැසියනි දුන්න නම් ඉල්ලගෙන කාපල්ලා! අවුරුදු 68ක් වන මම පළමු වතාවට යාපනයට ගියේ දෙසැම්බර් අගදී. මහින්දටයි වීර සෙබලුන්ටයි පින්සිද්ද වෙන්න. ආයේ යන්න වෙයිද දන්නේන නම් නැහැ (නදී)
මාටින් ටින් ටින්. ගිහිල්ල බලනවා යාපනෙන් පර්චස් 1 ක් සිංහල අපිට ගන්න පුලුවන්ද කියල. ටෙසවලමේ නිතිය දල වෙන කිසිම ජාතියකට එහෙ ඉඩම් විකුනන්නේ නැහැ. රටේ අනිත් පැති අරන් බලනවා කොළඹ විතරක් ද්‍රවිඩ මිනිස්සුන්ට කොච්චර ඉඩම් තියනවද කියල. ජාති ආලය පතුරුවන්නේ අපි නෙමෙයි ද්‍රවිඩයෝ. කෝ ඒකාලේ සින්හලන්ට යාපනේ තිබුන ඉඩම්. හමුදා කදවුරු ටිකත් වහල දාන්න. අපේ හමුදාවේ රණවිරුවෝ මරල අහිංසක සිංහල ගම් වල මිනිස්සු පෙති ගහල දැන් හිරේ ඉන්න එවුන් ටික නිදහස් කරපුහම සේරම හරි යයි. (බ)
මොනවා වුණත් කමක් නැහැ, මගේ උතුම් පින්බිමට කරදරයක් නම් වෙන්න එපා (නි)
අපරාදේ අපි යුද්දේ කලේ (නදී)
යුධ විරුවෝ යුද්ධකර රට බේරාදුන්නා. ඊටපසුවත් ආ ඔවුන්ට ගෞරව කළයුතුයි. නමුත් සිවිල් පාලනයට සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලට, විදේශ සේවාවට ඔවුන් යෙදවීමෙන් රටේ පාලන තන්ත්‍රය ගැන දේශීයවත් විදේශීයවත් ඇතිවෙන්නේ නරක චිත්‍රයක් කියලයි මට නම් හිතෙන්නේ (නි)
ඉතාම හොඳ තීරණයක්. මෙවැනි දක්ෂ අවංක බුද්ධිමත් නිලධාරීන්ගේ සේවය රටට අවශ්‍යම කාලයක්. විදේශ සේවයේ සිටියදී රට වෙනුවෙන් කළ සේවය අගනේය. හොඳ සේවයක් රටට කිරීමට ඔබට ශක්තිය පතමු. (නි)
පලිහක්කාර මහතා මට හමුවී ඇති ඉතාම නිහතමානී තානාපතිවරයෙකි. (බ)
ආණ්ඩුකාරකමට සිටිය යුත්තේ හමුදා නිලධාරියෙක් නොවෙයි කියන එකයි මගේ නම් අදහස (නි)
හ්ම් හ්ම්.... අපි බලමුකෝ... (නි)
තීරණාත්මක අවස්ථාවේදී උදවුකළ අයට පළමුව උඅවූ කිරීම යහපාලනයක ස්වභාවයයි. (නි)
ඔහොම යමු... (නි)
මෙතුමා මම පෞද්ගලිකව දන්නවා. මෙතුමා හොද දක්ෂ නිලදාරියෙක්. ඒ වගෙම අවංක මනුස්සයෙක්, හොද ස්වාමි පුරුෂයෙක්, හොද පියෙක්. අපි ඒ මහතාට හදවතින්ම සුබ පතමු රාජකාරිය හොදට කරන්න. (අ)
පලිහක්කාර මහතා විදේශ අමාත්‍යංශයේ ලේකම් තනතුරකට හෝ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත තනතුරකටද සුදුසු බව මගේ හැඟීමයි (නි)
ලංකාව කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා එකට ජීවත්වෙන්න ඕනෑ රටක්. එබැවින් සුළු ජාතීන්ටද සමාන අයිතිවාසිකම් ලැබිය යුතුයි. උපකල්පන මත ඔවුන් කොන්කිරීමෙන් තමයි නැවත යුද්ධයක් ඇතිවිය හැක්කේ (නි)
සිහලුනේ උතුරේ ඉන්නේ මිනිසුන් නෙමෙයිද? සතුන්ද? සිංහල අය වගේම දෙමළ අයත් අවංක උනොත් හරි.පරිපාලන සේවයට සුදුසු නිලධාරීන් පත්කළ යුතුය්. තීරණාත්මක අවස්ථාවේදී උදවුකළ අයට පළමුව උඅවූ කිරීම යහපාලනයක ස්වභාවයයි. මේ අදහස් දාන කීයෙන් කී දෙනාද කැමති හමුදා පාලනයක් යටතේ ජීවත්වෙන්න?පොරොන්දු ඉටු කිරීම හොඳ දෙයක්.(බ)
රජය හැකි අය බාරගන්න තුරු බැරෑරුම් ප්‍රශ්න වලට අත දන්නා එපා. (නදී)
ඔබට සුබ පැතුම්! (නි)
කියන දේ කරන්න නෙමෙයි මේ වගේ තනතුරු තිබෙන්නේ. පරිපාලන සේවයට සුදුසු නිලධාරීන් පත්කළ යුතුය්. (නි)
සිංහල රටේ සිංහලයන්ට යාපනේ ඉඩම් ගන්න බැ ඒ උනාට දෙමළ අයට ලංකාව ඕන තැනක ඉඩම් ගන්න පුළුවන් (බ)
හමුදාවේ තනතුරු හමුදාවේ අයටත් සිවිල් තනතුරු සිවිල් අයටත් හිමිවිය යුතුයි. යුද්දය කලේ රණවිරුවෝ මිසක් වෙන අය නෙවෙයිනේ. (නදී)
පනික්කිරාලගේ විමලසේන ගේ දැනගැනීම පිණිස ,,,,තේසවලාමේ කියල රටේ වලංගු නීතියක් තාම තියනවා ඒ අනුව සිංහලයන්ට උතුරේ ඉඩමක් ගන්න බැහැ..(අ)
මුලින්ම හොද හිත දෙමු.පස්සේ බලමු මොකද වෙන්නේ කියල. (අ)
මෙම මාරුවීම හදිසියේ කිරීමට තිබු අවශ්‍යතාව කුමක්ද ? උතුරේ ප්‍රශ්න හොඳට වටහාගෙන, මොලේ ඇතුව වැඩ නොකොලොත් , අපි අමාරුවේ (අ)
ඉස්සර ඕක දීල තම අනාගත්තේ. දැන් ඉන්නෙත් ඒ අයමනේ. අපරාදේ අපේ අහිංසක සෙබළු යුද්ද කළේ. (අ)
ගිවිසුමේ පළවෙනි වගන්තිය ඉෂ්ට කලා ඔන්න. නෑ කියන්න බෑ හොඳේ (අ)
මාටින් මහතාගේ අදහසට කෙටි පිළිතුරක් දෙමින් මගේ අදහස ලියමි. හිටපු ආණ්ඩුකාරතුමා කිසියම් සේවාවක් රට වෙනුවෙන් කළ බව අපි දනිමු. එය රටට හොඳ වුණත් ටීඑන්ඒ එකට නම් හොඳක් නොවූ බව පැහැදිලිය. ඔවුන් ඒ ඉල්ලීම ජයගත්තේ සටනකින් තොරවය. කෙසේවුවත් නව ආණ්ඩුකාරතුමා කෙලෙස කටයුතු කරාවිදැයි අපි තවමත් දන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන විවේචනාත්මකව කතාකිරීම දැන්ම සුදුසු නැති බවයි මගේ හැඟීම. නමුත් රජය පිහිටුවා දින තුනක් තුළදී මෙවන් මාරුවක් උතුරට පමණක් සිදුකිරීම මහජනයාගේ විවේචනයට සහ සැකයට හේතු වී ඇති බව පෙනේ. දිවයිනේ අනෙකුත් ආණ්ඩුකාරවරුන් සම්බන්ධටෙන්ද එකම ප්‍රතිපත්තිය අනුගමනය කළා නම් මීට වඩා හොඳයැයි මට සිතේ. (නි)
අපේ අහිංසක සෙබළු යුද්ධ කළ එකේ කළගුණ මාත්‍රයක්වත් තිබෙනවා නම් හොඳයි (නි)
දැන් ඉතින් ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න වෙයි හොදෙයි තවම දවස් හතරයි (අ)
හරියට හරි. සිවිල් ආණ්ඩුකාරයෙක් දාපු එක හොඳයි.ජය වේවා මෛත්‍රී පාලනයට..!!! (නි)
මෙන්න තවත් ජන්ද ප්‍රතිපලයක්. හිටපු ආණ්ඩුකාරවරයා කිසිම වරදක් කල කෙනෙකු වශයෙන් වාර්තා වී නැහැ. එසේනම් මෙසේ මාරු කලේ ඇයි ? ලක්ෂ 57 ගොඩේ නැති කට්ටිය වගකීම බාරගත යුතුයි. (නදී)
හරියට හරි. සිවිල් ආණ්ඩුකාරයෙක් දාපු එක හොඳයි. අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරගෙන. ජය වේවා මෛත්‍රී පාලනයට. (නදී)
හරියට හරි. සිවිල් ආණ්ඩුකාරයෙක් දාපු එක හොඳයි. අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරගෙන වැඩ කරන්න. ජය වේවා මෛත්‍රී පාලනයට. (නදී)
මේජර් ජෙනරාල් චන්ද්‍රසිරි කියන්නේ කොන්ද පන තිබිච්ච මිනිහෙක්. එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට නැමුණේ නෑ.(හේ)
දවල්ට එළිපිට දෙන ඒවා මේවා. හැංගිලා දෙන ඒවා රෑට හොරට. දවල් මිගෙල් රෑ ඩැනියෙල්.(හේ)
ඉතාම හොඳ තීරණයක්..(හේ)
ඕකට ගිවිසුම් ගහන්න ඕනේ නැහැ. කලිනුත් ඕක ඉල්ලලා තිබ්බා. ඕකේ වැරද්දක් නැහැ. (නදී)
ලංකාවේ මිනිසුන්ට නිදහස ලැබුනා.ඒ නිදහස අපි විතරක් නෙමෙයි රටේ සියලුම දෙනා භුක්ති විඳිය යුතුයි. (නි)
සිංහලයට උතුරේ ඉඩම් ගන්න බෑ කියල මොකක් හෝ නීතියක් තියෙනවද? ඇත්තටම නොදන්නා හින්දයි අහන්නේ. (නදී)
සමහරු නම් දැනටම බයවෙලා වගෙයි (නි)
අප යහ පාලනය කරා යා යුතු වන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් තුලින් පමණි. දකුණේ පළාත් දෙකකටත් ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතිකයන් පත්කරන්න. (නදී)
සුළු ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලැබිය යුතු බව මාටින් මහතා කියනවා. නමුත් මහතාණනි ලෝකයේ සිටින සුළුම සුළු ජාත්න්ගේ හතරවෙනි තැන ලබා සිටින්නේ සිංහල භාෂාව කතා කරන අප පමණයි. ලංකාවේ සිටින අනෙක් කොටස් ලෝකයේ බලවත් ජාතීන්ය. (නදී)
මිහින්, අනිත් ආණ්ඩුකාරවරු හමුදා නිලදාරීන් නෙවෙයි නේද ? (නදී)
දෙමළ මිනිස්සු ඉල්ලන දේ දුන්න කියල වපර ඇහින්, ජාතිය පැත්තෙන් බලන අයට කියන්න තියෙන්නේ මේ පත් කරලා ඉන්න ආණ්ඩුකාරතුමා සිංහල තමයි කියලා. (නදී)
මේ අදහස් දාන කීයෙන් කී දෙනාද කැමති හමුදා පාලනයක් යටතේ ජීවත්වෙන්න? සිවිල් පාලනයට සිවිල් සේවකයන් යොදවන්න. (නි)
හිටපු ආන්ඩුවට කඩේ යන කී දෙනෙක් මේකේ ඉන්නවද ? දෑන් කොටි නැහැ. නැති කොටි ඉන්නවා කියලා උලුප්පා පෙන්නුවේ තිබුනු ආන්ඩුව (නදී)
යාපනයේ යුද්දයට පෙර හිටපු සිංහලයන් නැවත පදිංචි කරන්නේ කවදාද ? (නදී)
පටන්ගැනීම විශිෂ්ටයි (නි)
දිවිදී බේරාගත් අපගේ මාතෘ භූමිය! නැවත බෙදන්න නම් ජීවත්වන සිංහලයෝ ඉඩදෙන්නෙ නැහැ (නි)
ඉතාම කාලෝචිත ක්‍රියාවක්. මෙතුමා ඉතාම කාර්යශූර රාජ්‍ය නිලධාරියෙක් වගේම යහපත් මනුෂ්‍යයෙක්. උතුරේ වැසියන්ට මොහු පියෙක් මෙන් සළකාවි. (නි)
පත් කරපු අාන්ඩුකාරතුමා මාරු කිරීමට කල වරද මොකක්ද? (නදී)
ඉෂාන් වගේ අය ඉන්නාතුරු ලංකාවට හරියන්නේ නැහැ (නි)
හිර කරෝයොත් නිදහස් කරන්න. අපේ කොල්ලෝ අාපහු බිලි වෙයිද ? (නදී)
මෙතුමා නිවැරදි ආකල්ප දර්ශනයක් දක්වන නිලධාරියෙක් (නි)
සමා, ඔබ හරි. නමුත් මෙතන ප්‍රශ්නයක් පැන නැගුණු තැනකි. පුද්ගලයෙකි.එසේම එය රට කළඹවන ජාතික ප්‍රශ්නයකට තුඩු දුන් තැනකි. ඒ නිසා ටිඑන්ඒ එක සතුටු කරනවාට වඩා මහජනතාවගේ පැත්තෙන් සිතා අප්‍රසාදයක් ගොඩ නගනු වෙනුවට අනෙකුත් තැන් කීපයක මාරුකිරීම හෝ අලුත් පත් කිරීම් කිරීම සුදුසු ක්‍රමවේදයක් කියලයි මා කිවේ. (නදී)
ස්ථිර පාර්ලිමේන්තුව පිහිටවන තුරු මෙවැනි දේ කල්දාන්න. (නදී)
සිංහල කොල්ලෝ මෙච්චරකල් මැරිලා ගත් නිදහස නැතිවෙන්න දෙන්න එපා. අනේ! අපි ජීවත්වෙලා ඉන්න කාලෙම මේවා වෙන හැටි...! (නි)
කෝ මේ හෙළ උරුමයේ අය (නදී)
කොතරම් උගතුන් හිටියත්, උතුරට ඕන එහි පවතින වර්ගවාදී, ත්‍රස්තවාදී මානසිකත්ත්වය සමග පරිපාලනය ගෙන යා හැකි නිලදාරියෙක්. තවද අප කොතරම් ජාතිවාදය ගැන කතා කලත් එය ඇත්තේ අප තුල නොවේ ඔවුන් තුලයි. චම්පික වැනි අපට මෙය කියා දුන් අය දැන් කොහිද? අනේ අපේ රටට යන කල? දින 100 කෙසේ වෙතත් සිංහලයට දින කියද? (නදී)
තව හොද හොද සෙල්ලම් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි. (නදී)
මෙහි වරදක් නොපෙනේ. නමුත් චන්ද්‍රසිරි මහතාට ඔහු කල සේවය අගයා වෙනත් සුදුසු තනතුරක් දීම හොඳ යැයි සිතමි (නදී)
රටේ විනාසේ පටන් ගත්තා (නදී)
රසික නිකන් දොඩවන්න එපා. ඔබේ අදහස් වල මුල් ටික කියවන ඕනෑම කෙනෙකුට තේරෙනවා වර්ගවාදී අදහස් තියෙන්නේ කවුරු ලඟද කියලා. උතුරේ ඉන්න ඔක්කොම මිනිස්සු ඔය කියන මානසිකත්වයෙන් ඉන්නවා කියල කියන්න ඔබට පුලුවන්ද ? (නදී)
කිවුවා වගේම පොරොන්දු ඉෂ්ට කරන වග පෙනෙනවා. දැනට ටී. එන්. ඒ. ඊළඟට? (නි)
සිංහල අය වගේම දෙමළ අයත් අවංක උනොත් හරි නැත්නම් නැවත රට ලේ විලක් (නදී)
උතුරු පළාත් සභාව ඉල්ලුවෙම හමුදාවෙ කෙනෙක් එපාම කියලා. ඔන්න දැන් ඒක හරි. (නි)
පොරොන්දු ඉටු කිරීම හොඳ දෙයක්. නමුත් මෙවැනි දේ වෙලාවටත් කලින් කිරීම නම් සුදුසු නැහැ. මහා මැතිවරණයෙන් පසු මේවා ගැන සිතන්න තිබුණා. අප දන්නා තරමට ජාතිවාදී හැඟීම් තිබෙන අය මොන වරප්‍රසාද ලැබුනත් කිසිදා ඉන් බැහැර වන්නේ නම් නැහැ. (නදී)
මේ උතුරටය. නැගෙනහිරින් එනකොට බලමුකෝ.... බඩගින්නේ හරි මේ රටේ නිදහසේ ඉන්න අපිට පුළුවන්කම තිබුණා. (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු ... (නි)
ගිවිසුමේ පළවෙනි වගන්තිය ඉෂ්ට කළා ඔන්න. (හේ)
දුන්නහම ඉවරයි ඉල්ලන සියලු දේ. අපට බැරියයි පව ගෙවන්න. (නදී)
මෙම මාරුවීම හදිසියේ කිරීමට තිබු අවශ්‍යතාව කුමක්ද ? උතුරේ ප්‍රශ්න හොඳට වටහාගෙන, මොලේ ඇතුව වැඩ නොකොලොත් , අපි අමාරුවේ (නදී)
සිවිල් කටයුතු සිවිල් නිලදාරී විසින් පාලනය කරන්න ඕනා. කාලෝචිත දෙයක් කරලා තියෙන්නේ. මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් දිය යුතු වෙනවා. නැත්නම් නැවතත් යුද්දයක් ඇතිවේවි. හමුදාවේ රාජකාරිය දෙන ඉවරයි. දැන් තියෙන්නේ දේශපාලන විසඳුමක් දෙන එක. (නදී)
අනේ රටට වෙනදේ. (නදී)
රතන හාමුදුරුවෝ සහ චම්පික දැන් කෝ ? (නදී)
මෙම මාරුවීම් හදිසියේ කිරීමට තිබූ අවශ්‍යතාවය කුමක්ද ? (නදී)
ඉතා විශිෂ්ට විදේශ සේවා පරිපාලකයෙක්. කිහිප වරක්ම අපේ රටේ ප්‍රශ්න සාර්ථකව නිරාකරණය කරගත්තා. (නි)
සිවිල් පාලනයකට සිවිල් ආණ්ඩුකාරවරයෙක් තමයි දිය යුත්තේ. අකමැත්තෙන් වුවද කිව යුත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකා කිසිදු අමාත්‍යදුරයක් දැරීම සිදු නොකළ යුතුය. මක් නිසාද උතුරේ විතරක් නොව දකුණේද තිබෙන්නේ සිවිල් පාලනයක් බව ඔබලාට අමතක වී ඇති බවයි. (නදී)
සිහලුනේ උතුරේ ඉන්නේ මිනිසුන් නෙමෙයිද? සතුන්ද? (නදී)
තව ගොඩක් දේ දෙන්න තියනවා (නදී)
එළිවෙන ජාමෙටලු හොඳ හොඳ සෙල්ලම්. අයියෝ අපේ රට (නදී)