චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පාර්ශවකරුවන් ජෝන් කීල්ස් සමාගමට කොළඹ වරායේ අක්කර 10 ක බිමක් නැව්වලට තෙල් සැපයීමේ කටයුතු සඳහා පෞද්ගලික අංශයට පැවරූ ආකාරය වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කළත් වසර ගණනාවක් යනතුරු නීතිපති රහස් පොලිසිය හා අල්ලස් කොමසාරිස් ඒ සම්බන්ධයෙන් කිසිත් ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර හා විමල් වීරවංශ මහත්වරු අද (30) අල්ලස් කොමිසමට යළිත් සිහි කැඳවීමක් කළහ.
නානායක්කාර මහතා පැවසුයේ තමා 2007 දී හිටපු ජනපතිනිය ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අනුව එම ගනුදෙනුව නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ බවයි. ඒ අනුව ජෝන් කීල්ස් සමාගමෙන් එම ඉඩම යළි පවරාගත් බවද සේවකයනට වන්දි ගෙවූ බවද එහෙත් වැරදි කළවුන්ට මෙතෙක් දඬුවම් දී නැති බවද එය ශ්‍රේෂ්ඨාධිකරණ නීතිය කඩකිරීමක් බවද ඔහු කියයි.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
(වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඡායාරූප ස හ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට එදානේ මේවා කරන්න තිබුණේ. මයි කාර් මයි පැට්‍රල් (බ)
මෙය හොද පැමිණිල්ලක්..වැරදි කරපු අය අපේ ඡන්දෙ අරගෙන බලු වැඩ කරේ පුළුවන් තරමක්,,රටට ඔවුන් කරපු දෙයක් නෑ. රට බේර ගත්ත මනුස්සය දැන් හිරේ දාන්න දගලනවා (බ)
මෙයාලා අවරුදු දහයක් ගියාද මේ පැමිණිල්ල දාන්න..ඇත්තටම මේක නම් මාධ්‍ය සංදර්ශනයක් වගේ හොදට පේනවා..අනේ මේ කාටද කඩේ යන්නේ..මෙයාලා උත්සාහ ගන්නේ ගිය ආණ්ඩුවේ හොරු ආරක්ෂා කරන්න වගේ කියල හොදට පේනවා..(බ)
දැන් මේවා මාධ්‍ය සංදර්ශන නෙමෙයිද?(බ)
දේශපාලන අනාථ වුවන් දෙදෙනෙක්. ඇයි යහපාලනය එනකම් සිටියේ මේ දේවල් ඉදිරිපත් කරන්න .(ම)
අනේ මෙම අනාථයන් දෙන්නගේ තියන වෛරය පේනවා නේද ? විමලේ සුදනද? (බ)
විමල් බොරුවට කෑගහල ටිකක් කෙට්ටුවෙලා...(බ)