රෝමයේ පිහිටි ලෝක ආහාර සංවිධානයේ පවත්වන පොසොන් පින්කමට සහභාගි වීම සදහා පැමිණ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එසෑණ සමග කෙටි දුරකථන සංවාදයකට එක් විය.
ප්‍රශ්නය - 13 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගැන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යම් මත ගැටුමක් නිර්මාණය වෙලා තිබේද?
පිළිතුර - නැහැ. එවැනි මත ගැටුමක් නොවෙයි, මත ප්‍රකාශ කිරිමක් පමණයි මෙතන තියෙන්නේ. සන්ධානයේ පක්ෂ 12තිබෙනවා. ඔවුන්ගේ මත ඔවුන්ට ප්‍රකාශ කිරිමට නිදහස තිබෙනවා. නමුත් අපි තවම අවසන් තිරණයකට ඇවිත් නැහැ. අවසන් තීරණයේදි ඒ හැමෝම රජයක් විදියට එකට ඉඳීවි. ශ්‍රේෂ්ඨාධිකරණය තිරනය කළොත් පාර්ලිමෙන්තු තුනෙන් දෙකේ බලයක් මේ සදහා අවශ්‍යයි කියලා අපිට පාර්ලිමෙන්තු ඡන්දයකට යන්න වෙනවා.
ප්‍රශ්නය- හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග නැවතත් කරලියට ඇවිත්. ඇගේ මේ ආගමනය විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන ඒමට බවයි බොහෝ දෙනා පවසන්නේ. ඔබ මෙය දකින්නේ කොහොමද?
පිලිතුර- ඇගේ පුතා විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ අයිතිය ඇයට තිබෙනවා. නමුත් නායකත්වය භාර ගැනීමට නම් පරිනත දේශපාලකයෙක් විය යුතුයි. රටේ නායකත්වයට පත් වු හැමෝම හොඳ දේශපාලන අත්දැකීම් ඇති අයයි.
ප්‍රශ්නය- ඇගේ නැවත ආගමනයත් සමග ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමේ අවදානමක් පවතීද ? රජයේ ඈමතිවරයෙක් පවා කියා තිබුණේ හිටපු ජනාධිපතිනියට උදව් දෙන මැති ඇමතිවරුන් සිටින බවයි.
පිළිතුර- මොන පිස්සුද? දේශපාලන අනාතයින් වෙන්න කවුද කැමති. එහෙම කිසිම තොරතුරක් මට ඇවිත් නැහැ. පක්ෂය දෙකඩ වෙනවනම් වෙන්න තිබුනේ 2005 ජනාධිපතිවරණයේදී. කවුද කකුලෙන් ඇද්දේ කවුද මග ඇරියේ කියලා හැමෝම දන්නවා. යට හිටියේ කවුද කියලත් දන්නවා.
ප්‍රශ්නය- රාජිත සේනාරත්න ඇමති මෑතකදි ප්‍රසිද්ධ වෙදිකාවේ කියා හිටියා තමන්ගේ දේශපාලන ගමන නවත්වන්න බෞද්ධ බලවේගයක් ක්‍රියා කරනා බව. මේ පිළිබදව ඔබට යමක් කියන්න පුලුවන්ද?
පිළිතුර - ඈත්තෙන්ම එතුමාට වෙනමම දේශපාලන මතයක් තියෙනවා. ඒ මතයට විරුද්ධ පිරිස් නොයෙක් දේ කරනවා ඇති. හැබැයි මොන බලවෙගයට වුවත් කිසිම පැවැත්මක් නැහැ, එයාලගෙ අරමුණත් ඒ අයට ඉන්නේ කවුද කියලා දැන ගත්තු දවසට.
ප්‍රශ්නය- ඔබ බෞද්ධයෙක්. මෑතක සිට රටට නොයෙක් බෞද්ධ බලවේග බිහි වෙනවා. ඇතමුන් එයට පක්ෂයි, තවත් අය විරුද්ධයි. ඇතැම් බලවේග නීතිය අතට ගෙන ක්‍රියා කරන බවයි පෙන්න තියෙන්නේ. කඩ වහන්නත් ආයතන වලට පැන බඩු බාහිරාදිය අතඩංගුවට අරගන්නත් ඔවුන්ට බලය දුන්නේ කවුද කියලා බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. පොලිසිය එන්නේ ඔවුන් අතඩංගුවට ගත්තු බඩු අරන් යන්න.?
පිලිතුර - ඔවුන් තවම හරි තැනකට පැන්නේ නැහැ. ඒ වගේ තැනකට පැන්න ගමන් රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි බලා ගන්න පුලුවන්.
ප්‍රශ්නය- විදෙස් සංචාර වලට එන ඇතැම් මැති ඇමැතිවරු ඒ රටවලට ඇවිත් ඇසුරු කරන්නේ රටින් පැන ඇවිත් ඉන්න රටේ නම ගිය අපරාධ කාරයෝ. මෙවැනි දේ රජයට කැළලක් නොවෙයිද?
පිළිතුර- මේ පිළිබඳව පැවසීම ගැන මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මාම ලංකාවට ගිය ගමන් ජනාධිපතිතුමා දැනුවත් කරනවා.තමන්ගේ බුද්ධිමට්ටමින් තමන් දැනගතයුතුයි ඇසුරු කල යුත්තේ කවුද කියලා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න අලුත්ම රෝම සවාරි බයිලා , අහන්නකෝ!..(අ) .
ඔක්කොම සිංහල නායකයන් කරලියට එන්නේ සිංහල කම රකිනවා කියල හැගීම් අවුස්සලා. බලය ලැබුනට පස්සේ හැමදේම අමතක වෙනවා. බලයේ රැදී ඉන්න තමයි උත්සහ කරන්නේ.(නදී)
කොහොමත් තැනින් තැන එකින් එක කියන ලජ්ජා නැතිකමම තමා සුදුසුකම.(නදී)
විමුක්තිට දේශපාලනය කරන්න තිබුණ හැකියාව නෙතිකලේ චන්ද්‍රිකා. අවුරුදු 12 තිස්සේ අපේ ඡන්ද අරගෙන පිස්සු නැටුව. 17 වසරක වුණත් අදම පාලන නවත්තල චන්ද්‍රික රට අරගෙන තමන්ගේ දරුවන්ටත් දේශපාලන අනාගතය නැති කලා (අ)
විමුක්තිට පුලුවන්ද දේශපාලනය කරන්න (අ)
සනත් , අනර්කලී , පබා ,තව ගොඩක් අයට දේසපාලනය කරන්න පුලුවන්නම් අයි විමුක්තිට බැරි .(අ)
මේ රටේ දේශපාලනය කරන්නේ කවුද කියලා දන්නාව. ඉතින් විමුක්ති මේ දේවල් සපුරා තිබෙනවද? දෙශපලනේය කරන්න? (අ)
විමුක්ති දේශපාලනයෙන් ඉවත් කලේ චන්ද්‍රිකා. ඔහු සමග එක්වෙන්න ඇමතිවරු කීප දෙනෙක් ඉන්නවා. හැබයි මහින්දට ඇති බය නිසා කට හොලවන්නේ නැහැ. ඔහුට දේශපාලනය කරන්න සුදුසුකම් තියනවා. ඔහු හොර විභාග ලිව්වේ නැහැ. ඔහු විජයගේ පුතෙක් නම විමුක්ති කුමාරණතුංග. බණ්ඩාරනායක නොවේ.(නදී)
ඔව් ඔව්, චන්ද්‍රිකාගේ පුතාට ඡන්දෙ ඉල්ලන්න විතරක් නෙවෙයි ඉල්ලලා රට කන්නත් අයිතියක් තියෙනවා. ඇයි මෙච්චර කල් හිටපු එකේ එංගලන්තෙට වෙලාම ඡන්දේ ඉල්ලන්න පුළුවන්නේ? ඇයි මේවගේ දුප්පත් රටකට එන්නේ ඒකට විතරක්?(නදී)
ඔව් ඔව් අසංග ඔබ හරි එයාලට පුලුවන්නම් මොකද වෙන්නේ. මෙයා එන්නේ දේශපාලන පවුලකින්. අම්මා තාත්තා දෙන්නම දේශපාලනය කළා.(නදී)
විමුක්ති ලංකාවේ දේශපාලනය කරන්න උපරිම සුදුසුකම අරන් තියෙන්නේ, මොකද පශුවෛද්‍ය වරයෙක් නේ. (අ)
අපරාදේ අර ජේ.වී.පී යක්කු විජයව මරා ගත්තේ. නැත්නම් චන්ද්‍රිකා තාමත් අර මහජන පක්ෂෙට වෙලා ප්‍රභාකරන්ට දොල පිදේනි දෙන ගමන් සාම කුරුල්ලෝ ගොඩේ ඉන්නවා. අර දෙයියනේ කියලා එංගලන්තෙට වෙලා සතෙකුට වෙදකමක් කරගෙන ඉන්න එකාව මෙහෙ ගෙනත් අමාරුවේ දාන්න මේ හදන්නේ.(නදී)
අර එංගලතේ ඉගෙන සිංහල කියල කියන්නත් ලජ්ජය් කියපු කෙනාද (අ)
මොන යකා හරි ඇවිත් මේ ජරා ගොහොරුවෙන් රට බේරාගන්නවානම්.(නදී)
විමුක්තිට විතරක් නෙමේ අපි හැමෝටම දේශපාලනය කරන්න පුලවන්. අර ඇමරිකාවේ හිටපු අයට පුලුවන්නම් ඇයි අපිට බැරි. ඇයි විමුක්තිට බැරි.(නදී)
විජේ කුමාරතුංග මැතිතුමා ඉතා වටින කෙනෙක්. එතුමට මම ගරු කරනවා. එතුමාගේ පුතාට දේශපාලනය කරන්න පුළුවන්. එය නවත්වන්න කාටවත් පුළුවන් කමක් නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියටත් එතුමියගේ පියාටත්,මෑනියන්ටත් අපි ගරු කරනවා. වත්මන් රජය දැන් ජනතාව අසරණ කරලා. ස්තුතියි.(නදී)
මම හිතනවා විමුක්ති තත්තා වගේ අවංක කෙනෙක් කියල, අනිත් එක සීයාගේ,අචිගේ අබසයත් තියෙනවනේ. එය අම්ම වගේ වැඩ කරන එකක් නෑ, මම එකක් දන්නවා. එය අවොත් ස්ල්ෆ්ප් එකෙන් එය ගමහ නො 1. හැමෝම එයට චන්දෙ දෙනවා. කටන , අතනගල්ල,ගම්පග,දොම්පේ,මිනුවන්ගොඩ,දිවුලපිටිය සේරම විමුක්තිට. (අ)
මොනවා වුනත් චන්ද්‍රිකාගේ කාලේදී කෝටි 10-15 වටිනා ලැම්බෝගිනි,ෆෙරෙරි,පොර්චේ කාර්, ප්ලේන් ගෙනාවා කියලා ඉතිහාසයේ සදහන් වෙලා නැහැ නේද? (නි)
දඩ ගෙවමින්,බදු ගෙවමින්,කන්න අදින්නවත් බැරිව දුක් විදින අපිව වහල් ජීවිතයෙන් ගොඩ ගන්න කවුරු වුනත් අපි ඔහුට ණයගැතියි (නි)
පාරට වාහනයක් දාන්න බැහැ, එකසිය ගානට ට්‍රැෆික් පොලිස්. පාරක් පනින්න බැහැ අල්ලලා උසාවි දාලා දඩ ගහනවා. බලාගෙන ගියහම මිනීමරු ප්‍රබාකරන් අසරනයන්ගෙන් බදු අය කලාට වඩා අද අපේ රටවැසියන්ගෙන් බදු සහ දඩ වසයෙන් අය කර ගන්නවා. ඉතින් අපි වහලුන් සේ ජීවත් වෙනවට වැඩිය නිදහස්ව ජීවත් වෙන්න හිතන්නේ නැද්ද? අපේ සහ දරුවන්ගේ විමුක්තිය ගැන හිතන්නේ නැද්ද? (නි)
චන්ද්‍රිකා ඉන්දියාවට වෙලානේ හිටියේ පසුගිය දවස්වල (නි)
අපිත් විමුක්ති සමගයි. මේ ආණ්ඩුව වට්ටලා අපි විමුක්තිව ඉදිරියට ගේනවා.(නදී)
අද අපේ රටට පරිනත වෙන්න ඕනෙම නැහැ දේසපාලනය කරන්න. පෙන්නේ නැද්ද දෙක පාස් මිනිස්සුත් දැන් දේසපාලනය කරන්නේ.(නදී)
රත්න හරි මේ සත්ව දූපත බාරගන්න පශු වෛද්‍යවරයෙක්ම වෙන්න ඕන තමා. වැඩිහරියක් පිස්සු බල්ලෝ ,පිස්සු පුසෝ දැන් පිස්සු ඌරොත් ඉන්නවා.(නදී)
කැනඩා දිසා - ඔබේ කොමෙන්ට් එක මල් හතයි. (අ)
විමුක්තිට ලංකාවේ කෙනෙක් කියල කියන්නත් ලැජ්ජයිනේ. එහෙව් රටේ දේශපාලනය කරන්න ලජ්ජා නැද්ද ?.(නදී)
විමුක්ති, තියා ඔබාමා ආවත් මහින්දව හොල්ලන්න බැහැ. සමහරවිට යු.එන්.පී ඡන්දනම් අඩුවේවි.(නදී)
පෙරේරා මහත්තයෝ, මෙහේ ඉන්න සත්තුන්ට බෙහෙත් දෙන්න තාම එයාව ගෙන්නන්න දේශපාලනයට සුදුසුයි කියන්න අමාරුයි.(නදී)
දවසේ හොඳ විහිළුව
විමුක්ති කියන නමෙම්ම කියවෙනවා අපේ රටට විමුක්තිය ලගා කර දෙනවා කියල.මොකා වුනත් කමක් නැහැ මේ විනාස වුන රට ගොඩ ගන්නවානම්.(අ)
මෙලෝ රහක් නේ '(අ)
ලංකාවට නිවාඩුවට ආව දවස් 40 දී මම කතා කල කිසිම කෙනෙක් මේ රජයට හොදයි කියලා නැහැ. කන්න අදින්න නැතිව බඩ ගින්නේ ඉද්ද්දී මොන මෝඩයද හොදයි කියන්නේ. රජයට දඩ ගෙවමින් වහල්ලු වගේ තමයි ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ. අඩුම වශයෙන් එක්කෙනෙක් වත් හොදයි කියන අය හොයා ගන්න මම උත්සහ කලා. සුදු වෑන් නිසා බයේ ඉන්නේ කතා කරන්නේ නැහැ.(නදී)
විමුක්ති පුතා තවම දේශපාලන හෝඩියේ .2014 අපි රනිල්ව රජ කරවමු .(අ)
විමුක්ති හොද ජනතා විමුක්ති පෙරමුණට අනේ. (අ)
කුමාරසිරි එහෙම නෙමේ විමුක්ති තියා ඔබාම ආවත් මේරට ගොඩ දන්නා බැහැ (අපේ මිනිස්සුන්ගේ ආකල්ප නිසා ) (අ)
කුමාරසිරි, ඔයාට තියෙන්නේ යුනියන් මොලයක් , අපිත් කැමති නැහැ මහින්ද මහත්තය හෙලවෙනවට එක වෙනම කතාවක් , හැබැයි මහින්දට වැඩ කරපු මේ රටේ ජනතාව හෙලෙවුව පරෙසමට වචන පාවිචි කරන්න (අ)
පහන් ඔයාගේ කටට සිනි දන්නා වටිනවා.... කාලකෙට පස්සේ ඇත්ත කතාවක් ඇහුවේ (අ)
පැණි කාපු එකාම තමා පැණිවල රසය දන්නේ. එන්න එන්න ඇවිල්ලා තිබෙන දෙයක් කාගෙනම යන්න. මේ රට අයිති දේශපාලකයන්ට පමනක්නේ.(නදී)
දේශපාලනයේ රස ඒගොල්ලා දන්නවා.(නදී)
'පරෙසමට වචන පාවිචි කරන්න' ඒ මොන දේකටද? එයටත් එයාදේ අදහස් කියන්න ඉඩ තිබෙනවා ඒ අදහස් පත්තර අදහස් වලට ගලපෙනවානම් පමණක්. නැතිනම් නො චාන්ස්.(නදී)
'කුමාරසිරි එහෙම නෙමේ විමුක්ති තියා ඔබාම ආවත් මේරට ගොඩ දන්නා බැහැ. මොකක්ද ඔබාමාගේ ලොකුකම. විකාර.(නදී)
අම්මා අවුරුද 10 රට කෑව දැන් පුතාට දෙන්න හදනවා (අ)
චන්ද්‍රිකාවෝ කුලවමිය රට පාලනය කළ අවුරුදු 12 කාලය තුලදී කරපු එකම හොඳ වැඩේ තමයි ශ්‍රේෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාව දේශපාලනයට හදුන්වාදීම.(නදී)
ඔවුන් තවම හරි තැනකට පැන්නේ නැහැ. ඒ වගේ තැනකට පැන්න ගමන් රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි බලා ගන්න පුලුවන්??? ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එකයි. (අ)
කුමාරසිරි ඔය හිතනහැටි වරදියි කියල තේරුම් ගන්නත් එක්ක මහජනතාව එක්ක තව ලගින් ඇසුරු කර බලන්න.(අ)
විමුක්තිටත් දේශපාලනය කරන්න අයිතියක් තිබෙනවා , නමුත් පවුල්වාදය හොඳ දෙයක් නොවෙයි , අපි උගත් බුධිමත් තරුණ පරම්පරාවට තැනක් දෙමු , (අ)
මෙයා උතුර බලපුවහම් පේන්නේ දකුණ ඒ වගේ තමයි මෙයාගේ කතාත් කිසිම තේරුමක් නෑ.(නදී)
මොකද අම්ම හම්බකරපු ඒවා මදිද ? මේ රට අම්ම විනසකල ඇති, ඔයා පැත්තකට වෙලා ඉන්න. ශ්‍රි ලාංකිකයෙක් කියල කියන්නත් ලැජ්ජයි කියලා තිබුණා නේද ලන්ඩන් වලදී. (අ)
නැතුව නැතුව.ලංකාවේ දවසක්වත් ඉදල නැතුව,ලංකාවේ සංස්කෘතියක් ගැන නොදැන එංගලන්තේ හැදිලා ලංකාවට ඇවිත් මේක එංගලන්තයක් කරන්නට අය්තියක් තියෙනවා.ඇවිත් කොරල බලන්නකෝ.සුද්දොත් හරි කැමතිය් සුද්දෝ වගේ හදුනා ලංකාවේ එවුන් බලයට එනවට.එතකොට නිකන්ම රට උන්ගේ අතේ. (අ)
දැන් රට කන්නේ නැද්ද?(නදී)
පිටබට්ටල ජයා . මම ලස්සන වචන පාවිචි කරන කෙනක් . ජේ.ආර් .පෙරමදාස ,ඩ.බී . චන්ද්‍රිකා, මහින්ද ඔය හැමෝගෙම ආණ්ඩුවල මම ජීවත් වුනා. පොළොවට පය ගහල ඉන්න අපි ,කැමැති නැහැ "දවල් වැටුණු වලේ --- වැටෙනවට .(අ)
ඔය ඔක්කොම දේශපාලුවන්ගේ පැවැත්මට විතරයි. හරි හැටි ඉගැනීමක් තිබුනානම් ඔහොම කරන්න බැනේද ?(නදී)
මට නම් කියන්න තියෙන්නේ ජනාදිපතිතුමා තමා මේ රටේ සාමය උදාකළේ. ඒත් ඒ තැන දෙන්න කැමති නැහැ සමහරු. මොකද ඒ අය බලන්නේ එක එක පාට කන්නාඩි දාගෙන. කව්රු මොනවා කිවුවත් එතුමා ලංකාවේ ඉතිහාසගත වෙලා ඉවරයි (නි)
ද සිල්වා බෙර්ලින් එතකොට දැන් තියෙන්නේ පවුල් බලයක් නෙමේද?.(නදී)
විමුක්ති සහ සජිත් තමා රටට සුදුසු නායකයන් (අ)
මහින්ද ජනපතිව පරාද කරන්න අත්ලාන්තික් සගරෙන් දවස් හතක නල එන්න වෙය්. අපි මහින්ද සමගයි (අ)
විජේ කුමාරතුංග මැතිතුමාගේ වටිනාකම කුමක්ද යන්න අපට පහදා දෙන්න (නි)
මේක පුදුම කෙරුවාවක් සීයාගෙන් ආච්චිට ආච්චිගෙන් දුවට දුවගෙන් පුතාට හරියට රජ පෙලපලත වගේ මහජන මුදලින්මයි පරම්පරා 7 ම ජීවත්වෙන්න හදන්නේ. රට කෑවා ඇති මේද පාර අපි තෝරමු සිංහල ජාතිය සුරකින නැති බැරි අපිව ගොඩ දාන්න පුළුවන් ඇති හැකි අය දේසපාලනේට අලුත්ම මුහුණු හැටියට. (අ)
"අපි උගත් බුද්ධිමත් තරුණ පරම්පරාවට තැනක් දෙමු " ඉතින් අපි ඔය කියන තරුණ පරම්පරාව කොහෙන්ද ගෙන එන්නේ? ඒගොල්ලෝ මේ මගුල් සක්වලේ කොහෙද ඉන්නේ? (නි)
ඇමති තුමා කිව්වා චන්ද්‍රිකාගේ පුතාට විමුක්ති කුමාරතුංගට දේශපාලනයට ඒමට නීතියෙන් අයිතියක් තිබෙනවා. මම ලඟදි පුවත් පතක කියෙව්වා මර්වින් සිල්වාගේ පුතා මාලකත් දේශපාලනයට ඇතුල් වනවා කියා. අපේ ලංකාවේ තවම මහජනයා ඡන්දය දෙන්නේ මේ වගේ අයටම තමා. බුද්දිමත් ඡන්ද දායකයන් බිහි වන තුරු මේ ඕනෙම කෙනෙකුට දේශපාලනය කර පර්ලිමෙතුවට පැමිණිය හැක . සිංහලයන්ට ඕනෙම දෙයක් මතක හිටින්නේ දවස 6 යි. හත් වෙනි දවසේ සියල්ල අමතකය . මේක ප්‍රබාකරන් කියපු කියමනකි.(නදී)
ලංකාවේ දේශපාලනය ඉස්සර ඉඳන්ම පවුල් අතරේ බෙදී ගිය දෙයක් . මේවට කඩේ යන ලාංකිකයන් බොහෝ නිසා ඔවුන්ට පවුල් දේශපාලනය ඉදිරියටත් කර ගෙන යෑමට හැකි . නිතියෙනුත් අවසර . මහජනතාවගෙනුත් අවසර . බලයට අරන් පස්සේ කෑගහනවා . පවුල මාරු කරනවා . අපහු බනිනවා . අවුරුදු 70 ක පමණ දේශපාලනය ඔහොමම තමා සිදුවන්නේ (අ)
චන්ද්‍රිකා රජ වුනේ මහින්ද ගේ කරෙන් ගිහින්. කල ගුණ කියන එක බින්දුවට තියා ගෙන චන්ද්‍රිකා වැඩ කලේ. මම හිතන්නේ නැහැ පුතාට මහින්දගේ කරේ නගින්න පුළුවන් වෙයි කියලා. තියෙන එකම කර දන්නවනේ කාගේ කරේද කියලා. රනිල් ගේ කරයි මංගල ගේ කරයි. විජය හිටයානම් යාපනයේ රජ්ජුරුවෝ සහ කොළඹ උප රජ්ජුරුවෝ ප්‍රභාකරන්. මිනිස්සු විසිල් ගගහ චිත්‍රපටි බලනවා වගේ අන්තිමට ලංකාවට යන එන තැන් නැතිවෙනවා. නළුවෙක් කියන්නේ රග පාන්නෙක් බව තේරුම් ගන්න අපිට බැරිව ගියේ මෝඩ කණ්ඩායමක් ඒ නළුව මරා දමපු නිසා.(නදී)
ආ අනිකුත් තැන් ලංකාවේ නොවෙයිද? හරි තැන දන්නවනම් කටවහන් ඉන්නේ හෙළිකරන්න.(නදී)
විමුක්ති ඔබගේ පියා වෙනුවෙන් අපි ඔබ සමගයි.(නදී)
මගේ ඡන්දය විමුක්තිට, චන්ද්‍රිකා මැතිනිය වගේම රටට විශාල සේවයක් කරයි කියල බලාපොරොත්තු වෙනවා.(නදී)
ඔහොම යන් (අ)
මෙයා එක සැරයක් කිව්වේ ලංකාවේ ඉපදුනු එක ලැජ්ජයි කියලා. කියන්නත්..(අ)
තමන්ගේ බුද්ධිමට්ටමින් තමා ඔය ඇසුරු කරන්නේ , තව මොනවද ..(අ)
ඉන්දියාවට ඕන දේ කරන්න හොදම රූකඩය කලින් හිටිය පරපුර.(නදී)
"මේදා පාර අපි තෝරමු සිංහල ජාතිය සුරකින නැති බැරි අපිව ගොඩ දාන්න පුළුවන් ඇති හැකි අය දේශපාලනේට අලුත්ම මුහුණු හැටියට. අසේල එහෙනම් අපට රොබෝ කෙනෙක් හදන්න වේවි.(නදී)
කීවත් නැතත් අයිතියක් තියෙනවා. එන්න අම්මා වගේ නැතිව තාත්තා වගේ දේශපාලනය කරන්න මල්ලී (අ)
"විමුක්ති ඔබගේ පියා වෙනුවෙන් අපි ඔබ සමගයි" එයාගේ පියා මොනවද කෙරුවේ? සින්දු කියා කියා මල් ගස් වටේ ගියා මිසක්. (නදී)
උදය , නළුවා හිටියා නම් මෙලහකට සින්දුවක් දෙකක් කියලා රගපාලා. එයා මැරුණත් හරි එයාගේ හාමිනේ එයාගේ අරමුණ ඊටත් වඩා රග දැක්කුවානේ අවුරුදු 12 ක්ම යස අගේට.(නදී)
ගොඩක් බය වෙලා තියෙන්නේ අප්සරාවෝ බලන්න බැරිවුන කොල්ලා.(නදී)