හිටපු ජනපතිවරුන් දෙදෙනකු වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (70) හා මහින්ද රාජපක්ෂ (70) පත් කළ මන්ත්‍රීවරුන් වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමේ ඉඩකඩ බෙහෙවින් ඇතැයි ඒ දෙදෙනාට සමීප ආරංචි කියයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවක් අද හෝ හෙට ඇමතීමට නියමිත අතර එහිදී ඔහු පත් කළ මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමේ යෝජනාවක් ඉදිරිපත් වීමට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා තවත් කාලයක් දේශපාලනය කළ යුතුයි. දකුණේ අපි හැමදාමත් රට බේරාගත් නායකතුමා සමගයි (නදී)
මේ පිළිබඳව අවදානය යොමුකළ යුතුයි. හේතුව පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතවරු ජනතාවට වගකිව යුතුයි. යම් වරදක් කර අැත්නම් ඔවුන් අදිකරණයට ගෙන යා හැකි විය යුතුයි. නමුත් හිටපු ජනාදිපතිවරු අධිකරණයට ගෙනයා නොහැක. මෙය ජනතා පරමාධිපතයට පටහැනිය. (නදී)
අනේ මේ අය පැන්ෂන් ගීයා නේද (නදී)
මහින්ද නැත්නම් ඕක පාර්ලිමෙන්තුවක්ද? (නදී)
" යහළු යෙහෙළි " (නව මුද්‍රණය) අපිට බලන්න පුලුවන්වෙයිද? (නි)
වෙන රැකියාවක් කරන්න හිතෙන්නේම නැද්ද? (නි)
එතුමා හා එතුමිය දෙදෙනාම පාර්ලිමේන්තුවට එන නවකයන්ට හොඳ මඟපෙන්වීමක් වේවි (නි)
මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි. (නි)
"යහළු යෙහෙළි " ( අ )