ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ නවතම සොයාගැනීම වන දිනේෂ් චන්දිමාල් ඊයේ (1 වැනිදා) පැවැති පුහුණුවීම් වලදී පන්දුවක් අතේ වැදීම නිසා තුවාල ලැබීය. තුවාල ලැබීමෙන් අනතුරුව පරීක්‍ෂණ කිහිපයක් සඳහා කේප්ටවුන්හි පිහිටි රෝහලක් කරා චන්දිමාල් ගෙන යන ලදි. ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු අනුර තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ වෛද්‍යවරයකු විසින් දිනේෂ් චන්දිමාල් පරීක්‍ෂා කර බලන තුරු ඔහු පිළිබඳව කිසිවක් කිව නොහැකි බවයි. ඩර්බන්හිදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ චන්දිමාල් එහිදී පැවැති තරගයේදී අර්ධ ශතක දෙකක් ලබාගත් අතර එම තරගය ලකුණු 208 කින් ජයගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ඉක්මන් සුවය ලැබේවා
කොරල තියෙන්නේ... අනේ මන්ද මොකක් වෙලා ද කියල....