රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක ශූරතා තරගාවලියේ අද (03) පැවති තරගයකින් ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල කණ්ඩායම පරදවා ලකුණු 147 ක දැවැන්ත ජයක් ලබාගැනීමට ඉන්දියාවේ චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායම සමත්විය. මේ ඔවුන් තරගාවලිය තුළදී පිට පිට ලැබූ තෙවැනි ජයග‍්‍රහණයයි.
එහිදී අගනා ඉනිමක් කී‍්‍රඩා කළ චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායමේ ජාස්කරන් සිං පන්දු 30 කට මුහුණ දෙමින් වේගවත් ලකුණු 63 ක් ලබාගත්තේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි.
චන්දිගාර් කණ්ඩායමේ ගුරින්දර් සිං පන්දු යැවීමේදී ලකුණු 27 කට කඩුලූ 4 ක් දවාගනිමින් නිව් සවුත් වේල්ස් කණ්ඩායම ලකුණු 78 කට සීමා කිරීමට සමත්විය.
චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායම ඕවර 20 තුළදී කඩුලූ 8 ක් දැවී ලකුණු 225
(ජස්කරන් සිං 63, දීපක් ශර්මා 30, කුනාල් මහජන් 45, ගුරින්දර් සිං 17, සිම්රන් සිං 36, ආටිශ් බාලික් 19, ගෝඞ්න් අට්ලා 38/4)
නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල කණ්ඩායම ඕවර 20 තුළදී කඩුලූ 8 ක් දැවී ලකුණු 124
(චාර්ස් වැකීම් 16, තෝමස් රොජර් 13, හේඞ්න් නිකලස් 11, ගුරින්දර් සිං 27/4, රතන් සිං 15/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd