IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චන්දිගාර් සරසවි පිළට දැවැන්ත ජයක්

රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක ශූරතා තරගාවලියේ අද (03) පැවති තරගයකින්  ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල කණ්ඩායම පරදවා ලකුණු 147 ක දැවැන්ත ජයක් ලබාගැනීමට ඉන්දියාවේ චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායම සමත්විය. මේ ඔවුන් තරගාවලිය තුළදී පිට පිට ලැබූ තෙවැනි ජයග‍්‍රහණයයි.

එහිදී අගනා ඉනිමක් කී‍්‍රඩා කළ චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායමේ ජාස්කරන් සිං පන්දු 30 කට මුහුණ දෙමින් වේගවත් ලකුණු 63 ක් ලබාගත්තේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි.

චන්දිගාර් කණ්ඩායමේ ගුරින්දර් සිං පන්දු යැවීමේදී ලකුණු 27 කට කඩුලූ 4 ක් දවාගනිමින් නිව් සවුත් වේල්ස් කණ්ඩායම ලකුණු 78 කට සීමා කිරීමට සමත්විය.

චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායම  ඕවර 20 තුළදී කඩුලූ 8 ක් දැවී ලකුණු 225
(ජස්කරන් සිං 63, දීපක් ශර්මා 30, කුනාල් මහජන් 45, ගුරින්දර් සිං 17, සිම්රන් සිං 36, ආටිශ් බාලික් 19, ගෝඞ්න් අට්ලා 38/4)

නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල කණ්ඩායම  ඕවර 20 තුළදී කඩුලූ 8 ක් දැවී ලකුණු 124
(චාර්ස් වැකීම් 16, තෝමස් රොජර් 13, හේඞ්න් නිකලස් 11, ගුරින්දර් සිං 27/4, රතන් සිං 15/2)

 



අදහස් (0)

චන්දිගාර් සරසවි පිළට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site