IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චන්දිගාර් විශ්ව විද්‍යාලයට කඩුලූ 8 ක ජයක්

රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක ශූරතා තරගාවලියේ දෙවැනි දිනයේ පැවති පළමු තරගයෙන් පකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායම පරදවා කඩුලූ 8 ක පහසු ජයක් ලබාගැනීමට චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායම සමත්විය.

කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායමේ අමරා හසන් පන්දු 59 කදී ලකුණු 85 ක් රැස්කිරීමට සමත්විය. ඔහුගේ වේගවත් ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත්විය.

පාකිස්තානයේ ජයග‍්‍රහණ බලාපොරොත්තු සුන් කළ චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායමේ ජස්කරන් සිං පන්දු 44 කදී ලකුණු 75 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි.

කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායම  ඕවර 20 තුළදී කඩුලූ 9 ක් දැවී 138
(අමරා හසන් නොදැවී 85, අබ්දුල් ජබාර් 10, ගුරින්දර් සිං 4/27, විශ්වාෂ් කතක් 25/2, ටටන් සිං 34/2)

චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායම  ඕවර 15.4 ක් තුළදී කඩුලූ 2 ක් දැවී 139
(ජස්කරන් සිං 75, දීපාක් ශර්මා 28, සිම්රන් සිං නොදැවී 15, කුනාල් මහජාන් නොදැවී 14)



අදහස් (0)

චන්දිගාර් විශ්ව විද්‍යාලයට කඩුලූ 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site