හලාවත, අඹකඳවිල සංචාරක හොටල් කාමරයක් තුළ දි චීන ජාතික හෙදියකට ලිංගික හිංසනයක් සිදු කිරිමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි කාමර සේවයකයා බ්‍රහස්පතින්දා (19) දක්වා රිමාන්ඩ් කිරීමට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් හේෂාන් ද මෙල් මහතා විසින් අද (18) නියෝග කළේය.
මෙම චීන ජාතික හෙදිය මිතුරියන් දෙදෙනකු සමග මෙරට සංචාරයට පැමිණ පසුගිය 15 වැනිදා සවස එම හෝටලයේ ලැගුම් ගෙන ඇති අතර එදින රාත‍්‍රියේ ඇගේ කාමරයට පැමිණි කාමර සේවකයා ඇයට බලහත්කාරයෙන් ලිංගික හිංසනයක් සිදු කර ඇතැයි හලාවත කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයට චීන කත සිදුකළ පැමිණිල්ලේ සඳහන්ය.
පල්ලම, පහළයායේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදු වුනේ උතුරේ නෙමෙයි. තත්වය සෝචනීය නැහැ. (නදී)
සමන්ත කැකිල්ලේ රජතුමාගේ පරපුරේ කෙනෙක්ද කොහෙද ? (නදී)
එක සැරයක් පළාත් සභා කෙනෙක් රටේ නම කෑවා. දැන් තව කෙනෙක්. උපරිම දඬුවම් දෙන්න (නි)
සතියකට සැරයක් වත් හෝටල් වල ඉන්න අයට කියලා දෙන්න ඕනේ ආගන්තුකයන්ට සලකන හැටි. වැරදි කරොත් වෙන දේවලුත් මතක් කරලා දෙන්න වෙයි. (ර)
අපේ රටට මොකද වෙන්නේ? මේ වගේ දේවල් නිසා රටේ නම කැතවෙනවා (නි)
මෙයාට දෙන්න පුළුවන් හොඳම දඬුවම තමයි මුළු හතර වරිගයේම බවලතුන්ගේ නම් සහ පින්තූර ප්‍රසිද්ධ මාධ්‍යගත කිරීම. මෙන්න ස්ත්‍රී දුෂකයාගේ ගෙදර ඇත්තෝ කියලා. ගෙදර බවලතුන්ට එළියට බහින්න බැරිවුණාම රඟේ තේරෙයි. මට නම් මේ වගේ ජඩ වැඩ අහන කොටත් තරහයි. (නි)
මෝඩයා තේරුම් ගන්න ඕනේ චීන්නු කියන්නේ අනාගතයේ මේ රටේ අයිතිකාරයෝ බව (නදී)
මැදපෙරදිග රටවල වගේ සියලුම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කළයුතු අතර සිනමාහල් තුළ දැඩි නීති ක්‍රියාත්මක කළයුතුය.හෙට උපදින පරම්පරාවෙන්ම පටන්ගත්තා නම් වැඩේ හොඳයි. (නි)
මේවගේ දේවල් කැමැත්තෙන් කරන්න පුළුවන් කම තියෙද්දී ඇයි මේ පිස්සු මිනිස්සු හිරේ විලගුවේ වැටෙන්නේ කියලා මට නම් හිතා ගන්නවත් බැහැ. (ර)
මේ මිනිහගෙ නැහැදිච්චකමට ගෙවල් වල බවලත්තු මොනවා කරන්නද? රස්සාවට ගන්න කලින් පසු විපරම් පරීක්ෂණයක් සහ මෙවැනි දේවල් කළොත් කිසිදා ගැළවීමක් නැතිබව රැකියා දෙන අය ඉගැන්විය යුතුයි. (නි)