(තරිඳු ජයවර්ධන)
චීන සංචාරයකට වෘත්තීය සමිති නායකයන් තෝරා ගැනීමේ ගැටළුවක් මුල් කර ගනිමින් ජාතික වෘත්තීය සමිති සන්ධානයේ සමිති අතර බරපතල මත ගැටුමක් හටගෙන ඇතැයි වෘත්තීය සමිති නායකයෙක් ලංකාදීපයට පැවසීය.
හෙද සේවය, තැපැල් සේවය සහ දුම්රිය සේවය නියෝජනය කරන වෘත්තීය සමිති තුනක පිරිසක් ඒ සඳහා තෝරාගෙන ඇතැයි ද, තෝරා ගත් පිරිස අතර විශ්‍රාමිකයකු පවා සිටින බව ද වෘත්තීය සමිති ආරංචි මාර්ග කියයි. වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රභලයකු වන පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සහ වරායට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනකු මෙම තෝරා ගැනීම දැඩි විරෝධය පළ කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රන්ප්රිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු කීවේ විදෙස් ගත වන පිරිස තේරුවේ වෘත්තිය සමිති නායකයන්ගෙන් විමසා බවයි. මෙය සාමාන්‍ය සිදුවීම් බවත්, පුවත්පත්වල වාර්තා කිරීමට තරම් මෙය ප්‍රවෘත්තියක් නොවන බවත් සමන් රත්නප්‍රිය මහතා කීවේය. මේ ගැන මාධ්‍ය නිවේදනයක් දැමීමට තරම් පෞර්ශයක් චෝදනා කරන පිරිසට නැතැයි ද ඔහු කීවේය. විදෙස් සංචාරය සඳහා ප්‍රතිපාදන ලැබෙන්නේ කොහෙන්දැයි විමසූ විට ඔහු කීවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයකින් ප්‍රතිපාදන ලැබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පිරිමිත් නැති ගෑනුත් නැති නර්ස් නෝනා ණයට කහිනවාට එක්ක යනවාද?
යහපාලනයට කඩේ ගියාම ඉතින් ඕව ලැබෙනවා ?
අපි මොනවද දන්නේ කියල ....................
චීනෙට නිසා ඔයින් ගියා වෙන රටකට යන්න සෙට් වුනානම් එකාට එකා වෙඩිත් තියා ගනියි ...
මේ ඉන්න අපේ චතුර සේනාරත්න වගේ සියල්ල දත් පුද්ගලයෙක්
මේ නර්ස් ඇත්තටම සල්ලි වලට පුදුම කෑදරයි . ලැජ්ජයි!
කොහේද මහත්තයො එක්සත් ජාතීන්ට අනුබද්ධ වෙන්නේ. සිංහලෙන්ම කියන්නකො එන්ජීඕ එකකින් කියල. ඔන්න මම දැක්ක ප්‍රවෘත්තියක් අළුත්ව්යවස්ථාවක් සම්මතකර ගන්න අහවල් රටින් ඩොලර් මිලියන ගාණක් එන්ජීඕ එකකට දුන්නා කියලඕවයින් සැපවින්ද වගේ නෙමේ මහත්තයො, රට පාවල දීල සැප ගන්න ගියාම ජාතිත් පවු පලිසන් දෙනවා.
මේ සවාරියට නම් කරන්නන් කියල 10 දෙනෙකුගේ කෝටාව ලබා දුන්නේ සිරිකොතේ කේන්ද්‍රගත වෙලා තියෙන එජාප සමිතියක සභාපති හා කැබිනට් ඇමති වරයෙක්. පිරිමි මිසි පක්ෂෙට කරපු සේවය සලකා බලලා තමයි චීනෙන් පක්ෂෙට ආපු කෝටාවෙන් කොටසක් පහුගිය ඡන්දෙදි බර ඇදපු අයට දුන්නේ.
පහුගිය ටිකේ මෙයා ටිකක් ඇඩුව. ඔන්න දැන් කිරි එරිලා. ඉක්මනටම දොවාගන්න. මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගැනත් කතා කළේ. නර්ස් මහාචර්ය වෛද්‍ය ෆොන්සේකාට වැඩිය ලොකුයිනේ.
ඒකාබද්ධ සමිති සන්ධානයට අයත් සමහර බස් සමිති වලට මොන රට සවාරිද