බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවැති මැණික් හා ස්වර්ණාභරණ ප‍්‍රදර්ශනයේදී චීන ජාතිකයා විසින් ගිල දැමුණේ බොරු දියමන්තියක් බවත් රුපියල් ලක්‍ෂ 18ක් වටිනා දියමන්තියක් නොවන බවත් දැන් සොයාගෙන ඇත. ඒ බව ස්වර්ණාභරණ අධිකාරියද තහවුරු කළ බවද පොලිසිය කියයි. මෙම චීන ජාතිකයා සමග සිටි සෙසු සැකකාර චීන ජාතිකයා සැබෑ දිමයන්තිය සොරා ගන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි ලෝකෙටම පෙන්වන්න ගිහින් වෙච්ච වැඩේ.. (ස)
මේ චීනා මුලු ලෝකයම ගිලින දවස වැඩි ඈතක නොවේ. (නි)
අපරාදේ චීනා පාර්ලිමේන්තුවට අරන් ඇමතිකමක් දීලා ඡන්දේ කරන්න ගත්තානම් පංකාදුයි පුතේ. (නි)
චීන ජාතිකයන්ගේ ආමාශයික යුෂයේ සහ අපගේ විරේක ඖෂධ අතර සිදුවන අන්තර් විපර්යාසයක් හේතුකොටගෙන සැබෑ දිමයන්ති බොරු දියමන්ති බවට පරිවර්තනයවේ.(ස)
අපේ කෙනෙක් චීනාගෙන් පගාවක්වත් ගත්තද දන්නේ නැහැ. (නි)
කටුගෙයි වුණ වැඩේ වගෙයි. අපේ රටේ වටිනා දෙයක් හරි ආකාරයට පරිස්සම් කර ගන්න බැහැ. (නි)
මෙහෙම බලද්දී ප්‍රදර්ශනයේ තිබුණේ ඇත්ත දියමන්තියක්ද කියලා සැකයි. (නි)
ඊළගට පොලිසියට විරේක කරන්න වෙයිද දන්නේ නැහැ. (නි)
මම කලින්ම කිව්වා මේක... කොහොමත් ඔහොම දේවල් පොලිසිය ඇතුළෙ වෙනවා.. තව පැත්තකින් චීනටයි නයිජීරියාවටයි අහු උනොත් ලෙහෙසි නැහැ.. ළගින් ගියොත් අතගාලා බලන්න තමන්ගේ අවයව හරියට තියෙනවාද කියලා.. මේක දකුණු අප්‍රිකාවෙ ප්‍රසිද්ධ කියමනක්.!(නු)
බලාගෙනයි, පරිස්සමින්. චීනා මුලු උසාවියටම විරේකයක් දීලා ඔතනිනුත් පනියිද දන්නේ නැහැ. (නි)
මේ චීනා මෝඩයෙක් කියපු කට්ටිය දැන් මොකද කියන්නේ. (නි)
ලංකාවේ මිනිස්සුත් ඕනෑම බේගලයකට රැවටෙනවා (නි)
අනේ මන්දා ඔයලා කියනවා, අපි අහනවා.හෙට කියාවි එහෙම දෙයක් වෙලා නැහැ කියලා. (නි)
ඇත්තටම හොද එක ඔතන තිබුණද? (නි)
විරේකය හරි යන්නේ නැත්නම් කරමු අපි වස්තියක්. (නි)
චීන්නු ලංකාවට විරේකේ දෙන දවස වැඩි ඈතක නෙමෙයි. (ස)
මිතොරො වගේ එන්නේ හොරු නේද .පරිස්සමින් ලක් වැසියනේ.. (ස)
සීසර් කරලා හොයමුද? (නි)
චීනා කණෙන් රිංගනකල් අපේ අය මොකද කළේ? (නි)
කාටද මේ කතා..මේ හැමෝටම විරේකේ දුන්නනම් හරි..(ස)
දිවුල් කාපු අලිය වගේ තමයි මේ චීනත්..(ස)
අපරාදේ අපේ කට්ටිය සතියක් තිස්සේ බලාගෙන හිටියේ...(ස)
ගැඹුරින් පරීක්ෂණ පැවැත්විය යුතුයි (නි)
කොන්ඩෙ බැදපු චීන්නු ඉන්නේ ලංකාවේ ?
කිසිඳු ආරක්ෂිත වැඩ පිළිවලක් තිබුණේම නැද්ද ? " අනේ කාලේ වනේ වාසේ...."
අපරාදේ මේ චීනාට බෙහෙත් දුන්නේ. අනෙකා කොහේ ගියාද මන්දා? (නි)
චීන්නු දෙන්න හොයන්න බැරි ගමේ..(ස)