ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග්ට පණිවිඩයක් යවමින් ශ්‍රී ලංකා නව රජය චීනය සමඟ පැවැති සබඳතාවයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ප්‍රකාශ කිරීමෙන් පසු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක හොන්ග් ලී එයට ප්‍රතිචාර දක්වමින් නව රජය චීනය පිළිබඳ ධනාත්මකව කටයුතු කරනු ඇතැයි ද ඒ කෙරෙහි විශ්වාසදායී බලාපොරොත්තු තබා ඇති බවද කියා සිටියේය.
එසේම ද්වි පාර්ශවික සබඳතා වර්ධනය කරගනිමින් චීන ආයෝජනයන් හා චීනය සමග ඇති ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත් කටයුතු කරන බව එහි දක්වා ඇතැයි විදේශ මාධ්‍ය උපුටා දක්වයි. එසේම චීන ලංකා මිතුදම නොබිඳී පවත්වා ගැනීමට රටවල් දෙක අතර අන්‍යොන්‍ය අවබෝධය වැදගත්වන බවද එහි අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ දෙපිටකාට්ටු දේශපාලුවන් කවදත් අපිව අමාරුවේ දැම්මා. චීනය සමඟ සබඳතා පවත්වා ගැනීම ජනපතිගේ හොඳම තීරණයක්. යුද්ධය ජයගත්තේ චීනයෙන් ලැබුන උදව් නිසා. (නි)
වෛරක්කාර අදහස් නෙමෙයි මේ කියන්නේ. ඉන්දියාව හැමදාම කළේ අපෙන් වැඩ අරගෙන අපිට ඔවුන්ගේ සහය ඕන උන වෙලාවෙදි මග ඇරිය එකයි (නදී)
ඉන්දියාව ලංකාවට මොනවද කළේ. අඩුම ගානේ අපිට පක්ෂව ජිනීවා එකේදී අතවත් ඉස්සුවාද ? අපි ටිකක් හරි ඔලුව කෙලින් තියාගෙන හිටියේ පහුගියකාලේ චිනේ අපේ පැත්තට හිටපු නිසයි. (නදී)
චීන කොලනියක් වෙන එක හොඳයි ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙනවට වඩා... අනික දැන් ලෝක බලවතා චීනය... පුලුවන්නම් චීනයෙන් ගෙන්වන බඩු මුට්ටු ලංකාවේ තියාගෙන ඉන්දියාවට විකුණන්න ක්‍රමයක් හදන්න ඕනේ... ටී වී ෆෝන් වගේ දේවල්.... පොඩි ලාහයට වැඩි බිස්නස් කරන්න ඕනේ... (අ)
නිදහසෙන් පස්සේ අපි අවුරුදු 50ක් බටහිර බලවේග එක්ක හිටියා. චිනේ එක්ක හිටියේ අවුරුදු 10ක් පමණි. වෙනස දැක්කද? (අ)
වසර 5000 ක් තිස්සේ චීනය අප සමග ගනුදෙනු කලත් අපේ රටේ තවම චීන කොලනියක් නැතත් ඉන්දියාවේ කොලනියේ නම් බාගයක්ම හේදිලා ඉවරයි. (නදී)
ඉන්දියාවට වඩා වැඩි ප්‍රතිලාභ චීනය සමග සිටීමෙන් ලද හැකියි. මට පුදුමේ විදේශ ඇමති සහ අගමැති ඉන්දියාවට ලංවන විට ජනපතිදු චීනයත් සමග සිටීමයි. යා දෙක නොරත රත - එකට පෑහෙයිද කිසි කල. (නදී)
පෙරේරා හරි.. (අ)
ඉන්දියාව විශ්වාස කරන්ඩ එපා. උන් කරන්නේ කල දුටු කල වල ඉහ කන එකයි. රජීව් ගාන්දි ලංකාවට කළ හරිය මදිද. (නදී)
චීනය සමඟ සිටියොත් ලංකාව දියුණු වේවි. (නි)
චීනය තමය් ලෝකේ නැගී එන බලවතා. චීනය සමග සම්බන්ධතා වැඩිකරගන්නවා මිසක් කිසිසේත්ම අඩුනොකල යුතුයි. බටහිර ඇතුළු ලෝකයේ දියුණු රටවල් චීනය සමග ආර්ථික සම්බන්ධතා ඇතිකරගන්නෙ හරිම උනන්දුවෙන්. ඉන්දියාව කිසිලෙසකින්වත් නුදුරු අනාගතයේදී ලෝක ආර්ථික බලවතෙක් වෙන්නේ නැහැ. ඉන්දීයානුවන් කපටි කෛරාටික කුහක ජාතියක්. මේ කියන්නේ ඔවුන් සමග වැඩකිරීමෙන් ලද අත්දැකීමෙන්. ලොව අනිකුත් ජාතීන් ගේ අදහසත් එයමයි. අනික ඉන්දියාව අප රටේ ත්‍රස්තවාදය පටන් ගැනීමට සහ සැහෙන කාලයක් පවත්වාගෙන යාමට ආධාර කලබව අමතක නොකොළ යුතුයි. එම නිසා චීනය සමග ආර්ථික සහ යටිතල පහසුකම් වර්ධනයට සබධතා ඇති කරගැනීම දීර්ගකාලීනව ඉතා වැදගත්. (අ)
අපේ බෞමික අකන්ඩතාවය ගැන හිතුවොත් චීනය අපි ගැන හිතනවා. ඉන්දියාව හැමදාම අපිට ඕන වෙනකොට අපිත් එක්ක නැහැ. චීනය එකට තියල ඉන්දියාව දෙකට තිබ්බොත් ඇමරිකාව සහ යුරෝපයෙන් අපිට තියෙන බලපෑම තුලනය කරගන්න පුලුවන් (නදී)
ඡන්දෙට කලින් කට්ටිය එසැන පුවත් වල චිනේ පතුරු අැරියා. දැන් හොදයිලු. මහින්ද මහත්තයා ගනු දෙනු කලේ වෙන චීනයක් එක්ක වෙන්න ඇති. (නදී)
මම චීනයේ දැන් අවුරුදු අටක් ඉන්නවා. චීන ජාතිකයෝ ශ්‍රී ලංකාවට හරිම භක්තියක් තියෙනවා. අතීතය බැලුවොත් චීනය හැම විටම අපිට උදව් කරලා තියෙනවා. මට මතකයි අපිට නියඟයක් ඇවිත් සිරිමාවෝ මැතිණිය එහෙන් හාල් ඉල්ලුවම එදා චිනේ හිටපු අගමැති කිව්වලු එක චීන පවුලකින් කින් සහල් මිට ගානේ දුන්නොත් ලංකාවට අවුරුදු ගානක් කන්න පුළුවන් කියලා. ඉන්දියාව නිතරම බැලුවේ ලංකාව දෙකඩ කරන්න. (නදී)
ඉන්දියාවට ඕනා විදියට ලංකාව පාලනය කරනවා බලන්න වීම ගැන කනගාටු වෙනවා. පොලොන්නරුවේ ජනතාව තමන්ගේ ප්‍රදේශයෙන් නායකයෙක් පත්කරගන්න ගිහිල්ලා රටේ අනාගතය ඉන්දියාවේ අවශ‍්‍යතා වෙනුවෙන් පාවලා දුන්නා කියලා අපේ දරුවන් අනාගතේ දවසක කියාවි. (නදී)
ලීල් එක්ක මමත් එකග වෙනවා. නමුත් කාගෙන් උනත් උවමනාවට වඩා නය ගැනීමෙන් අපි පරෙස්සම් විය යුතුය. ඒවා ගෙවීමට ක්‍රමයක් නැති තැන අපව කොලනියක් බවට පත්වීම නොවැලක් විය හැක. අලුත් රජය එය ක්‍රමානුකුලව කරගෙන යාවි යැයි සිතේ. (නදී)
මෙයාලා කලින් කිව්ව විදියට චීනයේ කොලණියක් වෙයිද කියලා බයයි (දිල්)
මොනවා උනත් චීනය අපිට ගොඩක් පිහිට වෙච්ච රටක්. යුද්දෙදි අපිට යුද උපකරණ නැති වෙච්ච වෙලාවේ එක හද වතින් පිහිට වුනේ චීනයයි. අපිට නැගිටින්නට උදව් වෙන්නෙත් චීනයයි කෙසේ උනත් අපිට දීපු හැම දේකටම අපි සල්ලි දෙන්න උනා. ඉන්දියාව කියන්නේ ඉතාම අවස්ථාවාදී රටක් අපිව නැති කරලා දාන්න පුලුවන්නම් එ්කත් ඉන්දියාව කරයි. මැද පෙරදිග වැඩ කරන අය හොඳට දන්නවා ඉන්දියන් අය කවදාවත් ලංකාවේ කෙනෙකුට රස්සාවක් දෙන්නෙත් නැහැ ඒ අය මුල් පුටුවේ ඉන්නවා නම් ලංකාවේ අයට කිසිම අවස්තාවක් වත් දෙන්නේ නැහැ. අඩුම තරමේ සම්මුක පරික්ෂනයටවත් අවස්ථාව දෙන්නේ නැහැ තිත්ත ඇත්ත එ්ක තමයි (නදී)
ආසියානු රටක් නොවී,භූගෝලීය වශයෙන් චීනය බටහිර යුරෝපා රටක් වෙලා තිබුනා නම් හැමෝම චීනයට කැමතිවෙනවා.නව ජනාධිපති තුමාගේ චීනය සම්බන්ධව ඇති ස්ථාවරය අප පැසසිය යුතුයි. (බ)
චීනය අපට ළංවෙන එක කොහොමත් අපට හොඳ දෙයක්.නමුත් චන්දෙ දවස්වල චීන කොලනියක් එපා කියලා ඡන්දය දුන්න කට්ටියට මොකද වෙන්නේ? (බ)
සමහරු චීනේ ගැන පුරසාරම් ගැහුවට චීනේ ආර්තිකය දියුණු වෙන්නේ අඩු පඩියට වහල්ලු වගේ වැඩ කරලා තුට්ටු දෙකට බඩු හදලා ඒවා බටහිර රටවලට යවලා හොයාගත්ත සල්ලි වලින්. චීන්නු තරම් හිඟන ජාතියක් තවත් නෑ. ඈත්වෙලා ඉන්න තරමට ඇඟට ගුනයි නැත්නම් ඇටවලට යනකන්ම හූරන් කනවා. ඔච්චර ආර්තික බලවතෙක් නම් චීනේ කම්කරුවෝ මෙහාට එවන්නේ මොකටද වැඩ කරන්න? (නදී)
අද දවස වෙනකොට චීනය තමයි ලෝකේ පෝසත්ම රට. පෙර සිටි රජය ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්තීන් ඉදිරියට ගෙනයාම වඩාත් හොදවේ. එහෙම කළා කියල අපිව චීන කොලනියක් වන්නේ නැත. (නදී)
චීනය අපට හැමදාම උදව් කළා. චීනය නැත්නම් අපිට එල් ටී ටී ජය ගන්න බෑ . චීනය අපේ හොදම මිතුරා (බ)
අපිට රටක් හැටියට තනියම යන්ට බැහැ. දියුණු වෙන්ට අපි අතර අවබෝධයෙන් හැම රටක් එක්කම සමගියෙන් මධ්‍යස්තව කාටවත් ගැති නොවී කටයුතු කලානම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. (ර)
ඉන්දියාව ලං කරගතහොත් තමා වඩා හොඳ. නැත්නම් ලංකාවත් චීනයේ කොලනියක් වෙයි. (නදී)