(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයේ පිහිටුවීම සදහා සියලු පහසුකම් සැලසීමට රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
මෙරට ආයෝජන අවස්ථා සදහා චීනයේ සහය අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කතානායක) ලී ෂන්සු මහතා සමග සූම් තාක්ෂණය ඔස්සේ අද (1) පෙරවරුවේ සාකච්ඡාවක් පවත්වමිනි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු අනෙකුත් ආයෝජන සදහා චීනය පහසුකම් සලසන බව මෙහිදී චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා පැවසීය.
එසේම සමීප මිතුරකු වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උපරිම සහයෝගය දෙන බවත් මෙම සාකච්ඡාව වඩාත් පුළුල් ලෙස ඉදිරියට ගෙන යාමටද කැපවන බවත් චීන කතානායකවරයා මෙහිදී සහතික වූයේය.
කොවිඩ් තත්වය පහවීමෙන් පසු දෙරට අතර දූත පිරිස්වල සංචාර මගින් අන්‍යෝන්‍ය සහයෝගීතාව වඩාත් ඉහළ තලයකට ඔසවා තැබීමට හැකිවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමම චීන කොමුයුනිස්ට් පක්ෂයේ කාර්යාලයකුත් මෙහෙ ස්ථාපිත කරොත් හොඳයිනේ
අන්තිමට මිතුරු පස මිතුරු වෙලා වැඩ කරනකොට තමයි මෙගොල්ලොන්ට කරපු දේවල් ආපස්සට හැරෙන්නේ
පිටටර හිරවෙලා තියෙන කළු සල්ලි ආරක්ෂා සහිතව ගේන්න විදිහකුත් තියෙන්න ඕනනේ.
අනේ කොච්චර හොඳයිද? මෙරට ආයෝජන අවස්ථා වගේම රටේ ඉදිරි පැවැත්ම තීරණය කරන්න වගේ වැදගත්ම දේ සඳහාත් පහසුවක් ලෙස පුංචි චීන පාර්ලිමේන්තුවක් (පොඩි එකක් හොඳේ) වගේ එකක් දැන්ම දාගත්තොත් හොඳයි නේද? කොහොමත් ඉදිරි කාලයේ වෙන්න තියෙන දෙයක් නේ...
චීන රතු හමුදාවේ කලාපීය මූලස්ථානයකුත් අද හෙට එයි වගේ...
කොහොමත් මේ ආයෝජන කලාපයේ චීනයට අයත් කොටසේ කැමති එකක් හදන්න චීනෙට පුළුවන්. ඒකට අපෙන් අවසර ඕන නැහැ.
ඉතින් හිතනවද ඒක සල්ලි දන්සැලක් කියලා...? හාල් සේරු 02ක බත් ගිල්ලට... හාල් ඇටයක් තරම් මොලයක් නැහැ නේද?
බළලා මල්ලෙන් එලියට පැන්නාවත්ද ?
චීන පරිපාලන මධ්‍යස්ථානයක් පිහිටෙව්වා නම් සියල්ල සම්පූර්ණ වේව්.