බීජිංහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
ජනාධිපතිධුරය දැරිය යුතු ධුර කාලය සම්බන්ධයෙන් තිබෙන සීමා ඉවත් කරමින් චීනයේ කොමියුනිසිට් පක්ෂය එරට ජනාධිපති ෂී ජින්පින්ග්ට දිගටම බලයේ රැඳි සිටීම සඳහා ඉරිදා (25) ඉඩකඩ සකසා දුන්නේය.
සීමාවක් නොමැතිව බලයේ රැඳි සිටීමට මේ අනුව ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට අවස්ථාව සකසා දෙමින් චීනයේ කොමියුනිස්ට් පක්ෂය දශක ගණනක් පැවැති නීතිරීති වෙනස් කළේය. මෙම නව සංශෝධන සමඟ චීනය මාවෝ සේතුංගේ සමයේ පැවැති ආගමික, වන්දනීය සහ කීකරු පාලන සමයට ගමන් කරන බව ‘නිව්යොර්ක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබිණි.
ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා අදාළ යෝජනාව ඉදිරිපත් වූයේ ඉරිදා (25) වන අතර එය ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා ගන්නා ලද එඩිතරම තීරණයකි. ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා චීන සමාජය නවීකරණය කර චීනය ගෝලීය දේශපාලනයේ බලවතකු කරමින් චීනයට හිමි ස්ථානය සඳහා කොමියුනිස්ට් පක්ෂයේ පාලනය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක නිරත වී සිටියි. මෙම වැඩපිළිවෙළ සඳහා ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නායකත්වය ශක්තිමත් කළ යුතු යැයි ජනාධිපතිවරයාගේ මිත්‍ර පාර්ශව යෝජනා කර තිබේ.
මතභේදාත්මක දකුණු චීන මුහුදේ අයිතිය චීනයට හිමිවිය යුතු යැයි ජනාධිපති ෂී ජින්පින්ග් අවධාරණය කර තිබේ. විසි එක්වැනි සියවසේ සේද මාවත සහ සාගර සේද මාවත, එසේ නැතිනම් ‘වන් බෙල්ට් වන් රෝඞ්’ ගෝලීය යටිත පහසුකම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ද චීන ජනාධිපති ෂී ජින්පින්ගේ නායකත්වය යටතේය. චීනය නවීකරණය කිරීමේ වැඩසටහන් රැසක පුරෝගාමියා වන්නේ ද චීන ජනාධිපති ෂී ජින්පින්ග්ය. ලෝක බල දේශපාලනයේ ප්‍රමුඛ පෙළේ චරිතයක් වන චීන ජනාධිපති ෂී ජින්පින්ග් කොමියුනිස්ට් සහ කොන්ෆියුසිස් මූලධර්මවලට මුල්තැන දී කටයුතු කරයි.

- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිස්සු වගේ නෙමෙයි ඒ නායකයෝ තමන්ගේ රටට ජනතාවට ආදරෙයි.
අපේ එක නායකයෙක් ජනතාවට ආදරෙන් කටයුතු කළා පමණක් නොව 30 වසරක මූසල යුද්දය නිමවා රටේ ආර්ථිකය නැංවුවා. අප ඔහුට ජනවාරි 08, 2015 ආදරය නොකිරීමෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා.
දැක්කා නේද? චීනෙන් අපේ හිටපු මහරජාලාට, බයියලාට ගන්න තිබුණු පාඩම! 2015 ජනවාරි මාසයේ, ජනාධිපතිවරණයට ඉස්සරවෙලා, ජීවිතාන්තය දක්වා රජවෙලා ඉන්න බලයක් ගත්තානම්, පුංචි ඡන්දයට පස්සේ, මහඡන්ද ඉල්ලලා හිඟාකන්න වෙන්නෙත් නැහැනේ. දැන් ඉතින් ඒකට පරක්කු වුණා වැඩියි නේද...?
චීනය ඒකාධිපති ගමන් මගේ පළමු පියවර අරගෙන තිබෙන බවයි පෙනෙන්නේ...
චීනය, සිංගප්පුරුව, මැලේසියාව අද මේ විදියට දියුණු වෙලා තියෙන්නේ එකම පාලකයෙක් දිගටම රට පාලනය කරන නිසා.
තම ධුර කාලය දික් කරගන්නේ රට තව තවත් දියුණු කරලා ඉහල තත්වයකට ඔසවා තබන බලාපොරොත්තුවෙන්. එත් අපේ අය එහෙම කරන්නේ තව තවත් වැඩියෙන් හොරා කාලා රට පහලට ඇදලා දාන්න.