චීන ජාතිකයන් 16 දෙනකු මාර්ගෝපදේශකයන් ලෙස වැඩ කිරීමට සංචාරක වීසා මත ශ්රී ලංකාවට ගෙන්වූ බව කියන එන්කවුන්ටර් ලංකා සමාගමේ ප්රධාන මෙහෙයුම් නිලධරයා බව කියන ඉම්රාන් හසන් අලි රුපියල් 50000ක මුදල් හා රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් චීන සංචාරකයන් ගයිඩ් වැඩෙහි යෙදී සිටි මෙම 16 දෙනා චීනයට යෑම සඳහා ගුවන් ටිකට් මිලදී ගෙන ඇතැයි විත්තියේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.
ඔවුන් චීනයට ගිය පසු ඒ බවට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නියෝග කළ මහේස්ත්රාත් ඔවුන්ගේ ගමන් බලපත්ර ද මුදා හළේය.
COMMENTS
අනේ මන්දා. චීන ජාතිකයන් ඇවිත් චීන ජාතිකයින් ලංකාවේ තැන් ගැන දැනුවත් කලාම මොකද වෙන්නේ ? අන්තිමට වෙන්නේ චීන්නු ලංකාවට එන්නේ නැතිව ඉන්න එක. (හේ)
චීන ජාතිකයන් නොයෙකුත් වැඩ කටයුතු සඳහා රටට එනවා.මේ අය ඉස්සරහට මේ රටට මොන විදිහේ තර්ජනයක් වෙයිද කියල හිතාගන්න අමාරුයි.මේ අය කරන ඉදිකිරීම් වැඩ වල,ඒ වගේම අප දැන් භාවිතා කරන මොවුන්ගේ නිෂ්පාදන වල තිබෙන ස්ථාවරත්වය ගැනත් අපිට දැනගන්න ලැබෙන්නේ තව කාලයක් ගියහම.(ම)
ශ්රී ලංකාව අයෙත් යටත් විජිතයක් වෙන්න ළගයි.(හේ)
චීන ජාතිකයන්ගෙන් අපිට එපමණ කරදරයක් නැහැ , අපිට කරදර තියෙන්නේ සංචාරක විසා වලින් එන පකිස්ථාන ඉන්දියන් කාරයන්ගෙන් , මෙහි රැකියා කරනවා පමණක් නොව , ඔවුන් මත කුඩු ජාවාරමේ පවා යෙදෙනවා , චීනුන් ඔය බලු මස් කබර මස් කාල බලු උවදුරවත් නැති කරාවි (බ)