60 දශකයේ විත‍්‍රපට නළුවකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වූ බොනිෆස් ප‍්‍රනාන්දු මහතා අද (14) අභාවප්‍රාප්ත විය. මිය යනවිට 83 වැනි වියේ පසු වු ඒ මහතා පස්දරු පියෙකි.
1956 දී තිරගත වූ සිරිමලී චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපනය කරමින් සිනමාවට පිවිසි ඒ මහතා චිත‍්‍රපට 35 ක පමණ රංගනයට එක්වී ඇත. සුහද දිවි පිදුම, සුවිනීත ලාලනී, ශිරානි, සුදු සඳේ කළු වළා සහ සුදෝ සුදු ඉන් කිහිපයකි.
ශිරානි චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇති ඒ මහතා තවත් චිත‍්‍රපට කිහිපයක සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් ද කටයුතු කර ඇත. චිත‍්‍රපටවලට අමතරව 80 දශකයේ විකාශනය වු පුර්ණිමා, ඡායා, ලෝගුව යන ටෙලි නාට්‍යවල ද බොනිෆස් ප්‍රනාන්දු රංගනයෙන් එක්වී ඇත.
2013 වසරේ සිට රෝගාතුර ව සිටි ඒ මහතා සිය කටානේ නිවසේ දී මිය ගිය අතර දේහය පහළ මඩම්පැල්ල, අකරගම, අංක 77/20 නිවසේ තැන්පත්කර තිබේ. අවසන් කටයුතු 18 වැනි සෙනසුරාදා පස්වරුවේ මඩම්පැල්ල රෝමානු කතෝලික සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොනිෆස් මහතාණෙනි, ඔබට නිවන් සුව....! සමාදානයේ සැතපේවා.....! (නි)
පිටිගල මිලානෝ නම් කියලා දවසේ කියමන. (නි)
පිටිගල කිව්වොත් කියන්නේ ඔහොම දේවල්මයි. නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව ලැබේවා! (නි)
පිටිගල කොහෙද යන්නේ මල්ලේ පොල්.. එතුමාට නිවන් සුව..! (නි)
ඒ කාලයේ හිටපු දක්ෂ නළුවෙක් රොබින් තප්පෝ මහතා නිෂ්පාදන කළ චිත්‍රපටි වලට නිතරම රංගනයෙන් සහය වුණා ඔබ සමාදානයේ සැතපේවා. (අ)
බොනිෆස් ප්රනාන්දු මහතාට නිවන් සුව පතමි. (නි)
ඔබතුමාට නිවන් සුව ලැබේවා..!!!!! (නි)
නිවන් සුව ලැබේවා! (ම)
බොනිෆස් ප්රනාන්දු කලාකරුවාණන්ට නිවන් සැප ලැබේවා.....!!!, (ම)
බොනිපස් පෙරේරා කියන්නේ රවීන්ද්‍ර රන්දෙනියගේ ඇත්ත නම නේද? (අ)
බොනිෆස්, ඔබ සමාදානයේ සැතපේවා! (නි)
නිවන්සුව ලැබේවා.! (ර)
ඔබට නිවන් සුව .. (ම)
මගේ ආගමේ හැටියට ඔබතුමාට නිවන් සැප ලැබේවා!! (නි)
පණ්ඩිතකම පෙන්නන්න ගිහින් පිටිගල හැමදාම නාගන්නවා. (නි)
නිවන්සුව පතමු.! (ර)
බොනිෆස් පෙරේරා සහ බොනිෆස් ප්රනාන්දු පටලවාගන්න එපා. අපේ කාලයේ සිනමා තරුවක්වූ බොනිෆස්, ඔබට නිවන් සුව...! (නි)
පිටිගල, ඉතින් ඒක එහෙමයි කියමුකෝ. එ්කෙන් ඔයාට ඇති ප්රශ්නය මොකක්ද? (නි)
පිටිගල මිලානෝ එයාගේ දැනුම අද හොඳට පෙන්නුවා (නි)