( පැතුම් දර්ශන)
හොරොව්පොතාන කිරළාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජල වෙබ් අඩවිවලට මුදා හැරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මෙ වනවිට (23) අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයට යවා ඇති බව හොරොව්පොතාන පොලිසිය කියයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් හොරොව්පොතාන කිරලාගල ප්‍රදේශයේ පිහිටි ඉපැරණි නටබුන් සහිත පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළුවී චෛත්‍යක් මතට නැගගත් තරුණයන් හත් දෙනෙකු විසින් ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හැර ඇති බවත් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා කිරළාගල කලාප භාර පුරාවිද්‍යා නිලධාරි සුමිත් බංඩාර රත්නායක මහතා හොරොව්පොතාන පොලීසියට ඊයේ (22) සවස පැමිණිලි කර තිබුණි.
ඒ අනුව ක්‍රියාත්මක වූ හොරොව්පොතාන පොලිසියෙ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා එම පැමිණිල්ලට අදාළ මූලික පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී අනාවරණය කර ගැනීමට හැකි වූයේ මෙම සිද්ධියට සැකකරුවන් හත්දෙනෙකු සම්බන්ධ බවත් ඔවුන් අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබන සිසුන් බවත්ය.
එයින් එක් සැකකරුවෙකු හොරොව්පොතාන ප්‍රදේශයේ වන අතර අනෙක් සැකකරුවන් හය දෙනා නැගෙනහිර පළාතේ පදිංචිකරුවන් බවත් පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබේ.
2018.01.05 වන දින හෝ ඊට ආසන්න දිනකදී හොරොව්පොතාන ප්‍රදේශයේ සිටින යහලුවාගේ නිවසට පැමිණි ඇති ඔවුන් කිරලාගල පුරාවිද්‍යා භූමියේ ද සංචාරය කොට තිබේ.එහිදී මෙම ඉපැරැණි චෛත්‍යය මතට නැගී ඡායාරූප ගෙන ඇති අතර එයින් වසරකට පමණ පසුව එම ඡායාරූප සමාජ ජල වෙබ් අඩවිවලට මුදා හැර ඇත්තේ මීට දින කිහිපයකට ඉහත දී ය.
සමාජ ජාලා වෙබ් අඩවි වලින් එම ක්‍රියාව දැඩිලෙස විවෙචනයටද ලක්වෙමින් තිබේ.
හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරී සේනක බී ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගාමිණී ජයවර්ධන මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණය සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් ආගමික ස්ථානවල ඇති වටිනාකම නොදන්නා මේ අය ගැන විස්තර කිරීමට වචන නැත! මෙහෙව් පිරිසක්ද සරසවි අධ්‍යාපනය සඳහා රටේ බදු ගෙවන අය යවා තිබෙන්නේ? මේ අයගේ සරසවි දොර සදාකාලිකවම වසා දමා හේන් කොටන්න දුෂ්කර පළාත්වලට යවන්න.