ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටිය දී රත්නපුර කහවත්තේ ඔහුගේ වේදිකාවක සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පාක්ෂිකයකුට වෙඩි තබා මරා දැමීයැයි සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී) ඇතුළු තිදෙනෙක් ලබන 26 වැනි දා තෙක් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා විසින් අද (20) යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
ජනපතිවරණයට දින තුනකට පෙර මෙම වෙඩි තැබීම සිදු විය.
කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන ද සිල්වා සහ සබරගමු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ ජයකොඩි සෙසු සැකකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් තුන් දෙනාම ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනා (නදී)
වැරදියට හිතන්න එපා. මෙයාට අැප නුදුන්නේ මෙයාගෙම ආරක්ෂාවට (නදී)
අපේ රටට මරණ දණ්ඩන නීතිය නැවත ගෙනෙන්න.(හේ)
සදාකාලිකව රිමාන්ඩ් කරලා තිබ්බත් කමක් නැහැ !(හේ)