IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


චෙක් ජනරජයේ දුම්රිය අනතුරක්

චෙක් ජනරජයේ මගී ප්‍රවාහන දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවම වශයෙන් සිව් දෙනකු මියගොස් 23 දෙනකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ.

දුම්රිය අනතුර ඊයේ (5) රාත්‍රියේ සිදුව ඇති බවත් තුවාල ලැබූ 23 දෙනාගෙන් තිදෙනකු බරපතළ තුවාල ලබා ඇති බවත් චෙක් බලධාරීහු පැවැසූහ. ප්‍රාග් නගරයේ සිට නැගෙනහිර දෙසට දිවයන ප්‍රධාන දුම්රිය මාර්ගයේ පාර්ඩුබිස් නගරය ආසන්නයේදී මෙම දුම්රිය අනතුර සිදුව ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය විට් රකුසාන් ප්‍රකාශ කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ මගීන් 300 ක් පමණ ගමන් කර ඇති බවත් රේජියෝජෙට් සමාගම යටතේ ධාවනය වී ඇති මෙම දුම්රිය ප්‍රාග් නගරයේ සිට බටහිර යුක්රේනයේ චොප් නගරය වෙත ධාවනයවී ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය.දුම්රිය අනතුරෙන් අවම වශයෙන් මගී දුම්රියේ එක් මැදිරියක් මාර්ගයෙන් ඉවතට පැන ඇති බවත් ඉදිරියේදී තුවාල ලැබූ සහ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අනතුරට හේතුව තවමත් අනාවරණයවී නොමැති බවත් ඒ පිළිබඳ සෙවීම සඳහා විමර්ශන කණ්ඩායමක් පත්කරන බවත් අමාත්‍යවරයා පැවැසුවේය.

(විමුක්ති එස් රොද්‍රිගෝ)



අදහස් (0)

චෙක් ජනරජයේ දුම්රිය අනතුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 14 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site