කහවත්ත කොටකෙතන ඝාතනයේ සුලමුල හෙළිවීමත් සමග එක් සැකකරුවකුගේ නිවෙසකට ගිනි තැබීමේ උත්සාහයක් වැළැක්වූ බව පොලිසිය කියයි. ගමේ නොසන්සුන් තත්ත්වයක් හටගැනීමත් සමග විශේෂ කාර්යබළකාය සහ කැරැළි මර්දන බලඇණිය ද කැඳවා ඇත. ගැමියන් තැන තැන රැස්වී පාරවල් දිගේ ද එහෙ මෙහෙ යතියි පොලිසිය කියයි. ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි රත්නපුර සහකාර පොලිස් අධිකාරි බුද්ධි උඩුගම්සූරිය මහතාගේ කාර්යාල ආරංචිමාර්ග පවසයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට අපිත් සහයෝගය දෙනවා .............. (ස)
මේ අය උසාවි ගිහිං බේරනවා.. ජනතාව අපරාධකාරයන්ට දඩුවම් දිය යුතු තත්ත්වයකට ලංකාව අද පත්වෙලා.. නැත්නම් අපරාධකාරයෝ නීතියෙන් බේරිලා ගෙවල්වල ඉන්නවා.. (නු)
පුලුවන් නම් ලබන පාරත් මේ අයටම ඡන්දය දෙන්න. (නි)
මිනිසුන්ට නීතිය අතට ගන්න බැහැ.. ඒ උනාට මේ වගේ දෙයක් තමන්ගේ ගමේ වෙනකොට කාටද ඇස් කන් තියාගෙන ඉන්න පුළුවං..!(නු)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම මෙතනින් පටන් ගන්න.!(නු)
නීතිය දේශපාලනයට යටවෙලා වගෙයි. (ස)
නිසි දඩුවම් දුන්නොත් මිනිස්සු කලබල කරන එකක් නෑ (ස)
නීතිය දඩුවම හිරගේ මරණය කාටද?(නු)
මේ මිනිස්සු තවත් ලැජිජා නැතිව අපරාධකාරයන්ට ඡන්දෙත් දෙනවානේ..!(නු)
නීතිය කියන යකඩ ඉන්න තවත් කොන්ක්‍රීට් දාලා ශක්තිමත් කරන්න ඕන.. කිසිම දේකට නොනමන්න පුළුවං විදියට..එක තමයා ජනතාව හැටියට අපි බලා පොරොත්තු වෙන්නේ..!(නු)
මිනිස්සු මේවගේ දේවලට පෙලබෙන්නෙ නීතියෙන් නිසි දඬුවම් නොලැබෙනබව දන්න හන්දයි. මොකද අපේරටේ දේශපාලනයට ගෑවිලානන් බලපාන්නෙ කැකිල්ලෙ නීතියනෙ. (ස)
නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා තමයි මිනිසුන් නීතිය අතට ගන්නේ.. මේ වග් වැරදි කරන අයට හොදම තැන තමයි එල්ලුම ගහ..!(නු)
නීතිය ගැන ජනතාවට තේරිලාද කොහෙද (ස)
ඔය සිද්ධියට ගෑවුණ කිසිම කෙනෙකුට කිසිම සමාවක් නෑ (ස)
කල් නොයවා සාධාරණය ඉටුවන නීති පද්ධතියක් හා දැඩි දඩුවම් ක්‍රමයක් නොමැති කල ජනතාව නීතිය අතට ගනීවි. (නි)
නීතිය නිවැරදිව ක්‍රියාත්මක වේවා (ස)
ජනතාවගේ කේන්තිය සාධාරණයි. (ස)
මේ අය මෙහෙයවන අයට දැඩි දඩුවම් දිය යුතුයි..!(නු)
නීතියක් නැති උනාම ඉතින් මිනිස්සු නිතිය අතට ගන්න එක සාදාරනයි.සමහරුන්ගේ නඩු විසදන හැටි දැක්කම ලංකාවේ තියෙන නිතිය ගැන කතාකරල මොනවටද ඉතින්.අකුරැස්සේ කෙනත් ඔය අපුරුවට එලියට ඇවිත් ඉන්නේ මේ රටේ නිතිය තියෙන්නේ ලොකු අය වැරදි කරාම අයාලව බේරගන්න විතරයි. (ස)
පොලීසිය නිතිය ක්‍රියාත්මක නොකරන නිසායි මිනිස්සු නීතිය අතට ගන්නේ (ස)
ඔකෙදි ප්‍රධාන ඇමති ගෝලය ඉතිරි වෙද්දි අනිත් අය හිරේට යවාවි (ස)
ජනතාවගේ නීතිය සාධාරණයි, ඒ අය පහුගියකාලේ කොච්චර බයකින්ද හිටියේ (ස)
දේශපාලන යුක්තිය මත කිසිවෙකුට සමාව නොදිය යුතුයි. සාධාරණ යුක්තිය පසිදලන්න. (නි)
ඔබලාගේ කේන්තිය සාධාරණයි, සුල මුල හොයනකම් ටිකක් ඉවසවන්න , නීතිය දඩුම් කරයි (ස)
කුඩු මුදලාලිලාට සමාවක් නැත..(නු)
ජනතාව නීතිය අතට ගන්න හොද නැහැ.. කේන්ති නම් තමා ඉතිං..!(නු)
අපේ රටේ සිදුවෙන භයානක අපරාධ වලට ලැබෙන සුළු දඩුවම් නිසයි මේවා වෙන්නේ (නි)