ලසන්ත වික්‍රමතුංග, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, රාගම ලොකුසීයා ඝාතනයටත් සුදු වෑන් සංස්කෘතිය නිර්මාණය කිරිමටත් පසුගිය රජයේ ප්‍රභලයකු සම්බන්ධ බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කියයි. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මේ බව කීවේය.
එම ප්‍රභලයා සහ තවත් හිටපු අමාත්‍යවරයකු තමන්ට කෙනිත්තූ බවත් මේ ප්‍රකාශය හා පැමිණිලි කරන්නේ වගකීමෙන් යුතු බවත් ඔහු කියා සිටියේය.
‘‘මාව මරලදායි. මම බෙලිඅත්තේ මිනිහෙක්. ඇත්ත කියලා ජීවිතේ නැතිවුණත් ප්‍රශ්නයක් නෑ“ යැයි ද මර්වින් සිල්වා කීවේය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය, භාරත ලක්ෂ්මන් ප්‍රෙමචන්ද්‍ර ඝාතනය, රාගම ලොකුසීයා ඝාතනය, සුදු වෑන් සංස්කෘතියේ කතෘ ගොඨාභය රාජපක්ෂ" යැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කීවේය.
හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙතෙම මෙම අදහස් දැක්වීය.
"වගකීමෙන් කියන්නේ. මාව මරලාදායි ඇත්ත ප්‍රකාශ කරලා ජීවිතේ නැතිවුණත් ප්‍රශ්නයක් නෑ." යනුවෙන්ද හෙතෙම කීවේය.
- See more at: http://www.ada.lk/article/46341/%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD-%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA---%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A#sthash.xspSsLEr.dpuf
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි, කරුණාකර අපරාදකරුවන් නීතිය හමුවට ගේන්න රටේ යහපාලනය වෙනුවෙන් (නදී)
යු අැන් පි ඇමති මණ්ඩලය කතා නැහැ යහ පාලනය නිසාද නැතිනම් තමන්ගේ කුණු ගොඩවලුත් එලියට එන හින්දද ? (නදී)
පොලිසියට මේක තාම ඇහිලා නැද්ද? ඇයි මෙයාගෙන් ප්‍රශ්න නොකරන්නේ. මේ චෝදනා බරපතලයි (නදී)
ප්‍රියන්ත හරියටම හරි. මේ හාදයා මැරිලා ඉපදිලා. අර බේබිලා මෙයාගේ බේබිට කරපු දේටයි ඔය තරහා ඔය පිරිමහන්නේ. ජනාධිපතිතුමනි අපි ඔබතුමාව පත් කලේ කොල්ලකාපු ධනය ආපසු ජනසතු කරන්න. ඔන්න එ්කට නම් සමාව දෙන්න එපා (නදී)
ඔක්කොටොම කලින් මෙයාව දාන්න ඇතුලට, මෙයා දැන් පෙර අයගේ වැරදි කියල ඔය හදන්නේ ආණ්ඩුවට මුක්කු ගහන්න. ඕවට අහුවෙන්න එපා. මෙයත් ඔය කියන හැම දේකටම සම්බන්ද කෙනෙක්. මෙයාලගේ ප්‍රතිපත්තිය තමයි, අලුතින් එන ආණ්ඩුවට හේත්තු වෙන එක පෙර ආණ්ඩුවේ වැරදි කියලා. මොලේ තියෙන මිනිස්සු දැන ගන්න ඕන මෙයත් හිටපු ඇමතිවරයෙක්. මෙයාගේ සහ මෙයාගේ පුතාලගේ වැඩත් ජනතාවට අමතක නැහැ (නදී)
ඔන්න දැන් තමයි ඇත්ත එලියට එන්නේ. මේවා කලින් කිව්වා නම් මේ වෙනකොට මර්වින් ඉවරයි. වහාම මේ හොර මිනීමරුවෝ ටික අත් අඩංගුවට ගන්න. (නදී)
බැලුවම මහින්ද මහත්තය රට කරවල තියෙන්නේ කොයි වේලාවේද දෂ්ට කරන්නේ කියල බලාගෙන විස දත් අමෝර ගත්ත විසකුරු සර්පයෝ ගොඩක් මැද ඉදලනේ. මිනිසුන් හදුනාගෙන දේශපාලනය කරන්න එතුමාට මේ සිදුවීම දේවාශිර්වාදයක් වේවි (නදී)
අපරාධයක තොරතුරු වසන් කිරීමත් දඬුවම් ලැබිය යුතු වරදක්. පසුව හෝ සත්‍ය හෙලිකිරීම ගැන හිටපු ඇමති තුමාට ගෞරව කරමු. (නදී)
එකට එක්වී එකට කාබී එකට සැතපීලා. සිංදුව තමා මට මතක් වෙන්නේ (නදී)
කකුල් දෙකෙන් එල්ලලා දෙකක් දෙන්න. සියල්ල වමාරයි.(නදී)
පිවිතුරු යහපාල ඕව ගණන් ගණන් එපා. අපිත් ඔබතුමා බන්දුල පෙරේරා කාලේ මෙතන ඉඳන් ඔබතුමාගේ දෂ්ඨ කිරිල්ල ඉවසගෙන අදහස් ලිව්වේ. ඉතින් ඕක මොකක්ද ? (නදී)
සර්පයෝ ගොඩක් මැද්දේ ඊට වෙනස් කෙනෙකුට ඉන්න පුලුවන්ද කියල මම මේ කල්පනා කලේ (නදී)
ඒ කියන්නේ පිවිතුරු යහපාල හෙවත් බන්දුල පෙරේරා පිලිගන්නවා හිටපු ජනපති තුමා වටේට හිටියේ විසකුරු සර්පයෝ කියලා. ඉතින් අපි ඕක සෑහෙන කලක සිට මෙතන ලියමින් බන්දුලට දැනුම් දුන්නම අපිට පෙනේ පිප්පුවා මිසක් පිළිගත්තේ නැහැනේ. (නදී)
මේ පිළිබඳව පරීක්ෂණ වහාම කරන්න. එ්ත් එක්කම පුතාගේ වැරදි පිළිබඳව පරීක්ෂණ කරන්න අමතක කරන්න එපා. මෙයා හොඳ මිනිහෙක් නෙවේ. (නදී)
මෙයාගේ පුතාව නිදහස් කරලා මෙයාවත් ආණ්ඩුවට ගන්නකෝ. ඒකනේ මේ නොකිය වටේ යන්නේ. මේවගේ මිනිස්සුන්ගෙන් කොයි ආණ්ඩුවත් පරිස්සම් විය යුතුයි. (නදී)
මේ හැමෝම ගැන ඇහැ ගහගෙන ඉන්න වෙලාව මේ (දිල්)
මෙයා සහ පුතා ගැන ඉස්‌සෙල්ලා පරීක්‍ෂණ කළා නම් මහින්ද මහත්තයාට අඩු වුණු ඡන්ද ලක්‍ෂ 4 1/2 අනිවාර්යෙන්ම ලැබෙනවා. ගෝඨාභය මහත්තයා රට බේරා ගත්ත බව අමතක කරන්න එපා. එතුමාගෙන් රටට හොඳටම වැඩ ගන්න පුලූවන් බව අමතක කරන්න එපා. රට දියුණු කරන්න නම් වැඩ ගන්න පුලූවන් අයගෙන් වැඩ ගන්න. (නදී)
මෙයා කියන දේවල් පිලිගන්න බැහැ. මේ වගේ අයව තමයි අතුගාලා දාන්න ඕනේ (නදී)
මෙයා දැන් මේ ආණ්ඩුවෙන් ලකුණු දා ගෙන පුතා නිදහස් කර ගන්න හදන්නේ. (නදී)
පිවිතුරු යහපාල මහත්තය යථාර්තය තේරුම් අරගෙන නිවැරදි අදහසක් පලකොට තිබෙනවා. ඔබ තුමා කියපු ඒ එතුමා වටේ විතරක් නෙමේ මේ රට වටේම හිටිය විෂකුරු සර්පයින්ගෙන් මේ රටේ ප්‍රබුද්ධ ජනතාව අනේක දුකක් වින්දා. අන්න ඒ නිසා තමයි "යහ පාලනය " කියන සංකල්පය බිහි උනේ. සමහර සර්පයෝ හිටියේ පෙනේ පුප්ප ගත්තු ගමන්මයි. ලංකාවේ සෑම ක්ෂේත්‍රයක්ම වෙලා ගෙන උන් ඒ සර්පයින්ගෙන් මේ රට මුදවා ගැනීමට තමයි මේ මෛත්‍රී යහ පාලනයේ වගකීම. (නදී)
දේවින්ද, මම නම් දෙපාරක් ඡන්දය දුන් මහින්ද මැතිතුමාට මෙවර ඡන්දය නොදුන්නේ මර්වින් පුත්‍ර රත්නය නිසා නෙවෙයි. මාලිගාව ඉස්සරහ රේස් යවා බවලතුන් නටවන , බාලිකා පාසල් වලට කඩා පැනල දැරිවියන්ට නටන්න අඬ ගහන පුතෙක් වලක්වන්න කිසිම උවමනාවක් නොතිබුන නිසා. එහෙම වගකීමක් නැති කෙනෙක් රටේ අනුප්‍රාප්තිකයා වුනොත් අපේ දරුවන්ගේ දරුවන්ටත් යන කලක් නැහැ. (නදී)
විෂකූරු සර්පයෝ එක්ක ජිවත් වෙන්න පුළුවන් තවත් විසකුරු සර්පයෙකුට විතරක් බවත් අමතක කරන්න එපා. (නදී)
මෙන්න නියම ඇත්ත, හෙළිකරන තොරතුරු සත්‍ය බව මෙතුමා කියනවා නම්, මෙතුවක් කලක් ක< ඝාතන දැන් හෙළිකර ගත හැකියි. මෙතුමා තවත් දේ දන්නවා වගේ පේන්නේ. පොලිස්පති තුමනි කරුණාකර මෙයා රැකගැනීම ඔබ සතුයි (නදී)