දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ඝාතනය කිරීමේ සැලසුමකට හිටපු කොටි සාමාජිකයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම උතුරෙන් ආරක්ෂක හමුදාව ඉවත් නොකිරීමේ අරමුණින් සිදුකළ ක්‍රියාවක් දැයි සැක මතුවන බව උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.
සුමන්තිරන් ඝාතනයට සැලසුම් කළ බව කියමින් මෑතකදී හිටපු කොටි සාමාජිකයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.මොවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි. මෙනිසා මෙහි සත්‍යතාවක් පවතින්නේ දැයි මා දන්නේ නැහැ. මෙය උතුරු පළාත තුළ සිටින ආරක්ෂක හමුදාව ඉවත් නොකර තවදුරටත් රදවා ගැනීමේ උත්සහායක් මත සිදුවූවක්ද යන්න සැකයට තුඩු දෙන කරුණක්. පොලිසිය විසින් මොවුනව මත්ද්‍රව්‍ය චෝදනාවන් මත අධිකරණයට ඉදිරිපත් කළද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට චෝදනා ගොනුකර නැහැ.
මෙයමෙනිසා මෙහි තේරුම මොකක්ද? කුමන අරමුණකින් මේවා සිදුවන්නේද? මේ පැතිර යන කතා මොනවද? කියල සොයා බලන්න ඕනෑ. පසුගිය කාලයේත් කොටි සංවිධානය යළි හිස ඔසවන බව කියුවා.අන්තිමට කිසිවක් වුණේ නැති බවත් උතුරු මහ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිකල් යන්න කලින් ඇත්ත හෙළිවේවි (නි)
අපි බලමු නිශ්ශබ්දව ඉවසීමෙන් ඉඳලා (නි)
බලමු නඩුවට මොකද වෙන්නේ කියලා. ඇත්තටම මොවුන්ට දමා තිබෙන්නේ මත්ද්‍රව්‍ය චෝදනාවක් නම් මෙතන විශාල ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් විගනේශ්වරන් කියන ඒවා හරියටම හොයන්නේ බලන්නේ නැතුව පිළිගන්න බැහැ. (නි)
රටක රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව තීන්දු තීරණ ගන්නේ රජය. ඒ අනුව කොහේද හමුදාව ඉන්න ඕනෑ කොතනද කඳවුරු පවත්වන්න ඕනෑ... ඒවාට කාටවත් ඇඟිලි ගහන්න බැහැ. අතිවිශාල රටවල් අනුගමනය කරන ක්‍රම අපේ මේ පුංචි රටට හඳුන්වලා දීලා අතිවිශාල මුල්‍යමය සහ දේපල විනාශයක් කරනවා. අපේ දරු මුණුපුරෝ නියෝජිතයින්ට වැඩුප් විශ්‍රාම වැටුප් ගෙවන්න ඕනෑ. යම් හේතුවක් නිසා පළාත් සභා ඇතිකළත් දැන් අහෝසි කරන්න කාලයයි. (නි)
උතුරෙන් හමුදාව එළවාගන්න මෙයාට පුදුම අමාරුවක්නෙ තියෙන්නේ. කොටි පුල්ලි දැන් හොඳට පේනවා මහත්තයෝ (නි)
රටේ හමුදාවට උතුරේ ඉන්න මෙයාගෙන් අවසර ගන්න ඕනෑද? (නි)
මෙයයි අානන්ධි සශිදරනුයි තමයි ඉතුරුවෙලා ඉන්න කොටි. නැත්තන් දෙමල ජනතාවට කිසිම වුවමනාවක් නෑ කඳවුරු ඉවත් කරන්න, සිංහල ජනතාව පන්නන්න වගේ දේවල්. මේ දෙන්නව අතුරුදහන් කළානම් ඉවරයි. (බ)
ලංකාවේ මට පෙන්නන්න බැරීම මනුස්සයෙක් තමා මේ! (නි)