
(සමන් පාලිත නානායක්කාර)
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ අලගන් කන්දයා නමැති හැට හය හැවිරිදී තිදරු පියකු බවද පොලිසිය කියයි.
සිද්ධිය වන අවස්ථාවේදී මොහු නිවසේ තනියම සිට ඇති අතර නිවස ඇතුළතදී ගින්නට හසු වී පසුව ගින්න සමග නිවසින් එළියට පැමිණ ඇද වැටී සිටි බවත් එම ස්ථානයේදීම ඔහු ජීවිතක්ෂයට පත්වී සිටි බවත් පොලිසිය පැවසීය.
පෙට්‍රල් තිබු හිස්වූ ගැලුමක්ද නිවසේ මුළුතැන් ගෙයි තිබී හමුවී ඇතැයිද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd