(ඩී.ජී.සුගතපාල)

රුපියල් පන් දහසක අල්ලසක් ලබා ගන්නා ලදැවි තිවක ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරික්ෂකවරයකු සහ ලිපිකරුවකු අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරින් විසින් අද පෙරවරුවේ අත් අඩංගුවට ගෙන ඇත.

ගාල්ල නගරයේ ව්‍යාපාරික ස්ථානයක ප්‍රදර්ශනය කර ඇති නාම පුවරු සදහා වාර්ෂිකව ගෙවියයුතු බදු මුදලවු රුපියල් 63720ක මුදල නොගෙවිම මත ව්‍යාපාරික ආයතනයකට එරෙහිව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා  අධිකරණයේ පෙනි සිටින ලෙස එම ආයතනයට සිතාසි නිකුත් කර ඇත.

ඒ අනුව එම වෙළඳ ආයතනයේ ගාල්ල කලාප කළමනාකරු බදු මුදල ගෙවා අධිකරණයට ඉදිරිපත් විමට අවස්ථාව සළසා දෙන ලෙස සැකකාර ආදායම් පරික්ෂකවරයාගෙන් ඉල්ලා තිබේ. එවිට සැකකරු පවසා ඇත්තේ එසේ සිදුකල නොහැකි අතර රස්තියාදුවකින් තොරව එම කටයුතු කර ගැනිමට නම් රුපියල් පන් දහසක් අවශ්‍ය බවයි.