වත්මන් ආර්ථික තත්ත්වය ගැන තමා සමඟ විවාදයකට එන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ අභියෝගය බාර ගන්නා බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා කියයි.
ඔහු සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත්තේ ආර්ථිකය ගැන හොඳ තාක්ෂණික විවාදයකට සූදානම් බවයි.
අද පැවති මාධ්‍ය හමුවකදී ද හර්ෂ ද සිල්වා මහතා එම අභියෝගය බාර ගන්නා බව කීවේය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(වීඩියෝ ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුෂිත පාලනයක් තිබුණ රටක එක රැයකින් හරිගස්සන්න බැහැ.එහෙම කරනකොට ටිකක් රට පස්සට යනවා තමයි.ඔච්චර දේවල් දන්නා දන්න ඒක නොදන්නා එකයි ප්‍රශ්නේ.(ම)
මේ විවාදය රටේ සියලුම ජන කොටස් වලට සාධාරණයක් වෙන විදියට සිංහලෙන් සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම කලොත් තමා හොඳ. මොකද කතාකරන්නේ ආර්ථිකය ගැන නිසා සිංහල සහ අසිංහල කාටත් තේරුම්ගන්න පුළුවන්නේ එතකොට.(ම) .
ඔය විවාදය ඇහුවොත් නැවත A /L ආර්ථික විද්‍යාව ඉගෙනගන්න ඕන කියල හර්ෂ පන්ති යන්න පටන්ගන්නවා ෂුවර්. (කේ)
මට නම් මේ දෙන්නම එකයි. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර හම්බවේවි විවාදෙදි. (බ)
අසංක. බන්දුල රුපියල් 2500 මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලත් කියුවා. අර වාසු කියපු අකුරු තුනේ වචනෙට සමාන වචනත් කීවා වගේ හර්ෂත් එක්ක තියෙන විවාදෙදි රෙදි ගැලවෙයිද දන්නේ නැහැ. (බ)
කුණුහරපු කියපු එක හරි බව තහවුරු කරන්න තර්ක කළ කෙනෙක් එක්ක මොන විවාදද? (බ)
මෙහෙමත් දේවල්! (නි)
අපි හිතපු විදියට බඩු මිල අඩුකරන්න මේ අයට බැරිවුණා. දැන් තියෙන්නේ ජනතාවට කොළය වහන ආර්ථිකයක් (නි)
චන්න, ඔබත් යන්න විවාදයට. (නි)
බන්දුල මහත්තය නම් හැසිරෙන්නේ , කතාකරන්නේ තමන්ට වැඩ ආර්ථිකය ගැන දන්නා කෙරුමෙක් නැහැ කියල වගේ. බන්දුල මහත්තය ටියුෂන් පන්තිවල ආර්ථිකය ගැන ඉගැන්නුවට ප්‍රයෝගිකව කරපු දෙයක් ගැන නම් මම අහල නැහැ. එච්චර දක්ෂ යෙක් නම් උ. පෙළ . 5 විබාගයට මොකද උනේ . මහින්ද ආර්ථික ඇමති කලේ කවුද? (ස)
චන්න, ඔය සංඛ්‍යාලේඛන මහබැංකුවෙන් කියපුවානේ. රුපියල බාල්දුවෙලා නැහැ. ඒ දවස්වල ඩොලරයට 130 වඩා වැඩිවුණු රුපියල දැන් 106ට බැහැල. (ස)
කවුරු මොනවා කිව්වත් රට වේගයෙන් ආපස්සට යනවා. අද ඩොලරය රු 137යි. මෙහෙම ගියොත් දෙසැම්බර් වෙනකොට ඩොලරය රු 200 වේවි. ජයවේවා යහපාලනය! (නි)
උසස්පෙළ ආර්ථික ගුරුවරයෙක්ගේ දැනුම ආර්ථික විද්‍යාව ගැන ආචාර්ය උපාධියක් තනා කෙනෙකු හරියට වදුරා සහ ගෝරිල්ල වගේ (ම)
අශාන් 106 ට බැස්සේ මොන රුපියලද? දැන් 133.96 ඔය වේගේ ගොන් කතා මේ විවාදේ දී අහන්න නොවේවා (බ)
බන්දුල මහතාට මේ කතාව තනිවම බැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අපි නම් මේ කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
බන්දුල මහත්තයා එක්ක මොන වාදද මහත්තයෝ? ඊට වඩා නරකද ඒ කාලේ යොදවලා වෙන වැඩක් කළා නම්? (නි)
බන්දුල ආර්ථික විද්‍යාව හොඳට දන්නවා ඇති (නි)
දූෂිත පාලනයට කඩේ යන අය තවම ඉන්නවා කියල සමහරුන්ගේ අදහස් දිහා බැලුවම පේනවා..හැබැයි ඒ අය එහෙම කිව්වා කියල පෙර දින සිදුවුණා වගේ සුදු වෑන් එන්නේ නෑ..රුපියල් 2500 මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියල බන්දුල මහත්තයා කීව බවවත් මතක නැති අය ඉන්න රටක් මේක.හොඳ අභියෝගයක්..(බ)
හර්ෂ මහත්යයෝ නිකන් ගුටි කන්නද හදන්නේ (බ)
නරකද නොයෙකුත් ගෙඩි වර්ග පිළිබඳ විවාදයකට ගියා නම්. ආර්ථික විවාදයට වඩා රසවත්. (නි)
බන්දුල විවාදෙට එන්න කිවුවේ මුදල් ඇමතිටයි.නමුත් කවදත් පස්ස ගහන ඔහු මෙවරද පැමිණෙන්නේ නැතුව වෙනත් කෙනෙකු යොදවාවිද දන්නෙ නැහැ. බන්දුලට මේ කවුරුත් එකය. ඔහු කතාකරන්නේ දත්ත සහිතව තර්කානුකූලවය. මේ විවාදය කලින් අප දැකපුරුදු මඩ වලින් තොරව සුසංවාදයක් ලෙසින් පවත්වා රටවැසියාට නොපෙනෙන ආර්ථිකයේ ස්වභාවය පෙන්නාදීම වැදගත් යැයි සිතමි. (නි)
එක පාරක් සතුන්ගේ නම් වලින් ජනතාව ඇමතුවා නේද ? තප්පුලන කතාවකුත් කියලා අපිව හිනා ගැස්සුවා. (නි)
අතීතයේ මේ දෙන්නගෙම ආර්ථිකය පිළිබඳව දේශනා සහ ප්‍රකාශ දිහා බලනකොට දෙන්නාම සරළ ආර්ථික විද්‍යා දැනුමකින් යුතුව ඉන්නා බව නම් පැහැදිළියි. ඒ නිසාම මේ වාදය මායිම් වැටක දෙපැත්තේ ඉදන් කොස් ගහේ අයිතිය ඉල්ලා කෑගසන සහෝදරයෝ දෙන්නෙකුගේ දෙබස් හුවමාරුවක ස්වරුපය ගනීවි. (නදී)
රට කාපු රට හරක් එක්ක විවාද කරනවද නැත්නමි වැඩ කරලා පෙන්නනවද? කටින් බතල හිටවන් නැතිව වැඩ විතරක් කලාම ඇති අපිට පේනවානේ (නදී)
හදිසියේවත් දුරකතන ඇමතුමක් වගේ දෙයක් ආවොත් වාදය නවත්වයිද ? (නි)
විවාද නොවෙයි රහස් පොලිසියට භාරදෙන්න ඕනෑ එක් කෙනෙක්ව (නි)
නියම සුපිරි වැඩක් (නි)
මෙතරම් බදුගන්න කාලේ රුපියල් 2500න් මාසයක් කන්න පුළුවන් කියන කෙනෙක් ඉන්නවද? රුපියල් 2500ක් එක මිනිහෙකුට මාසේ වැඩට යන්න බස් එකටත් මදි (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අගෙයි. අපිත් බලා ඉන්නවා මෙය කවදා සිදුවේද කියලා (නි)
හොඳ අභියෝගයක් (ම)
දින සීයකට පසු තියෙන ආර්ථිකය විශේෂ වෙනසක් වෙලා නැත්නම් බන්දුල මහත්තයාගේ තියරියේ හැටියට පවුලකට දැන් 2500 යෙන් ජීවත් වෙන්න පුලුවන්ද කියන්නකෝ.(ම)
රුපියල් 2500 කින් මාසයක් කන්න පුළුවන් කියපු මනුස්සයෙක් එක්ක මොන තාක්ෂණික විවාදද? (ස)
දින 100 කට පස්සේ රටේ ආර්ථිකයේ ලොකු වෙනසක් වෙලා . ඒ 7.4% වැඩියෙන් වාර්ෂිකව අඛණ්ඩව වර්ධනය වූ ආර්ථිකය දැන් ආපස්සට යනවා .2015 වසරේ දැනට වර්ධනය 6.2% දක්වා අඩු වෙලා . රුපියල බාල්දු වෙලා ,විරැකියාව 10% ඉක්මවා ගිහිල්ලා. ගෙවුම් ශේෂ පරතරය වැඩි වෙලා. විදේශ සෘජු ආයෝජන නැවතිලා .පොලි අනුපාතය ඉහල ගිහිල්ල. විදේශ සංචිත එන්න එන්නම පහල යනවා. උද්ධමනය ජවන වේගයකින් ඉහල යනවා. කොටස් වෙළද පොළ ගැන කතා කරලා වැඩක් නැහැ .මේවා තමයි දින 100 යේ ප්‍රථිපල. (ස)
මට හිතෙන විදියට නම් බන්දුල මහතා හිතාගෙන ඉන්නේ එයාට වැඩ ආර්ථිකය ගැන දන්නා කෙරුමෙක් නැහැ කියල. (ස)
ඒ ගොල්ලන්ට බලය තියෙද්දී කවුරු මොන විදියේ අභියෝග කලත් මොනවා හරි බොරු හේතු දක්වලා ඒක මග ඇරලා යනවා. මේ ආණ්ඩුවේ ඉන්න අයත් එහෙමයි කියලා හිතාගෙන වෙන්න ඇති මෙයා මේ අභියෝගය ඉදිරිපත් කළේ. ආචාර්ය හර්ෂ ද සිල්වාට සුබ පැතුම්.(ම)
කොහොම උනත් කමක් නැහැ එම ප්‍රසිද්ධ විවාදය මුළු රටේම ජනතාව දැන ගන්නත් එක්ක සියලු ජනතාව රූපවාහිනිය නරඹන කාලයක ඒ ප්‍රසිද්ධ විවාදය එතුමන්ලා කලොත් ඒ අවස්ථාවේ එය විකාශය කලොත් හොදයි කියලා අපිට හිතෙනවා. දෙනනටම ජය වේවා.! (ර)
බන්දුලට ජය නියතයි. හර්ෂට ශේප් වෙන්න පුළුවන්. රවී මොඩය උ දන්න ආර්ථිකේ. අවොත් ඉවරයි. (ම)
ආර්ථික විද්‍යාව ගැන ආචාර්ය උපාධියක් තියෙන හර්ෂ මහත්තය නම් බොහොම නිහතමානී විදියට හැසිරෙන , කතාකරන කෙනෙක් බව තමා පේන්න තියෙන්නේ. නමුත් බන්දුල මහත්තය නම් හැසිරෙන්නේ , කතාකරන්නේ තමන්ට වැඩ ආර්ථිකය ගැන දන්නා කෙරුමෙක් නැහැ කියල වගේ. බන්දුල මහත්තය ටියුෂන් පන්තිවල ආර්ථිකය ගැන ඉගැන්නුවට ප්‍රයෝගිකව කරපු දෙයක් ගැන නම් මම අහල නැහැ, හර්ෂ මහත්තය නම් පුද්ගලික සමාගම් බිහි කරලා ඒවා ඉතමත් සාර්ථක විදියට පවත්වාගෙන ගිය සහ පුද්ගලික අංශයේ ඉහල තනතුරු දරමින් ප්‍රයෝගිකව ආර්ථික විද්‍යාව ගැන තමන් දන්නා බව පෙන්වපු කෙනෙක්. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියල. (ස)
දෙන්නම කියන්නේ ලංකාවේ මිනිස්සු කනවා වැඩියි කියලා (නි)