
(යොහාන් භාසුර )
ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් දෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට අද (20) දැනුම් දුන්නේය.
ඒ අනුව වසර දහයක් තුළදී ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සදහා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් යෝජනාවලියක් සකස් කර යොමු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබෙි.
ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සදහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත් බව ද අමාත්‍යවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෘහ සේවයට කාන්තාවන් විදේශගත කිරීම අත්හිටුවයි ?
sam Tuesday, 20 February 2024 09:01 PM
ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර කර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සදහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත් නැත. ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට පෙර පළමුව ශ්‍රී ලාංකික කාන්තාවන් ලංකාවේ සිට ඔවුන්ගේ ආර්ථිකය සක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම පළමුව සිදුවිය යුතුවේ. ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර කිරීමට නොහැකිය. ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සදහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත් වනබව කියා සිටින ඇමතිවරයාගේ අදහස / මතය තුලම ඔහු ලංකාවේ ආර්ථිකය දියුණු කර පුහුණු සේවකයන් ලංකාවේ රදවා ගැනීමට වැඩ පිළිවෙලක් සකස් කළයුතු බවට හෝ ඒ සදහා විසදුමක් නොමැත. ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත්ව ගොස් සිටිනා පිරිසගේන් කොපමණ පිරිසක් ජනසවිය / සමෘද්ධි අස්වැසුම් ලබාගන්නේද කියා සොයා බලන්න
Sandhya balasuriya Tuesday, 20 February 2024 10:43 PM
හොඳයි... දරුවන් අනාථ වෙනවා අම්මලා නොයෙකුත් ප්‍රශ්න වලට යොමුවීම වැළකෙනවා.
Asela Tuesday, 20 February 2024 10:51 PM
ජාතික ජන බලවේගයට ජය වේවා
chandima Wednesday, 21 February 2024 05:54 AM
පුහුණුව නොදී කොහොමද පුහුණු සේවකයෝ වවන්නේ? කටින් බතල තමයි.
Perera Wednesday, 21 February 2024 07:23 AM
ඉන්දියාව ඔවුන්ගේ ගැහැණුන්ව වහල්කමට කවදාවත් මැදපෙරදිගට ඇරලා නැහැ.
Pradeep Kumara Wednesday, 21 February 2024 09:17 AM
ඒ අදහස ඉතාමත් වැදගත්. නමුත් මහත්තයෝ ඔය කාන්තාවන් ගෘහ සේවයට යන්නේ වෙනත් කිසිම විකල්පයක් නොමැති තැනයි. ඒ නිසා ඒ අයගේ ආර්ථික තත්වය නැංවිය හැකි ක්‍රමයක් පළමුව සාදන්න.
P.M.Samanthika Wednesday, 21 February 2024 12:27 PM
ඔව්, ඒකනම් ගොඩාක් වටින දෙයක්. අපේ රටේම මිනිස්සු මෙහෙ අරාබි ගෙවල්වලට සල්ලි අරන් අපිව දීලා යනවා.. ඊට පස්සේ කන්නවත් දෙන්නේ නැතුව බඩගින්නේ ඩිරාම් 800ක් වගේ පොඩි පඩියකට මරවනවා. කාන්තාවන් ගෙවල්වල රස්සාවට එවන එක නතර කරන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්...