(විනීතා එම් ගමගේ)
මැදපෙරදිග රටවලට ගෘහ සේවිකාවන් යැවීමේ දී සේවා ස්ථානය හා හාම්පුතුන් පිළිබඳ ලබාගන්නා තොරතුරු වලදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ශාරිරික හා මානසික සෞඛ්‍යය පිළිබඳ තොරතුරු ද ලබා ගැනිමට ඉදිරියේ දී කටයුතු කරන බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය.
මේ සම්බන්ධව විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සමඟ සාකච්ඡා කර වැඩ පිළිවෙලක් සකසන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
ගෘහ සේවිකාවන් යැවීමේ දී සේවය කළ යුතු නිවසේ නිවැසියන් සංඛ්‍යාව, නිවසේ විශාලත්වය, හාම්පුතුන්ගේ රැකියා ආදී තොරතුරු ලබා ගන්නා නමුත් නිවැසියන්ගේ ශාරිරික හා මානසික සෞඛ්‍යය පිළිබඳව තොරතුරු ලබා ගැනීමක් සිදු නොකරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
ඉකුත් මාර්තු මාසයේ දී සේවය කළ නිවසේ සාමාජිකයෙකු විසින් ශ්‍රී ලාංකික ගෘශ සේවිකාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ දී එම නිවසේ මානසික රෝගියෙකු සිටින බව නොදැන ඇය එම නිවසේ සේවයට ගිය බවක් පෙනී යන්නේ යැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා එවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්විය යුතු යැයි ද කියා සිටියේය.
මේ සඳහා නව වැඩපිළිවෙලක් ඉක්මණින්ම සකස් කළ යුතු බව නානායක්කාර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාම්පුතුන්ගේ පවුලේ සෞඛ්‍යය පමණක් නොවේ. ඔවුන්ගෙන් බහුතරයන්ගේ ගතිගුණ ඉතා නරකයි. ප්‍රතිපත්තිම වශයෙන් රජය සෞදි අරාබියාවට ගෘහ සේවිකාවන් යැවීම නතර කළ යුතුයි. එහෙන් දිනපතා ආරංචි වෙන්නේ නරක ප්‍රවති. රට යන්න ගෘහ සේවිකාවන්ගේ ප්රශ්නය ඇයි රජයට රට තුළ විසඳන්න බැරි? බලයට ආපු සියලු ආණ්ඩුවේ එකම අරමුණ විදේශ විනිමය මේ රටට ගෙන්වා ගැනීම.
ඇත්තටම මටනම් මේක කියෙව්වාම හිනා වෙන්නේ කොයි කොනෙන්ද කියලා හිතා ගන්න බැහැ. ලෝකයේ වෛද්‍ය ආචාර ධර්ම අනුව, බාලවයස්කරුවන්ගේ වෛද්‍ය වාර්තා දෙමවුපියන්ට ලබා දීමත් , ඉතාම වයස්ගත පුද්ගලයින්ගේ වාර්තා ඔවුන්ගේ භාරකාරත්වය ඇති දු දරුවන්ට ලබා දීමත් හැර තුන්වන පාර්ශවයකට ලබා දෙන්නේ නැහැ. ඇමතිතුමා කැමතිනම් එයාගේ මානසික සෞඛ්‍ය පිළිබඳව තොරතුරු ලෝකයට හෙළි කරනවා මිසක් කිසිම වෛද්‍යවරයෙක් ( මේ වාර්තාව වෛද්‍යවරයෙකුගෙන් මිසක් අල්ලපු ගෙදර මිනිහාගෙන් ලබාගෙන වැඩක් නැහැනේ) තම රෝගීන්ගේ තොරතුරු පිටස්තර කෙනෙකුට දෙනවා නම් දෙන්නේ උසාවි නියෝගයකින් හෝ ඒ පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමට පමණයි
හාම්පුතුන්ගේ නෙවෙයි අපේ විචාර බුද්ධියක් නැති බලධාරින්ගෙයි, ගෙවල් වල නිකම් ඉන්න කම්මැලි ස්වාමි පුරුෂයින්ගෙයි මානසික වෛද්‍ය වාර්තා කැඳවුවොත් නරකද? මෙච්චර සංස්කෘතිය ගැන කතා කරන රටේ, ගෙදර බිරිඳ වහල් සේවයට යවලා කන්න සොයා ගන්න පුතාලා හදපු අපේ මව්වරුන්ටයි මම නම් මුලින්ම දොස් කියන්නේ...
මැද පෙරදිග ගෘහසේවිකාවකගේ වැටුප රු. 35000.00 - 45000.00 ත් අතර ගණනක්. ජීවිත පරදුවට තියලා තමයි ඒ ගමනත් යන්නේ. ලංකාවේ පෞද්ගලික අංශයේ රැකියා ඇබෑර්තු ඕනෑතරම් තියනවා. අතිකාල දීමනා, පැමිණීමේ දීමනා ඇතුළත්ව අවම වශයෙන් රු. 25000.00 - 30000.00ක් වත් ගන්න පුළුවන්. පෞද්ගලික අංශයේ රැකියා සදහා සේවක හිඟයක් ලංකාවේ තියනවා. මේක නිසි විදියට කළමනාකරණය කරලා මේ ගෘහ සේවිකාවන් විදියට රටවල් වලට යවන එක නතර කරනවා නම් හොඳයි. ඒ අයව අවශ්‍ය පුහුණුවකට ලක්කරලා පෞද්ගලික අංශයේ ඇබෑර්තු වලට යොමු කිරීමට රජය මැදිහත් වෙනවා නම් නිකරුනේ සිදුවන ජීවිත හානි අවම කරගන්න පුළුවන් වෙයි. ඊට අමතරව බිරිඳ විදෙස් ගතවූ පවුල් වල ජන ජීවිත විනාශ වූ අවස්ථාවන් එමටයි.
සමාජ රෝගත් වැළඳී තිබෙනවාද කියලා බලන්නේ නැද්ද?
බලාගෙන ඉන්න.. මෙන්න කියලා කියපු ගමන් එ් රටවල මිනිස්සු මුළු පවුලේම සෞඛ්‍ය පිළිබඳ සම්පූර්ණ වාර්තාව ඔබතුමාට දේවි... නිකන් බොරුවට නොකෙරෙන වැඩ ගැන කතාකරන්න එපා ඇමතිතුමා.. ඔය ප්‍රශ්නයට විසඳුම සෞදියට ගෘහසේවිකාවන් යැවීම නතර කිරීම තමයි.
විහිලු නොකර හිටපල්ලා. ලංකාවේ ඒජන්සි කාරයෝ බොරු උප්පැන්න සහතික හදලා ලෝකේ නැති බොරු කරලා ගැහැණු රට යවනවා. ඒවා නවත්තගන්න බැරුව වෙන රටවල අයගේ පැටිකිරිය හොයන්න යනවා. ඒ අයට පිස්සුද තමන්ගේ පුද්ගලික දේවල් පිටරටට දෙන්න. කියන්නෙම බොරු පම්පෝරි තමයි.
මේ වැඩේ හරියන්නේ නැහැ. මොකද සමහර ඒජන්සි වලින් තහනම් වූ ගෙවල්වලට ඒ අයගේ නෑයින්ගේ නම්වලින් සේවිකාවන් ගන්නවා.
සෞඛ්‍ය වාර්තා කැඳවන්න ඕනෑ. තමන්ගේ භාර්යාව නඩත්තු කරන්න බැරිව රට පටවලා ඒ මුදලින් ජීවත් වෙන ලජ්ජා නැති ලාංකික ස්වාමි පුරුෂයන් තමයි.
සත්‍යපාල මහතා ලංකාවේද ජීවත් වෙන්නේ? මේ පිටරට ගෘහ සේවිකා සේවය නිසා පවුල් කීයක ස්වාමි පුරුෂයින් අයාලේ ගිහින්, දරුවන් සමාජ විෂමාචාරවලට ගොදුරු වෙලාද කියලා ඔබ දන්නවාද? හොඳයි ඔබද ඒ දරු පවුල් වල ආරක්ෂාවට වග කියන්නේ. ඊයේ පෙරේදා අන්ධ වුණු කාන්තාවක් ලංකාවට එව්වම ඇගේ මුදල්වලින් බඩ පුරවාගත් සැමියා වෙනත් කාන්තාවක් සමග ගිහින්... මේවා බොහොම සුළු දේවල් සල්ලි තිබේ නම් මොකද කියා හිතෙන සත්‍යපාල ඔබ විදේශ රැකියා ඒජන්සියක්වත් කරනවාද?
මම නම් පුද්ගලිකව තමන්ගේ බිරිඳ ආර්ථික වාසි තකා ඉතා අනාරක්ෂිත කටුක රැකියාවකට රට පැටවීම අනුමත කරන්නේ නැහැ. දරුවන්ගේ බඩගින්නට වැඩිය ඔවුන් දෙමව්පිය රැකවරණ මදිකම නිසා සමාජ අපචාරවලට ගොදුරු වීම භයානකයි. එක වේලක් කුසගින්නේ සිටි දරුවන් මවගේ රැකවරණය ඇති නිසා දුක දිනා ජයගත් අවස්ථා එමටයි. සත්‍යපාල කෙසේ කිව්වත් බිරිඳ ගෘහ සේවිකා සේවයට යාම නිසා පවුල් සංස්ථාවේ අර්බුද නැතැයි කියන්න බැහැ.
කාන්තාවක් තුන් වේලක් කන බව නොදන්නවා නම් රැකියාවකුත් නැති නම් විවාහ වෙන්න එපා... කියා සුප්‍රසිද්ධ මනෝ වෛද්‍යවරයෙක් රූපවාහිනී සාකච්ඡාවකදී කලකට පෙර කිව්වා. බිරිඳ රැකියාවකට යැවීමේ වරදක් නැහැ. නමුත් ඇගේ ආරක්ෂාව ගැන නොසලකා ආර්ථික තත්වය ගැන පමණක් සිතා කටයුතු කිරීම පිරිමියෙකුට වටින්නේ නැහැ. හොඳයි බිරිඳ රැකියාවට ගෘහසේවිකා සේවයට යවන පිරිමියා ඊළඟට තමන්ගේ වයසක අම්මාත් රට යැව්වොත් කමක් නැද්ද?
පිටරට ගිහිල්ලා විකිණෙනවට වඩා හොඳ ලංකාව ඇතුළේ වැඩකරන එක.. පිටරට යන්න කලින් ලංකාව තුළ වෘත්තියව වැඩ කරලා පුරුදු වුනොත් හොඳයි. ගෘහ සේවය වෘත්තිය මට්ටමට ගෙන අාවොත් හොඳයි. සේවක අර්ථ සාධක අරමුදල ලැබෙන ක්‍රමයක් තිබුණොත් හොඳයි. රක්ෂණ ක්‍රමයක් තිබුණොත් හොඳයි.
නූගත් ගතින් දුර්වල සැමියාට කවුද පිටරට රැකියා දෙන්නේ කියලා සත්‍යපාල අහනවා. ඇත්තට ඔබතුමා අභ්‍යාවකාශයේද ජීවත් වෙන්නේ? දැන් බිරිඳ ඔය කියන උගත්කම තිබේ නම් මෙච්චර කරදර රැකියාවකට යාවිද? දැන් මේ පිටරටවල සේවයට යන කාන්තාව ගෙදර පිරිමියාටත් වැඩිය ශක්ති වන්තද? සත්‍යපාල, මම කාන්තාවක් නිසා මේ කියන්නේ. බහුතරයක් කාන්තාවන් ගෙදරින් පිටව දරු පවුලෙන් ඈත්වෙන්නේ කැමැත්තෙන් නෙවෙයි. ගෙදර පිරිමියාගෙන් පවුල් ආර්ථිකය සඳහා ලැබෙන දායකත්වය මදි නිසා තමයි විවාහක කාන්තාවක් දුක් විඳිමින් රැකියාවකට යන්නේ. මම දන්නා ගෙදරක මල්ලි වෛද්‍යවරයෙක්. අරාබියේ රැකියාවට ගොසින් ඔහුට ඉගැන්වූ අක්කව ගෙදර ආයම්මා කරගෙන... ගෙදරට එන අමුත්තන්ට පෙන්වන්නේ ගෙදර වැඩකාරි විදියටයි. ගැහැණිය ගෙදරින් පිටදී නෙවෙයි පවුල ඇතුලේත් ආර්ථික සුරාකෑම්වලට ලක් වෙනවා.
මම හිතන්නේ කාන්තිගේ කතාවත් ගත යුත්තක් තිබෙනවා. බිරිය රට ගිය පවුල්වල සැමියා බීමට ඇබ්බැහි වෙලා අන්තිමට ගෙදරට කුඩම්මා කෙනෙකුත් කැඳවලා දරුවන් අනාථ වෙන අවස්ථා එමටයි. වැඩිමහලු ගැහැණු දරුවන් පියාගේ යහළුවන් නිසා අගතියට පත් වෙලා ගෙදර බත් අම්මා වුණු පවුලක් අපේ ගමේ ඉන්නවා. ඒ ගෙදර පිරිමියා කිසිම රැකියාවක් නොකර ගම වටේ රස්තියාදු ගහනවා. ඒ පුද්ගලයා අඩු ගානේ කුලී වැඩක් කරලා දරුවන්ට කන්න දෙන්න ලැස්ති නැතිනම් බිරිඳට අරාබියේ රැකියාව එකම විසඳුම හැටියට පේන්නේ. ඒනිසා සත්‍යපාල, මේ තත්වයට ගෙදර පිරිමියාගේ වැඩි වගකීමක් තිබෙනවා යන්න මගේත් අදහසයි.
බොහෝ පවුල්වල කාන්තාවෝ රට යාමට පෙළඹෙන්නේ පවුල්වල ඇතිවෙන ක්ෂණික මුදල් අවශ්‍යතා හේතුකොටගෙන. එහෙම නැතුව මාසිකව ලැබෙන පඩිය බලාගෙන නෙවේ. අසනීපව සිටින මවගේ, පියාගේ, සැමියාගේ, දරුවාගේ ශල්‍යකර්මය කරගන්න, ඉන්න ගෙය හදාගන්න, ගෙවීමට බැරිව සිටින ණය ගෙවා ගන්න, ආදී ක්ෂණිකව ඇති වන හේතු වලට. මේ වෙලාවට එ්ජන්සි කාරයෝ දෙවියෝ වගේ පිහිට වෙනවා. යන රට සේවය කරන තැන මොකවත් බලන්නෙ නෑ. මේ වගේ අයට පිහිට වෙන්න ක්‍රමයක් ලංකාවේ නෑ. තිබුණත් හොරු, මංකොල්ලකාරයෝ, බොරැකාරයෝ එ් ක්‍රමය විනාශ කරනවා.