අපි ජාතිවාදීන් යැයි මැතිවරණ සමයේ ඇතැම් පිරිස් කීවත් අපි ජාතිවාදීන් නොවේ. මුස්ලිම් කොංග්‍රසය ජාති වාදී පක්ෂයක් යැයි කියන නිසා ඉදිරියේ දී අප පක්ෂයේ ප්‍රතිපත්ති කිහිපයක් වෙනස් කිරීමට බලාපොරොත්තුවන බව එහි නියෝජ්‍ය නායක හාපිස් නසීර් අහමඩ් මහතා අද ත්‍රිකුණාමලයේ දී කීය. නැගෙනහිර පළාත් කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන, පශු සම්පත්, කාර්ය සාධක හා ධීවර ඇමැතිවරයා වශයෙන් වඩ බාර ගැනීමේ උත්සවයේ දී ඔහු එසේ කීවේය. මුස්ලිම් කොංග්‍රස් නායක ඒ.එච්.එම්. අෂ්රොප් මහතා ජාතික සමගි පෙරමුණ බිහි කෙළේ ජාතිවාදී හංවඩුව නැති කිරීමට බව ද ඔහු සඳහන් කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
ෆාරු හරි. (නි)
අයියෝ සල්ලි
මුස්ලිම් ක්‍රොන්ග්‍රසයෙන් සිංහල අයත් ඡන්දේ ඉල්ලුවනේ...(ස)
දැංවත් තේරුණානම් ලොකු දෙයක්..!(නු)
ජාතිවාදය ස්වාභාවදහම ප්‍රතික්‍ෂේප කරයි. එහෙම අයට අනාගතයක්ද නැත..(ස)
ඇත්ත. මොනවා නැතත් ජාතිවාදය හොද නැහැ (නි)
අර තැනින් තැනට පනින ප්‍රතිපත්ති වෙනස් කරන්න.(ස)
සාමය සමගිය පතුරවමු සතුටින් ඉදිරිය සරසවමු ඒක කොඩියේ සෙවනම පතමු ඒක් වී දියුණුවේ පෙරට යමු (ස)
වරද පිළිගෙන එය නිවැරදි කිරීමට කටයුතු කිරීම පිළිබද සතුටුයි. (නි)
ඔය ගහ කපලා දාන්නයි තියෙන්නේ. (නි)
අප විවිධ ආගම් සහ ජාතිවලට අයත් වූවෝ වෙති. ආගමිත ජාතික අනන්‍යතාවය රැකගෙන අප ජීවත්විය යුතුයි.මරණයෙන් පසු සියල්ල වෙනස් වෙයි.කිසිවකුට ජිවත්වන කාලයතුළ තනි ජාතියක සහයෝගයෙන් ජීවත්විය නොහැක. රෝගීව බෙහෙත් ගන්නවිට ඇතුලුව සමාජ කටයුතු වලදි කිසිවකු ජාති ආගම් සලකා නොබලයි. (ස)
අනේ මන්දා
දිනුවත් පැරදුනත් ආණ්ඩුවේ ඇමතිවරුනේ..(ස)
පක්‍ෂෙය් නමත් වෙනස් කරනවාද පටන් ගන්නේම "මුස්ලිම් කොංග්‍රසය" කියලානේ.(ස)
කවුරු මොනවා කිවුවත් මේ ලෝකයෙන් ජාතිවාදය නැතිකිරීමට නොහැක. ලංකාවේ හුඟක් පක්ෂ කරන්නේ ජාතිවාදය ඇවිස්සීම සහ ජාතිය පාවාදීමයි. (නි)
පක්ෂයේ නමත් වෙනස් කරලා දැම්මනම් ඉවරනේ. ප්‍රතිපත්ති පමණක් වෙනස් කරලා වැඩක් වෙන්නේ නැහැ. දැනටමත් ප්‍රතිපත්ති වලට අනුව මැතිවරණවලට සිංහල, දෙමල අයත් මුස්ලිම් කොංග්‍රසය යටතේ තරග කරනවනේ. නමත් වෙනස් කළා නම් එහි තරග කළ අයටත් යම් ජයග්‍රහනයක් ලබාගැනීමට ඉදිරියේ දී හැකිවේවි. කෙසේ වෙතත් ජාතිවාදී ලේබලය ගැලවීමට කටයුතු කිරීම ගැන සතුටු වෙමි. සුභ අනාගතයක්! (නි)
ගහේ අතු කපනවලුනේ. (නි)
පළාත් සභා සහ ප්‍රාදේශීය සභා යන දෙකම අහෝසි කළ යුතුයි. (නි)
අපිටනෙ කියන්නෙ. (නි)
අපි ඔබටයි . ඔබ අපිටයි. (නි)
ගස් වැඩිය වවන්න දෙන්න නරකයි. මට්ටම් කරලා තියා ගන්න ඕනි.නැත්නම් කවදාහරි ලංකාවට ලොකු කරදරයක් වේවි.(ස)
ඔබේ අදහස නම් හොඳයි (අ)
ඔන්න ලිවුවා වරුණ කියන මහ ජාතිවාදය. (නි)