ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, විපතට පත්වී සිටින ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට මානුෂීය ආධාර යැවීම සම්බන්ධයෙන්, ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතරේ එකඟත්වයක් ඇති කර ගැනුණි.
එකඟත්වය ඇති කර ගැණුනේ, කටාර් රාජ්‍යය සහ ප්‍රංශය මැදිහත් වී, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සහ හමාස් නියෝජිතයන් මුහුණට මුහුණ හමුවී, සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.
ඇති කරගත් නව එකඟතාවට අනුව, ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීම කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරින් ආරම්භ වනු ඇත. එම ආධාර ඊජිප්තුවට රැගෙන යෑම සිදුවන්නේ, ඊජිප්තුව හරහා ගාසා තීරයටය. ගාසා තීරය ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුවටත් මායිම් වෙයි.
හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට අවශ්‍ය ඖෂධ ඇතුළු පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් ද එකඟතාවක් ඇති කර ගැණුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 132 ක් තවමත් හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින බව ද පැවැසෙයි.
ඊශ්‍රායල හමාස් යුද්ධයට දින 100 කට වඩා ගත වී ඇත. මේ වනවිට ස්ථිරසාර සටන් විරාමයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සහ හමාස් නියෝජිතයන් හවුල් කරගෙන සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකාව කටයුතු කරන බව ද වාර්තා වේ.
මේ අතර, චීන රජය යෝජනා කළ ඇත්තේ සියලු පාර්ශ සම්බන්ධ කර ගනිමින්, ඊශ්‍රායල හමාස් අර්බුදය විසඳීමට ජාත්‍යන්තර සමුළුවක් පැවැත්විය යුතු බවය.
(ඒ.එෆ්.පී.)
ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි සමස්ත ශ්‍රී ලාංකිකයින් සමඟ ප්‍රාර්ථනා කරන බව අග්‍රාම
බුද්ධ දේශනාව ප්‍රායෝගිකව වටහා ගනිමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බව ජනාධිපති අ
රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් නුවරඑළියට පැමිණෙන බැතිමතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස රජයේ ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩසටහන ඉ
තථාගත ලොව්තුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් වූ සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගාසාවට මානුෂීය ආධාර එයි