ඩයනා උදයංගනී
ගෑස් මිල වැඩිකිරීමේ කිසිඳු තීන්දුවක් ගෙන නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පැවසීය.
රජයට අයත් ‘ලිට්රෝ’ ගෑස් සමාගම මෙන්ම ‘ලාෆ්’ පෞද්ගලික ගෑස් සමාගම විසින්ද ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලීම් කර ඇති නමුත් අද හෙටම මිල වැඩිකිරීමට නොහැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ගෑස් යනු අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වන බැවින් එහි මිල වැඩිකිරීමේදී අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් අමාත්‍යාංශ කමිටුවෙන්, මලික් සමරවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු ජීවන වියදම් කමිටුවෙන් මෙන්ම කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලබාගැනීමට සිදුවන බව අමාත්‍ය බදියුදීන් මහතා කීවේය.
ලෝක වෙළඳ මිල ගණන් අනුව ගෑස් මිල ගණන් අඩුවැඩි කිරීමේ මිල සූත‍්‍රයක් ගෑස් වෙනුවෙන් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරගෙන යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමති රිෂාඞ් බදියුදීන් මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (20) පැවති මාධ්‍ය හමුවකදී ‘‘ගෑස් මිල වැඩිකරන ලෙස සමාගම් විසින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව ගෑස් මිලේ වෙනසක් සිදුවේවිද?’’ යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු සතොස මගින් එන එකට මොකද කියන්නේ කෝ සතොස හරහා අපු කුඩු
2015 අඩු කල මිලටම ගැස් සහ පැට්‍රොල් අදටත් තිබීම ගැන රජයට ඉස්තුතිය පුදනවා.
අර ඉන්දන වලට දෙනවා කියපු මිල සූත්‍රය කවදාද දෙන්නේ?
කැබිනට් සංසදයෙන් පස්සෙ වැඩි කරන්න ඉන්නේ. ඒකනේ කියන්නේ දැන්ම වැඩිකරන්න බැහැ කියලා.
ගෑස් වැඩි කරන්න විල්පත්තුවේ !!!