IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ගෑස් බෙදන හැටි අගමැති කියයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජුනි 11 දා සිට අගෝස්තු මුල් සතිය දක්වා ගෑස් මෙට්‍රික් ටොන් තිස්තුන් දහසක් ලැබීමට නියමිත බැවින් දැනට පවතින ගෑස් හිඟය ජුනි අවසන් වන විට හෝ අගෝස්තු මුල් සතිය වන විට පහව යනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

ජුලි 11 හෝ 12 වැනිදා සිට දිවයින පුරා ගෑස් සිලින්ඩර 112000 ක් අඛණ්ඩව දෛනිකව බෙදාහැරීම ආරම්භ කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ජුලි 11 සහ 12 දිනවල කොළඹ නගරයේ ස්ථාන 140ක දී ගෑස් බෙදා හැරීමට සැලසුම් කර තිබෙන අතර එ් සෑම ස්ථානයකටම කිලෝ ග්‍රෑම් 12 සිලින්ඩර 100 බැගින් සිලින්ඩර එක්ලක්ෂ හතලිස් දහසක් දින දෙකක් තුළ බෙදා හැරීමට සැලසුම් කර තිබෙන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.

පසුව කොළඹ නගරයේ දෛනික අවශ්‍යතාවය වන කිලෝ ග්‍රෑම් 12 ක සිලින්ඩර 25,000 බැගින් නිකුත් කරන්නට කටයුතු කරන අතර බේකරි හා සුළු පරිමාණ ව්‍යාපාර සඳහා ගෑස් නිකුත් කිරීම ද මීට සමගාමීව සිදු කිරීමට කටයුතු කර තිබෙන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මේ සියලු කරුණු කාලගුණය හා මුහුදේ ස්වභාවය අනුව වෙනස්කම් වලට ලක් වෙන්න පුළුවන් නමුත් ඉදිරි මාස 4 ක කාලයක් ගෑස් හිඟයකින් තොරව දෙන්නට හැකි බව තම විශ්වාසය බවද අග්‍රාමාත්‍යවරයා කීය.

 



අදහස් (6)

ගෑස් බෙදන හැටි අගමැති කියයි

බණ්ඩාර Wednesday, 06 July 2022 01:17 PM

ඔබතුමා කොහොම හරි මේ ගැටළු විසඳන බව දන්න නිසා තවත් ඉවසීමෙන් ඉන්නේ...

:       16       23

fairoos Wednesday, 06 July 2022 01:51 PM

එහෙනම් කොහොමද ඉදිරි මාස 2 අමාරු කාලයක් වෙන්නේ? ගෑස් සහ ඉන්ධන ලැබුණොත් ජනතාවට පොඩි සහනයක්...!

:       25       17

Chandima Wednesday, 06 July 2022 01:56 PM

ඒ ගෑස් නැව් එන්න කළින් ගෝඨාභය යවාගන්න වෙන්න ඇති මෙයා ගෝලයින් දමලා හූ කියන්නේ..?

:       15       55

fairoosWednesday, 06 July 2022 06:28 PM

චන්දිම වෙන්ඩැති ‌ගෝට ඔනෙ කියන එකම එක්කෙනා

:       0       0

රුවන් Wednesday, 06 July 2022 03:48 PM

අමාරු කාලයක් වෙන්නේ ගෑස් සිලිංඩරයේ මිලයි. මිල ගැන කියනනේ නෑනේ.

:       0       6

chandima Wednesday, 06 July 2022 09:07 PM

ගෑස් බෙදන්න මොන ප්ලෑන් ගැහුවත් චොප්පේ අයියලාට ඔන විදිහට තමි ඒ තැන්වල ගෑස් බෙදන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site