මොරගහකන්ද රක්ෂිතයේ දර කැපීමට පැමිණියැයි සැකපිට නාවික සෙබළු හතර දෙනකු ලොරියක් හා ට්‍රැක්ටරයක් ද සමග අත්අඩංගුවට ගත් බව නාවුල අඩවි වන නිලධාරි කාර්යාලය පවසයි.
පූනෑව කඳවුරට අනුයුක්තව සේවය කරණ මේ සෙබළු පවසා ඇත්තේ අනුරාධපුරයේ ඉදිකිරීමකට අවශ්‍ය ගඩොල් පිලිස්සීමට අවශ්‍ය දැව කැපීමට තමන් කැලයට පැමිණි බවයි. මොරගහකන්ද ජලාශයට යටවන ප්‍රදේයේ ගස් ඉවත්කිරීමෙන් පසු ඉතිරිවූ දර කැබලි මෙලෙස රැගෙන ගිය බව ද නාවික භටයෝ පවසා ඇත.
වන සංරක්ෂණ නිලධාරින් පවසන්නේ මින් පෙර දර රැගෙන යාමට නාවික හමුදාවෙන් පැමිණි බව තමන් දන්නා බවයි. මෙවර පැමිණ ඇත්තේ කිසිදු දැනුම් දීමකින් තොරව බැවින් ඔවුන් අත්ඩංගුවට ගත් බව ද ඔවුහු කියති. සැකකරුවන් නාවුල මහේස්ත්‍රාත්වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගස් කපන්න ගිය නාවිකයෝ අත්අඩංගුවට
සරත් Wednesday, 20 May 2015 05:17 AM
විල්පත්තුව ඩෝසර් කරන අය අත්අඩංගුවට ගන්නේ නැත්තේ එයාලා ලංකාවේ අය නොවන නිසාවත්ද? (නි)
රේණු Wednesday, 20 May 2015 05:32 AM
බෞද්ධයන්ගේ හදවත වන අනුරපුරයේ ඉදිකරන සදහිරු සැය ඉදිකිම සදහා අවශ්‍ය කරන ගඩොල් කැපීම සදහා ගිය රණවිරුවන් අත්අඩංගුවට ගැනීමට හයියක් අද තිබෙනවා එ්ත් විල්පත්තු අභයභුමිය සුද්ධ කරනකොට මේ මහත්තුරු මර නින්දේ අවුලක් නෑ යහපාලනයනේ (බ)
නිශාන්ත Wednesday, 20 May 2015 05:35 AM
වන සංරක්ෂණයට පුලුළුවන් ඔයවගේ දේවල් විතර තමා. ඕකෙන්වත් ලකුණු දාගන්න බලන්න. (බ)
ජොහාන් Wednesday, 20 May 2015 05:42 AM
රටේ සිදුවන වන විනාශය මාධ්‍ය මගින් මෙපමණ පෙන්වා දෙන විටත් නොපෙනුන සේ ඉන්න මේ අයට රටේ ජාතියේ උවමනාවට කරන මේ වගේ දේවල් හොඳට පෙනෙනවා. රණවිරු සැමරුම් දිනේ දවසෙම මේවගේ දෙයක් කිරීම රටට ලොකු ආඩම්බරයක්. (ස)
රෝමා Wednesday, 20 May 2015 05:51 AM
මම දන්නා තරමින් හමුදාවෙන් මොරගහකන්දේ දර ගෙනියන්නේ සඳ හිරු සැය හදන්න ගඩොල් පුළුස්සන්න. කල්ලාරු රක්ෂිතයේ වනාන්තර පිටින් කපපු එක්කෙනෙක් වත් අත්අඩංගුවට ගත්තද? ඔහොමද රණ විරුවන්ට සලකන්නේ? (ස)
සඳුන් Wednesday, 20 May 2015 07:52 AM
මමනම් කියන්නේ වැරැද්ද විල්පත්තුවේ නීතිය ක්‍රියාත්මක නොකිරීම. මෙතන ක්‍රියාත්මක කිරීම නොවෙයි. සඳහිරු සෑයට කියලා අනවසර වැඩ කරන්න දුන්නම එ්ක පිටින් දාල අනෙක් ඒවත් කපයි ලොක්කෝ. (බ)
සත්‍යා Thursday, 21 May 2015 07:41 AM
ඕකට තමයි ළමයෝ යහපාලනය කියන්නේ. රට ජාතිය වෙනුවෙන් තම තරැණ ජීවිතය කැපකළ කොල්ලන්ට ඔහොම කරන්න හොඳද? (නි)
මානගේ Wednesday, 20 May 2015 04:35 AM
එතකොට විල්පත්තුව සහ අාශ්‍රිත රක්ෂිත වනාන්තර වල තණකොල ගහ දක්වා කපලා විනාශකළ කාන්තාරවාසීන්ට මොකද කරන්නේ? (නි)
චමල් Wednesday, 20 May 2015 04:49 AM
අන්තිමට සිංහල අපි තමයි අසරණවෙලා තියෙන්නේ. විල්පත්තුව කපලා කාන්තාරයක් කරලා තිබෙන එකට තාමත් මොකුත් නැහැ. (නි)