මොරගහකන්ද රක්ෂිතයේ දර කැපීමට පැමිණියැයි සැකපිට නාවික සෙබළු හතර දෙනකු ලොරියක් හා ට්‍රැක්ටරයක් ද සමග අත්අඩංගුවට ගත් බව නාවුල අඩවි වන නිලධාරි කාර්යාලය පවසයි.
පූනෑව කඳවුරට අනුයුක්තව සේවය කරණ මේ සෙබළු පවසා ඇත්තේ අනුරාධපුරයේ ඉදිකිරීමකට අවශ්‍ය ගඩොල් පිලිස්සීමට අවශ්‍ය දැව කැපීමට තමන් කැලයට පැමිණි බවයි. මොරගහකන්ද ජලාශයට යටවන ප්‍රදේයේ ගස් ඉවත්කිරීමෙන් පසු ඉතිරිවූ දර කැබලි මෙලෙස රැගෙන ගිය බව ද නාවික භටයෝ පවසා ඇත.
වන සංරක්ෂණ නිලධාරින් පවසන්නේ මින් පෙර දර රැගෙන යාමට නාවික හමුදාවෙන් පැමිණි බව තමන් දන්නා බවයි. මෙවර පැමිණ ඇත්තේ කිසිදු දැනුම් දීමකින් තොරව බැවින් ඔවුන් අත්ඩංගුවට ගත් බව ද ඔවුහු කියති. සැකකරුවන් නාවුල මහේස්ත්‍රාත්වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තුව ඩෝසර් කරන අය අත්අඩංගුවට ගන්නේ නැත්තේ එයාලා ලංකාවේ අය නොවන නිසාවත්ද? (නි)
බෞද්ධයන්ගේ හදවත වන අනුරපුරයේ ඉදිකරන සදහිරු සැය ඉදිකිම සදහා අවශ්‍ය කරන ගඩොල් කැපීම සදහා ගිය රණවිරුවන් අත්අඩංගුවට ගැනීමට හයියක් අද තිබෙනවා එ්ත් විල්පත්තු අභයභුමිය සුද්ධ කරනකොට මේ මහත්තුරු මර නින්දේ අවුලක් නෑ යහපාලනයනේ (බ)
වන සංරක්ෂණයට පුලුළුවන් ඔයවගේ දේවල් විතර තමා. ඕකෙන්වත් ලකුණු දාගන්න බලන්න. (බ)
රටේ සිදුවන වන විනාශය මාධ්‍ය මගින් මෙපමණ පෙන්වා දෙන විටත් නොපෙනුන සේ ඉන්න මේ අයට රටේ ජාතියේ උවමනාවට කරන මේ වගේ දේවල් හොඳට පෙනෙනවා. රණවිරු සැමරුම් දිනේ දවසෙම මේවගේ දෙයක් කිරීම රටට ලොකු ආඩම්බරයක්. (ස)
මම දන්නා තරමින් හමුදාවෙන් මොරගහකන්දේ දර ගෙනියන්නේ සඳ හිරු සැය හදන්න ගඩොල් පුළුස්සන්න. කල්ලාරු රක්ෂිතයේ වනාන්තර පිටින් කපපු එක්කෙනෙක් වත් අත්අඩංගුවට ගත්තද? ඔහොමද රණ විරුවන්ට සලකන්නේ? (ස)
මමනම් කියන්නේ වැරැද්ද විල්පත්තුවේ නීතිය ක්‍රියාත්මක නොකිරීම. මෙතන ක්‍රියාත්මක කිරීම නොවෙයි. සඳහිරු සෑයට කියලා අනවසර වැඩ කරන්න දුන්නම එ්ක පිටින් දාල අනෙක් ඒවත් කපයි ලොක්කෝ. (බ)
ඕකට තමයි ළමයෝ යහපාලනය කියන්නේ. රට ජාතිය වෙනුවෙන් තම තරැණ ජීවිතය කැපකළ කොල්ලන්ට ඔහොම කරන්න හොඳද? (නි)
එතකොට විල්පත්තුව සහ අාශ්‍රිත රක්ෂිත වනාන්තර වල තණකොල ගහ දක්වා කපලා විනාශකළ කාන්තාරවාසීන්ට මොකද කරන්නේ? (නි)
අන්තිමට සිංහල අපි තමයි අසරණවෙලා තියෙන්නේ. විල්පත්තුව කපලා කාන්තාරයක් කරලා තිබෙන එකට තාමත් මොකුත් නැහැ. (නි)