(මහින්ද නිශ්ශංක)
ගෘහස්ථ ගෑස් මිල වැඩි කිරීමට ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ.
සමාගම් දෙකේ මෙම ඉල්ලීම් පිළිබඳ කළ විමසීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසුවේ, ගෑස් මිල වැඩි කිරීමට මෙතෙක් අනුමැතිය ලබා නොදුන් බවයි.
ලෝක වෙළඳ පොළේ ගෑස් විශාල ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් දැන් පවතින මිලට ගෑස් අලෙවි කළ නොහැකි බව කියමින් මල වැඩි කිරීමට ඉක්මනින් අවසර දෙන ලෙස සමාගම් දෙක ඉල්ලා ඇත.
ගෘහස්ථ ගෑස් සිරින්ඩරයක මිල රුපියල් 300 කට වැඩි ගණනකින් වැඩි කිරීමට සමාගම් දෙක අධිකරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.
ගෑස් සිලින්ඩරයක මිල පසුගිය වසරේ දී රුපියල් 110 කින් වැඩි කෙරුණු අතර ඒ අනුව කිලෝ 12.5 ප්රමාණයේ ගෑස් සිලින්ඩරයක කොළඹ මිල රුපියල් 1431කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි...
තවත් යහපාලන ජයග්රහණයක් සදහා කරන ඉලීමක්. යහපාලන පාරිබෝගිකයිනි ඔය සතුටුයි නේද හොදටම දැන්? හ... හ.... හ.... හා
දියවන්නඔයේ රට විනාශ කරන මිනිස්සුන්ගේ ගෑස් බලනවා මදිවට මේ මිනිස්සුත් මහජනතාවට ගෑස් පෙන්නනවා වගේ...
කමක් නෑ දැන් ඡන්දෙ ඉවරයි නේ
හා හා දැන් ඡන්දය ඉවරයි වැඩි කරමු.
ලෝක වෙළදපොලේ මිල හොඳටම වැඩි වෙලා. ආණ්ඩුව අඩුම ගානේ රුපියල් 1000 ගැස් මිල වැඩි කරන්න ඕනේ
ඔන්න බැංකු වංචාවේ අතුරු ආබාද, එකත් නොතේරෙන අයට කියනවානම්. බැංකු වංචාව නිසා ව්දේශික සුරැකුම්පත් ආපසු ගත්තා ඩොලරය ඉහල ගියා රුපියල නීච් උනා ගෑස් පිටරටින් ගෙනෙන නිසා ගස් මිල වැඩි උනා. මහ ජනයාට වෙන පාඩුව අර බිලියන 12 ට ඇතුලත් නැත. මේකට තමයි අර්ථ සාත්රය කරන අය ආවස්තික පාඩුව හැටියට පෙන්වන්නේ.
ලිට්රෝ /ලාෆ්ස් - උන්ට මිල නගිනවා. අපිට මල පනිනවා..
දැන් ජන්දෙ ඉවරයිනේ... තව ගෑස් බලන්න පුළුවන් වෙයි ඔහොම යද්දි. යහපාලනේට ම ජන්දෙ දෙන්න.