(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්ෂිකා නිත්‍යා සේනානි සමරනායක මහත්මියට ආගමික කටයුත්තක් සඳහා විදේශ ගත වීමට අවසර දෙන්නැයි කළ ඉල්ලීම ලබන 29 වැනි දා සලකා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද (20) නියම කළේය.
හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගත් බවට ඇය මුදල් විශූද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ චෝදනා ලැබ සිටිති.
ඇය වෙනුවෙන් ඇපවු ඇපකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා නියම කළේය.
ආගමික කටයුත්තක් සඳහා ලබන දෙසැම්බර් පළමු වැනිදා සිට 10 වැනි දා දක්වා අතර කාලය තුළදී ඉන්දියාවට යෑමට අවසර දෙන්නැයි ඇය ඉල්ලා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමා කොමිසම ඉදිරියේ පෙනී සිටීම අපි අගයමු.
අරයගෙ කාලේ නම් ඉතින් කොමිෂන් භංගස්ථාන්...
සීතාවක රාජසිංහයන්ගේ පාලන කාලයේ නොයෙක් යාග හෝම, බිලි, බලි ආදී මෙකී නොකී මිථ්‍යා දෘෂ්ටික කටයුතු සිදුකෙරුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒවා සිදු කරනු ලැබුවේ තමන් කළ අපරාධ හා පාපකර්මවල ඵල විපාකවලින් මුදවා ගැනීමට අද්භූත බලවේගවලට හැකියාව ඇතිය යන මිත්‍යාදෘෂ්ටික විශ්වාසය මතය. සිංහල නමකින් හැඳින්වුණද, මැය මේ යන්නෙත් කණ්ඩායම එකට එකතුවී කළ වැරදිවලින් ගොඩ යාමට පිහිට පතා සිදු කෙරෙන ඉහත කී ගනයේ ආගමික කටයුත්තකට මිස බොහෝ දෙනෙකු යන වන්දනා ගමනක නොවන බවයි බැලූ බැල්මට පෙනෙන්නේ.
ආගමික කටයුත්තක් සඳහා ඉන්දියාවට යෑමට අවසර දෙන්නැයි ඇය ඉල්ලා තිබිණි. මොකද්ද දන්නේ නැහැ මේ ආගමික කටයුත්ත. දන්නා කෙනෙක් ඉන්නවානම් මේකට කොමෙන්ට් එකක් දාන්න.පින් සිද්ද වෙයි !
කරපු පව් සමා කරගන්න වෙන්න ඇති ආගමික කටයුත්තාක් කියන්නේ එය, දැන් එක්කෙනෙක් ඔය වගේ අවසර පිට රට ගිහිල්ල අතුරුදහන් නේද?