(ජුඩ් සමන්ත)
මදුරන්කුලිය පාසලකට බලහත්කාරයෙන් කඩා වැදී ගුරුවරියකට බැන තර්ජනය කළ බව කියන පුද්ගලයකු පොලිස් ඇප මත මුදා හැර එම සිද්ධිය සමත මණ්ඩලයට යොමු කිරීමට පුත්තලම පොලීසිය ගත් ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරන බවත්, ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ස්ටාර්ලින් ජෝෂප් මහතා පැවසීය.
පාසලට පැමිණි සිසුවියක් ඇද සිට ගවුමේ වාටිය ලිහා ගන්නා ලෙස කිව්ලකැලේ මහා විද්‍යාලයේ විනය බාර ගුරුවරිය දැණුම් දී ඇත. එම සිසුවිය මේ බව එම අවස්ථාවේදීම දුරකථනයෙන් තම පියාට දැනුම් දීමට කටයුතු කර ඇත.
පණිවුඩය ලද සැණින් සිසුවියගේ පියා පාසල තුළට කඩා වැදී තම දියණියට අවවාද කළ ගුරුවරියට පරුෂ වචනයෙන් බැන වැදී තර්ජනය කර ඇත. ඉකුත් 13 වැනි දා පෙරවරුවේ මෙම සිද්ධිය සිදුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජංගම දුරකථන හෝ වෙනත් සන්නිවේදන උපකරණ පිසලට ගෙන ඒම තහනම නේ.....මේ පියා අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි..
පොලිසිය වෙන මොනවා කරන්නද? ළමයාගේ තාත්ත දේශපාලුවෙක් නේ...! නැත්නම් ඉතින් පුත්තලම පොලිසියට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු තමයි. පොලිස් කොමිසම නමට විතරයි නේ.
දුරකතනයක් පාසලේ කොහොමද තියෙන්නේ මෙම පියාට තම - දුව හදාගන්න කියා පාසලෙන් අස්කරගෙන යන්න කියන්න.............. අනිත් ළමයින්ද නරක් වන නිසා..............
යකෝ පුත්තලමේ ඉන්න තරමක් ඉන්නේ බූරුවොනේ.............
පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිතුමනි !! මේවගේ ගහලයන්ට නීතියෙන් ගැලවීමට මඟපෑදිම, අනාගත පරපුරට අවනිතියට අත වැනීමක්. සියලුම පුරවැසියන්ට සමසේ ජීවත්වීමේ අයිතිය සුරැකීම ඔබගේ යුතුකමක්.
පාසලක ඉදන් දුරකථන ඇමතුමක් ගන්න ජංගම දුරකථනයක් අවශ්‍ය නැහැ. දැන් බොහොමයක් පාසල්වල සිසු කනෙක්ට් එස්එල්ටී කාර්ඩ් ෆෝන් තියනවා.
සහන් මයා වෙත, ඔබගේ අදහස හාස්‍ය උපදවන සුළුවුවත් එහි යම් සත්‍යක් ද ඇති බව පෙනේ.
ගුරුවරුන්ගේ අණට ගරු කරන්න. නිලඇඳුම නොමැතිව පාසල් පැමිණීම පිළි නොගන්නේ නම්, ඒ ඇගේ පියා කැමැති නිසායි.
අපේ රටේ සමථ මණ්ඩලයක් තියෙන්නේ මේවට තමයි. ඇයි විරෝධය පාන්නේ, සමතයකට එකඟ නැද්ද?
ඉස්සෙල්ලා මෙයාව ඉස්කෝලෙකට යවන්න ඕන, වැරැද්දක් පෙන්නපුවම එක පිළිගන්න තරම් නිහතමානී වෙන්න බැරිනම් කරුණාකර, දෙමව්පියන් ගෙන්වා ළමයා බාරදෙන්න. ඒ වගේම දෙමව්පියන්ටත් පැහැදිලිකර දෙන්න. පාසලක විනයක් තියනවා. කරුණාකර එය පිළිපදින්න කැමති නම්.. නිසිවිදියට ළමයා පාසලට එවන්න කියලා. නැතිනම් ඕන තැනකට අරන් යන්න කියන්න.
තාත්තා ඉස්කෝලේ ගිය කෙනෙක් නෙමෙයි වගේ...
මම මෙතන ළමයාගේ පියා ගැන හෝ ගුරුවරිය ගැන කතා කරන්නේ නැහැ. මොකද දෙන්නම ඉන්නේ එකම බෝට්ටුවේ හා මානසික මට්ටමක නිසා. හැමදේටම කලින් මේ රටේ ගුරුවරුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනා. බලාගෙන සිටිද්දී ඇඟපත වර්ධනය වෙන වයස් වල සිටින ගැහැණු දරුවන්ගේ ගවුම දරුවාටත් නොදැනීම කෙටිවීම සාමාන්‍ය දෙයක්. දවසේ විවිධ කාර්යයන් වල නිරතව සිටිනා මව්පියන්ට දිනපතා දරුවන්ගේ ගවුම් වල දිග මැනීමට නොහැකිවීම සාමාන්‍ය කරුණක්. අධ්‍යාපනය මෙන්ම දරුවන්ගේ පෞරුෂය ගැනත් මේ ගුරුවරු විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. දරුවන්ගේ කිසියම් වරදක් කාරුණිකව පෙන්වා දී එම වරද නිවැරදි කිරීමට ගුරුවරයෙකුට නොහැකි නම්, ඒ ගුරුවරයා කෙසේද සැබෑ ගුරුවරයෙකු වන්නේ? වර්තමාන දරුවන් ජීවත්වෙන්නේ, තමන්ගේ වයසේ හා තමන් ජීවත්වූ පරිසරයක නොවන බව මෙවැනි ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට අවබෝධකර ගත නොහැකි නම්, ඒ මේ රටේ අනාගත පරම්පරාවේ පමණක් නොව රටේම අභාග්‍ය වෙනු ඇත.
බද්රානි ගුරුවරිය අකරුණාවෙන් කතා කරා කියලා කොහෙද කියන්නේ? අපි පාසල් ගිය කාලේ සෙන්ටි මීටරයක් ඝනකම ඇති වේවැලක් තිබුණා. මමත් එ්කෙන් හොඳට කාලා තිබෙනවා. බද්රානි අහලා තිබෙනවාද ඒකාලේ තිබුණා පබ්ලික් කෙනින් හෙවත් එසෙම්බ්ලි එකේදී අනික් ළමයි බලා ඉන්දැද්දී වේවැල පහර දෙන එක. එහෙම පාසල් දිවිය ගෙවූ නිසා තමයි අපි තාමත් ගුරුවරුන්ට ගුරුභක්තියෙන් කතා කරන්නේ. අපේ ළමයින්වත් ගුරුවරුන්ට කීකරු වෙන්න හැදුවේ. ප්‍රසිද්ධ පාසලක ළමයෙකුට දඬුවමක් කලොත් අම්මලා තාත්තලා එනවද පාසලට? මොකද ගම්බද පාසල්වලට පළාත් සභා කාරයෝ සහ ගම්මු රිංගන්නේ? එ්කයි වෙනස. පබ්ලික් කෙනින් දෙනකොට ඔය ළමයින්ගේ පෞරුෂය ගැන බැලුවේ නැත.
ළමයි හැදීගෙන එන වයසේ ඊයේ ඇන්ද ඇඳුම අද පරිමාණයෙන් කොට වෙන බව ඇත්ත. එ්ත් එක්කම දෙමාපියන්ට මේ වෙනස පෙනුනත්, එයට පිළියමක් වශයෙන් අලුත් ඇඳුම් මිලදී ගැනීමට මුදල් සොයා ගන්න එක ලෙහෙසි කාරියක් නොවේ. මගේ නම් යෝජනාව, රජයේ පාසල් සිසුනට නිල ඇදුම් අවශ්‍යමද යන්න දෙමාපියන්ට බාර කලොත් මැනවි.
"දවසේ විවිධ කාර්යයන් වල නිරතව සිටිනා මව්පියන්ට දිනපතා දරුවන්ගේ ගවුම් වල දිග මැනීමට නොහැකිවීම " අනේ මෙහෙම ගොන් කතා. එහෙමනම් ළමයින්ගේ ඇඳුම් සෝදා දෙන්නත් එපා ඇඳුම් මැදලා දෙන්නත් එපා. ළමයින්ගේ ගෙදරදී කෙරෙන පාසල් වැඩ ගැන බලන්නත් එපා. දවසේ විවිධ කාර්යයන් වල නිරතව සිටිනා මව්පියන්, මගේ මිත්‍රයා බැංකු නිලධාරියක්... බිරිඳ ෆාමසිස්ට් දෙදෙනාම රැකියාව කරනවා ළමයි 3 දෙනයි. දෙදෙනෙක් දොස්තරවරුන්. එක ළමයෙක් නීතීඥවරියක්. මොකද දෙමවුපියන් ළමයි ගැන සොයා බලා කටයුතු කළ නිසා...
ලංකාවේ පාසල් යන ගැහැණු ළමුන්ගේ ගවුමේ වාටියේ තියන ප්රශ්නය හැරුණුවිට, අපිට නම් වෙන කිසිම ප්‍රශ්නයක් අපේ අධ්‍යාපනයේ නැහැ. වෙන මොනවා නැතත් ගැහැණු ළමයෙකුගේ ගවුමේ වාටිය දිග නම් මට ඒ හොඳටෝම ඇති.
සිසුන් අපහසුතාවයට පත්කරන්න ගුරුවරු කරන වැරද්දක් මේක. ගැහැණු ළමයෙක්ගේ ඇදුමේ වාටිය ගලවන එකට වඩා අවවාද කරලා ගෙදර යවන එකයි කරන්න තිබුනේ.
දැන් එතකොට, ගුරුවරුන් නිසා ළමයින්ට වෙන දේවල් වලට මෙයා මොකද කියන්නේ? කී පාරක් පියාට ඒඩ්ස් කියලා ළමයාව කොන් කළා... වමනේ දාපු නිසා ගැබිනියක් කියලා... ළමයාව පාසලෙන් අයින් කළා. ෆොන් එක්ක නිසා අහිංසක ළමයෙකුගේ ජීවිතේ නැති වුණා. මේවා වෙනකොට මේ ගොල්ලෝ නිදාගෙනද හිටියේ. මම මේ පියා කරපු දේ හරි කියනවා නෙමෙයි. එ්ත් සමහර ගුරුවරු නිසා ළමයිනට වෙන දේවල් වෙනුවෙන් කතා කරොත් හොඳයිනේ.
මේ ළමයත් එයාගේ තාත්තත් දෙන්නාම අශීලාචාරයි. ළමයා ඉස්කෝලයෙන් අස්කරගෙන ගෙදර ඉඳන් ගවුම තවත් කොටකරලා හරි ප්‍රයිවට් ටියුෂන් කර ගැනීම සුදුසුයි. එතකොට පැෂන් එකටත් හොඳයි, තත්වයටත් හොඳයි. එතකොට කාටත් හොඳයි.
මෙතන තනිකරම වැරැද්ද ගුරුවරියගේ... ළමයෙකුට හොඳින් කිව්වාම කවදාවත් මෙහෙම කරන්න බැහැ. ගුරුවරු තමන්ගේ වැරැදි වහගන්න සුරංගනා කතා කියනවා. කරුණු විශ්ලේෂණය කළාම ඉතා පැහැදිලියි වෙච්ච දේ.
බමුණු , අපි නැවත යමු ඉස්කෝලේ යන්න කැමතිද? මොකද මම දන්නවා ඔබ කිසිදිනක වැස්සටවත් ඉස්කෝලෙකට ගොඩවෙලා නැහැ කියලා, ඒ කාලේ මගේ පන්තියෙත් හිටියා බමුණුසිංහ කෙනෙක්... එයත් ඉතින් පණ්ඩිතයෙක් වෙන්නැති. අපට ඔය බමුණු ගති වෙනස් කරන්න බැහැ.
අර නවගත්තේගම සිද්ධිය වගේ මේ ඉන්නේ තවත් කෙනෙක් නේද ?
මොනවට කියනවද? නිමල් මඩවල මහත්තයෝ, ඔබ හරියටම හරි!