ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ විදුලි බල, බලශක්ති හා ව්‍යාපාර ප‍්‍රවර්ධන අමාත්‍යාංශය කෘතිම වැසි ඇතිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කර ඇත.
ඉතිහාසයේ පළමු වරට මෙවැනි ගිවිසුමකට අත්සන් කර තිබේ.
වියලි කාලගුණික තත්වවලදී ජල විදුලි බල ජනනය සීමාසහිත වීමේ ගැටලූවට පිළියමක් මෙලෙස කෘතීම වැසි ඇති කිරීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ විදුලි බල, බලශක්ති හා ව්‍යාපාර ප‍්‍රවර්ධන අමාත්‍යාංශය මේ සඳහා අද (23) ගිවිසුම් අත්සන් කිරීම ගුවන් හමුදා මූලස්ථානයේදි සිදු කෙරිණි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ විදුලිබල බලශක්ති හා ව්‍යාපාර ප‍්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බි.එම්. එස් බටගොඩ මහතා සමග එම ගිවිසුම සඳහා අත්සන් තැබීය.
විදුලි බල බලශක්ති හා ව්‍යාපාර ප‍්‍රවර්ධන අමාත්‍ය රවි කරුණානායක, විදුලිබල පුනර්ජනනිය බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඒ.ඩි ප්‍රේමදාස යන අමාත්‍යවරු ද සහභාගී වී සිටියහ.
(36698)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලියට පමණක් නොවෙයි. කෘෂිකාර්මික ප්‍රදේශ වලටත් යොදාගත්තොත් හොඳයි.
මෙයා මේ දකින්නේ ඉතා භයානක ප්‍රතිපල ගෙන දිය හැකි කෘත්‍රිම දෙයක් ලෙසය
ජයවේවා ! (මේක පිටිපස්සේ කොච්චර කොමිස් එකක් සංසරණය වුනත්) මේ වගේ අලුත් දේවල්වලට අපි යන්නම ඕනෑ" අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී..."