(ප්‍රසාද් මුතුකුඩ)
ඉන්දීය ජාතිකයකු අද (25) කටුනායක ගුවන්තොටුපළ පිහිටි වැසිකිලියක් තුළ වැටී සිටියදි මීගමුව මූලික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40 ක් පමණ වන ඉන්දීය ජාතිකයෙකි.
මිය ගිය තැනැත්තා රියාද් නුවර සිට පැමිණි යු.එල් 266 දරණ ගුවන් යානයෙන් උදැසන 6.27 කටුනායකට පැමිණ තම මව්රට බලා යාමට නියමිත ගුවන් යානය පැමිණෙන තුරු සංක්රමනික ගුවන් මගීන් රැදි සිටින ප්‍රදේශයේ සිට ඇති බවට කළ පරික්ෂණයේදි අනාවරණය වී තිබේ.
මේ අතර ගුවන් මගින්ගේ පහසුව සදහා ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටේ නොතිබීම සහ පියර් ගේට් අංක 6,7 ඉදිරි පිට සහ ආගමන විගමන ප්‍රවේශ කලාපයේ ඇති වැසිකිලි ඉදිකිරීම් කටයුතු මාස 08 වැනි කාලයක් පුරා මන්දගාමි තත්ත්වයෙන් පැවතීම හේතුවෙන් මෙරටට පැමිණෙන ගුවන් මගීන් සහ අනෙකුත් පාර්ශවයන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත් මේ පිළිබඳව ගුවන්තොටුපළ වගකිව යුතු බළධාරින් හට චෝදනා එල්ල වෙමින් පවතින බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ගුවන්තොටුපල සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගැන දැනගන්න ගූගල් එකට යන්න..
එතකොට මේ මනුස්සය මැරිලා තියෙන්නේ වැසිකිලියට යාමේ අවශ්‍යතාව වැඩි වෙලාවක් හිරකරගෙන හිටපු නිසාවත්ද? ...මරණ පරීක්ෂණය එහෙම වුනොත් රටටම ලැජ්ජයි.
ලංකාවේ වැඩ එහෙමනේ දිනක වැඩ අවුරුද්දක්...
අපි කටුනායක ගුවන් තොටුපොලේ වැසිකිලියට යනකොට පස්සෙන් එන සිකියුරිටි ඉඳල නැද්ද? මේ වගේ සිද්ධි නිසා වෙන්න ඕන එහෙම සිකියුරිටි කෙනෙක් දාල ඉන්නේ. මම හිතුවේ, ටැප් එකක්වත් ගලවගෙන රට පනියි කියල පස්සෙන් එනව වෙන්න ඇති කියල.