IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගුවන් හමුදා උළෙලට ආ මැටි මිනිහා

ශ‍්‍රී ලංකා ගුවන්හමුදාව සංවිධානය කළ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද කටුනායන ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේදී පැවැත්විණි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම අවුරුදු උළෙල සඳහා දීවයිනේ පිහිටි සියළු ගුවන් හමුදා කඳුවුරුවල නිලධාරීහු හා ගුවන්භටයෝ රැසක් සහභාගී වූහ.

අවුරුදු ක‍්‍රීඩා, ජන ක‍්‍රීඩා ඇතුළු පාරම්පරික අංග බොහොමයකින් පරිපුර්ණ වූ මෙම සිංහල අළුත් අවුරුදු උළෙල ඉතා වර්ණවත් විය. පාරම්පරික ඇඳුමින් සැරසුනු ගුවන් භටයෝ චාරිත‍්‍ර වාරිත‍්‍ර වලට අනුකූලව හැම දෙනාම එකා මෙන් එක්ව සියළුම අවුරදු ක‍්‍රීඩා හා තරග ඉසවි සඳහා සහභාගී වූහ. මෙම අවස්ථාවට ගුවන්හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලිකා අබේවික‍්‍රම, ගුවන්හමුදා අධ්‍යක්ෂක මණ්්ඩලය, කටුනායක කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඞී.එල්.එස් ඩයස් ඇතුළු ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් හා සිවිල් සේවක මහතුන් රැසක් සහභාගී විය.



අදහස් (0)

ගුවන් හමුදා උළෙලට ආ මැටි මිනිහා

දමිත Saturday, 20 April 2013 04:33 PM

මේ මැටි මිනිසාගෙන් කවුද නියෝජනය කරන්නේ..!(නු)

:       0       0

අචිනි Monday, 22 April 2013 04:22 PM

මොලේ මැටි තියෙන අය තමයි අද අපේ රටේ වැඩිපුරම ඉන්නේ. (නි)

:       0       0

සත්‍යා Saturday, 20 April 2013 04:55 PM

දුප්පත් මිනිසුන්ගේ ප්‍රශ්න වහන්ඩ හොදයි.(නදී)

:       0       0

හේවාවිතාරණ Saturday, 20 April 2013 05:49 PM

ත්රෝජාන් අශ්වයට සමාන මැටි මිනිහෙක්ද දන්නේ නැහැ.(නදී)

:       0       0

මදූ Saturday, 20 April 2013 06:02 PM

දැන් ටික කාලයක ඉදන් මැටි මිනිස්සු තමා එන්නේ.(නදී)

:       0       0

මදූ Saturday, 20 April 2013 06:04 PM

දිය වන්නාව පැත්තෙන් ද ඔය මැටි මිනහ ආවේ !(නදී)

:       0       0

තිස්ස Saturday, 20 April 2013 09:09 AM

චාමිනි, ආරදිතයා බව තේරෙන්නේ නැද්ද ?(නදී)

:       0       0

සමීර Saturday, 20 April 2013 07:11 PM

දැන් කාලේ මැටියෙන් තමා ඉන්න වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

උපුල් Saturday, 20 April 2013 09:35 AM

ගුවන් හමුදාවේ ඉන්නේ මැට්ටෝ කියලද හිතාගෙන ඉන්නේ.(නදී)

:       0       0

අචිනි Saturday, 20 April 2013 09:42 AM

මාතෘකාව දැකපුවහම මම හිතුවේ ලොක්කෙක් ඇවිත් කියලා. වැරදීමක් සමාවෙන්න (නි)

:       0       0

සමන්තා පෙරමුණ Saturday, 20 April 2013 07:47 PM

විකට ඇදුම් තරගයට ආව කෙනෙක්ද?(නු)

:       0       0

සමන්තා පෙරමුණ Saturday, 20 April 2013 07:47 PM

රණ විරුවනි නුබලා දේශයේ සැබෑ විරුවෝ....(නු)

:       0       0

දේවි Saturday, 20 April 2013 07:56 PM

මේක තෝරගන්ඩ බැරි අපබ්‍රන්සයක්.(නදී)

:       0       0

දිසානායක Thursday, 25 April 2013 10:59 AM

මැටි මිනිසා නියෝජන කරන්නේ කව්ද? (නදී)

:       0       0

අරුණ Saturday, 20 April 2013 08:08 PM

නැහැ මේ පාර්ලිමේන්තු නියෝජිතෛන්ගේ සංකේතය.(නදී)

:       0       0

ජයනන්ද ` Saturday, 20 April 2013 10:15 AM

මත්තලට ෙහාදයි ඒ මිනිහා.(නදී)

:       0       0

සුජානි Saturday, 20 April 2013 10:33 AM

වටිනවා.(නදී)

:       0       0

ඩිල්ශාන් Tuesday, 23 April 2013 02:04 PM

මැටි මිනිහගෙන් නියෝජනය කරන්නේ කාවද? (නි)

:       0       0

ආරියසිරි Friday, 19 April 2013 07:04 PM

ලස්සනයි. (නි)

:       0       0

සම්පත් Friday, 19 April 2013 07:06 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඒ පින්තූරේ දුඹුරු පාටට ඉන්නේ දේශපාලකයෙක්ද ..?? (නි)

:       0       0

අරුණ Saturday, 20 April 2013 11:14 AM

පෙන්නුනත් මැට් ගොඩක් සිත නම් වෙඬරු පිඩක් කල දස්කම් විස්කම් අගයනු රිසි නොපැකිලකම් (නදී)

:       0       0

දම්මි Friday, 19 April 2013 07:06 PM

කවුද එතකොට මේ මැටි මිනිහා? (නි)

:       0       0

දිසානායක Thursday, 25 April 2013 04:24 PM

මැටි මිනිසා නියෝජනය කරන්නේ මේ දවස් වල ලංකාවේ මැටි වැඩ කරන ඉහළ පුද්ගලයින් වෙන්න ඇති. (නි)

:       0       0

උපුල් Saturday, 20 April 2013 11:23 AM

අනාගත සිංහල ජාතියේ අනුරුවක්. නියමයි.(නදී)

:       0       0

බමුණුසිංහ Friday, 19 April 2013 07:15 PM

කර උඩින් ගිය මිනිහා පසුව කියාවිද දන්නෙ නැහැ මම ඔහෙලාගෙ කර උඩිනුත් ගියානේ කියලා. එතකොට කරේ තියාගෙන ගිය අයට පොලව පලාගෙන යන්න හිතේවි. (නි)

:       0       0

දිසා Saturday, 20 April 2013 12:03 PM

මේකට නියම මත්තල තමයි. අලි , වලස්, කොටි, ගං කබරි ,කුරුළු ,සියල්ල සමග තිබ්බනම් නියමයි.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Saturday, 20 April 2013 12:12 PM

පේන විදියට මිනිහ මැට්ටෙක් නොවේ! ගුවන් හමුදාව ලනු දුන්නට කන්න එපා.

:       0       0

අමල් Tuesday, 23 April 2013 02:38 PM

මැටි මිනිහා කෝ (ස)

:       0       0

අසංක Tuesday, 23 April 2013 02:39 PM

මැටි මිනිහා නැනේ...(ස)

:       0       0

මේනක Friday, 19 April 2013 08:25 PM

අපරාදේ. මේක මත්තල ගුවන් පථයේ තියන්න තිබුනේ (නි)

:       0       0

අමිල Friday, 19 April 2013 09:08 PM

ම්ට කලිනුත් මේ වගේ අය හිවියනේ.(නදී)

:       0       0

අමිල Friday, 19 April 2013 09:12 PM

මිනිස්සුන්ව කරුවලේ තියන ආණ්ඩුව හදන්න උදවි කළ ඡන්ද දායකයෙක් වෙන්න බැරිද? (නදී)

:       0       0

සරත් Saturday, 20 April 2013 01:26 PM

අමුතුවෙන් හදනන ඕනේ නැහැ මැටි මිනුස්සු ඕන තරම් ඉන්නවා.(නදී)

:       0       0

සම්පත් Monday, 22 April 2013 02:03 PM

බළලා මැට්ටෙන් වුණත් කමක් නැහැ මීයෝ අල්ලනවානම් කියලා කියමනක් තියෙනවානේ. ඒ වගේ තමයි මිනිහා මැට්ටෙන් වුණත් කමක් නැහැ වියයුත්ත වෙනවා නම් කියලා තමයි දැන් කියන්න වෙන්නේ. (නි)

:       0       0

සම්පත් Monday, 22 April 2013 02:05 PM

මැටි වැඩක් වගේ (ස)

:       0       0

Gamini Friday, 19 April 2013 09:41 PM

අනාධිමත් කාලයක සිමෙන්ති ,යකඩ නොමෙති කමින් ජනයා ගෙවල් හැදුවේ මැටියෙන්. ! යුධ,ගුවන් දස්කම් පෙන්නුම් කළා. ගුවන් හමුදාවේ මිනිස් නිර්මාණය මැටියෙන් නිම කිරීම අති ශ්‍රේෂ්ඨයි.(නදී)

:       0       0

ගාමිණී Friday, 19 April 2013 09:43 PM

මේක ඇහැව්වට අමනාප වෙන්න නම් එපා! මිනිරන් ගහේ කොඩියට මොකද උනේ!(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 19 April 2013 09:48 PM

අපේ රටේ කරන කියන දේවල් දිහා බැලුවාම හිතෙන්නේත්, අපේ රටේ වැඩියෙන්ම ඉන්නේ මේ වගේ මැටි මිනිස්සු නේද කියලයි. (නි)

:       0       0

ගයාන් Friday, 26 April 2013 02:34 PM

මැටි මිනිසා ...

:       0       0

නයන Friday, 19 April 2013 10:19 PM

නෝනා කලිසම් ඇදල අව කන්නාඩි දල.උත්සවේ විදියට සාරියක් අන්දනම් ලස්සනි ගැලපෙනවා.(නු)

:       0       0

නිශ්ශංක Saturday, 20 April 2013 02:05 PM

මේ මැටි මිනිසෙක් ලෙස වෙස් ගන්වලා නේද ඉන්නේ.(නදී)

:       0       0

චමනි Friday, 19 April 2013 10:24 PM

හැමෝම ජාතික ඇදුම් වලින්.එක් අයෙක් කලිසමින්(නු)

:       0       0

රංජනී Saturday, 20 April 2013 02:12 PM

මැටි මිනිහෙක් වගේ නම් නැහැ රණ විරුවෙක් නේද ?(නදී)

:       0       0

අනුරාධ. Friday, 19 April 2013 11:20 PM

උත්සවය හරිම ලස්සනට තියෙන්න ඇති.අපේ ගුවන් හමුදාව කරන වැඩේ හරියට කරනවා.(නු)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 19 April 2013 11:57 PM

ලස්සනයි...!! (නි)

:       0       0

පෙ‍රේරා Saturday, 20 April 2013 12:38 AM

එයාලට නම් අවුරුදු, අපි මෙහෙ ගිනි කනවා. (නි)

:       0       0

දේව් Saturday, 20 April 2013 03:23 PM

පින්තූරය ගැන කිසිවක් දමල නැහැනේ . ඇයි මේ මැටි මිනිහා කියලා උස්සගන යන්නේ ? කව්ද මේ? මොකක් කියලද හිතන්නේ ?(නදී)

:       0       0

මේනකා සෞදි අරාබිය Saturday, 20 April 2013 01:08 AM

සාමයේ අරුණළු රටට උදා කළ දයාබර රණවිරුවාණනි, ඔබ මෙලෙස අළුත් අවුරුදු අසිරිය භුක්ති විඳීම අපටත් සතුටක්. ඔබ රටට කළ මෙහෙය උදාරය, ශ්‍රේෂ්ඨය. යුද්ධයෙන් මිය ගියද කිසිදා ඔබ නොමළ මිනිසෙකි. වීරයාණනි ඔබට දීර්ගායුෂ පතමි. (නි)

:       0       0

බන්දුල Saturday, 20 April 2013 02:14 AM

මේ උත්සවය දැක්කම මටත් හරි ආඩම්බරයි. මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 5 ජෙට් බලගණයේ රාජකාරි කරන කාලෙ එතුමා එහි අණදෙන නිලධාරිතුමා හැටියට කටයුතු කළේ. දැන් උසස්වීම් ලබලා මේ ඉන්න ගුවන් හමුදාපතිතුමාට මගේ උත්තමාචාරය! (නි)

:       0       0

රජිත් Saturday, 20 April 2013 02:20 AM

හරියට අපි වගේමයි. (නි)

:       0       0

කුංකුම Thursday, 25 April 2013 08:31 PM

මේකේ ඉන්න මැටි මිනිහා කවුද?(නදී)

:       0       0

රෝමා Tuesday, 23 April 2013 11:22 AM

මේ මැටි මිනිසාගෙන් කවුද නියෝජනය කරන්නේ.(ස)

:       0       0

දයා අලහකෝන් Saturday, 20 April 2013 04:03 PM

මේ ඔසවාගෙන යන්නේ රනවිරුවෙකුගේ රුවක්නම් නෙමෙයි. දේශය පාළුකරන්න ආ මැටිටෙක්ගේ රුවක් විය හැකියි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site