ශ්‍රී ලංකන් සහ මිහින් එයාර් ගුවන් සේවාවන් වෙනුවෙන් ආණ්ඩුව සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට අන්තර්ජාතික ගුවන් සේවා 8ක් කැමැත්ත පළ කර ඇතැයි ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා සදහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ ජකර්තා නුවර ආයෝජකයන් පිරිසක් සමඟ සාකච්ඡාවක නිරතව සිටින අතරතුරදී යැයි ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මේ සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට තවත් සමාගම් රැසක්ම ඉදිරිපත්ව ඇති බැවින් මේ සඳහා ලබා දෙන කාලය තවත් මාසයකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. “මුලදී අප කලබල වී සිටියේ ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සේවා වෙනුවෙන් කිසිම ඉල්ලුමක් ඇති නොවෙයි කියලයි. ඒත් පසුගිය දින කිහිපයේදී ගුවන් සේවා රැසක්ම මේ සම්බන්ධව කැමැත්ත පළකර තිබුණා. ජපානයේ ඒව්ඒ පවා කැමැත්ත පළකර තිබෙනවා. ඉතිං වඩාත් හොඳ අවස්ථාවන් උදාකර ගන්න අවසාන දිනය තවත් කල් දැමීමට කටයුතු යොදනවා" යැයි ඇමැති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි විකුණුවා වගේ නෙමෙයි. ඔය කියන විදියට ලංකාව නුදුරු අනාගතයේදී ආසියාවේ ආර්ථික මධ්‍යස්ථානය වෙනවා නම් අපේ රටට එන ඔක්කොටම එන්න වෙන්නේ අනුන්ගේ ගුවන් සේවාවක. එතකොට ඒ සල්ලි ටිකත් එයාලටමයි. අන්තිමට ආර්ථික මධ්‍යස්ථානය ගොඩනගන්න රට රට වලින් දීපු කෝටි ගණන් ණය ගෙවන්න වෙන්නේ අපිටයි. (නි)
කොයි දැන්මේ හැමේකටම කමෙන්ට් දාන මහින්දට කඩේ යන කට්ටිය? ඔය අ ගුවන් සමාගම දෙකම කෑවේ එයලානේ. ඒවාට කතා නෑ.හැමදාම පෙරමුණු ආණ්ඩු වලින් කාලා දාල යන ආර්ථිකය සහ ආයතනයන් ගොඩ ගන්න වුනේ යු ඇන් පී එකට. එක තමයි ඇත්ත කතාව.(රේ)
තියෙන තත්වය එක්ක වෙනත් සමාගමක් සමඟ අත්වැල් අල්ලගෙන ගමන යනවා එක තමයි නුවණට හුරු. මිහින් ලංකා එක ශ්‍රී ලන්කන් එක ඇතුළට දාලා අන්තර්ජාතික සමාගමක් සමඟ ඉදියට යන්නයි අවශ්‍ය. පාඩු ලබන ව්‍යාපාර නඩත්තු කරන්න ලංකාවට බැහැ (නි)
කැරැට්ටුව නරකම නැතිනම් මොකද පසුගිය ආණ්ඩුව ගුවන් සමාගම අගාදයට ඇදල දැම්මා කියල දෝසාරෝපණය කරන්නේ (ම)
පහුගිය ආණ්ඩුව නම් ඔය අපූරුවට කළමනාකරණය කළේ (නි)
ලාබ ලබන්න බැරිකමක් නෙමෙඉ තියෙන්න. ආණ්ඩුවේ නොහැකියාව. කොහොමත් මෙයාල විකුනන්න දක්ස කට්ටියනේ (රේ)
ලාබ ලබන්නේ කොහොමද? කාර්ය මණ්ඩලයම කීයක් ඉන්නවද? (නි)
රජයේ ආයතන විකුණා කෑම පුරුද්දක් කරගත් අය කරන්නෙම ඒක තමා. මොන ආයතනය වුණත් හොඳට කළමනාකරණය කළොත් ඒවා පවත්වාගෙන යා හැකියි. නැත්නම් කොහොමද පුද්ගලික ආයතන දිගින් දිගටම පවත්වාගෙන යන්නෙ. මෙයට මුලික හේතුව තමයි නුසුදුසු අය රැකියා වලට දැමීම. (නි)
මෙවැනි අදහසක් ලෝක ගුවන් සේවා ආයතන මඟින් පිළිගැනීම, නව රජයේ ප්‍රතිපත්ති වලට හොඳ පිළිතුරක් බව පේනවා. කොහොම වුණත් රජය ළඟදීම නවතා දැමීමට බලාපොරොත්තුවන ගමනාන්ත තවදුරටත් දිගටම කරගෙන යාම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හොඳ නම පවත්වා ගැනීමට හැකිවෙන බව පේනවා. මීට පෙර කිහිප වතාවක් කළ පරිදි මේ වසරේදීත් සිංහල අලුත් අවුරුද්දටත්, පසුගිය ජූලි මාසයේදීත් මා පැරිසියේ සිට ශ්‍රී ලංකන් මඟින් මගේ මව්බිමට පැමිණියා. මේ ගුවන් ගමන් දෙකේදීම ශ්‍රී ලංකන් මඟින් පැරිස් - කොළඹ අතර නොනවත්වා පියාසර කිරීමෙන් මා වටිනා කාලයක් ඉතිරි කරගත්තා. (නි)
ඔවු ඉතින් හොඳ කැරැට්ටුවක් තියන සේවික මණ්ඩලයකුත් හිටියා කියනවනේ. (නි)