වසර දෙකකට වරක් ප්‍රංශයේ පැවැත්වෙන ගුවන් යානා ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වන නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන ගුවන් සේවා ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා සහභාගි වන සුහද හමුවක් ජුනී මස සෙනසුරාදා (20) සවස 06ට පැරිස් කළාප අංක 11 හී ඇලෙක්සැන්ඩර් ඩූමා උමං දුම්රිය පොළ අසල පිහිටි ෂැරොන් පාරේ අංක 177 ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
‘යහ පාලනය කුමකටද?‘ යන මැයෙන් ඇමැතිවරයා දේශනයක් පැවැත්වීමට නියමිත බවත්, එය අවසානයේ ශ්‍රීලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡාවක්ද පැවැත්වෙන බවත් එහි සංවිධායක කමිටුවේ ප්‍රධානී පැරිස් එකමුතුවේ කැඳවුම්කරු පුෂ්පසිරි ද අල්විස් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
896
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගුවන් සේවා ඇමැති පැරිසියේ
නන්දලාල් Friday, 19 June 2015 10:27 AM
යහපත් රටක් නිර්මාණය කර, පවුල් සංස්ථාව විසුරුවා හැර, රට පැටවූ අපේ ජාතික ධන සම්භාරය මෙරටට ආපහු ඇදන් ඇවිත් රට දියුණු කර, දුෂණ වලින් තොර නව ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහායි ...... යහ පාලනයක් අපට ඕන. (ම)
නිහාල් රණතුංග Sunday, 21 June 2015 08:03 AM
පානදුර නගරයේ බාර් කීපයක අයිතිකරු (බ)
නිශේන්ද්‍ර Friday, 19 June 2015 02:09 PM
ඔබගේ කටයුතු සාර්ථක වේවා! (නි)
රොහාන් Friday, 19 June 2015 02:45 PM
ජනාධිපති නෝනා හිටිය ජෝජ් 5 හෝටලය හරි ගන්න ඔබ තුමා ඉන්න තැන කොහොමද .? (බ)
රන්දික Friday, 19 June 2015 02:48 PM
සුබ අනාගතය කෝ ?(බ)
කල්දේරා Sunday, 21 June 2015 10:35 AM
රිචි දන්නා දේශපාලනය. අපි නොදන්න රිචි. දොඩන්ගොඩගේ උපදෙස් වෙන්න ඇති. (නදී)
රෝහිනී පැරිස් Friday, 19 June 2015 02:54 PM
යහපාලනය කොයිබටද සොයා බලන්න පැරිසියේ ඉන්න අපිත් එනවා! (නි)
රන්දික පැරිස් Friday, 19 June 2015 03:07 PM
මෙන්න රටට ආදර්ශවත් ඇමතිවරු! සමහරු ඉස්සර යුරෝපයට යනකොට, ගුවන්යානා පිරෙන්න සෙනඟ අරගෙන යනවා, දිග කාර් වල ගමන් බිමන් යනවා, රජ සැප විඳිනවා. ගිහින් වැඩිම මිලට විකිණෙන හෝටල් වල නතරවෙනවා, රටේ ජනතාවගේ බදු මුදල් වලින් බිල් ගෙවනවා. එතකොට කොහොමද අපේ රටට සුභ අනාගතයක් ලැබෙන්නේ? එහෙමද දැන්? ඇමතිවරු එනවා, යාලුවන්ගේ ගෙවල් වල ඉන්නවා. මහජනතාව යන ගුවන්යානා වල තමයි ඒ අයත් යන්නේ. එහෙමනම් දැන් ඔහෙලාට පැහැදිලිද යහපාලනය කුමක්ද සන්ධානය කුමක්ද යන්න. (නි)
රොහාන් දයාදර පැරිස් Friday, 19 June 2015 09:35 AM
ගුවන් සේවා ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා ට මගේ මේ උණුසුම් සුභ පැතුම්. (අ)
අනිල් Friday, 19 June 2015 09:39 AM
යහපාලනය කුමක් සඳහාද? තවත් දේහපාලකයන් පිරිසකගේ යහපැවැත්ම සඳහා... (ම)
රිචි බාලසුරිය Friday, 19 June 2015 10:07 AM
පැරිසියේ වාසය කරන බහුතරයකට දේශපාලන අවබෝධයක් හෝ ලංකාව ගෙන අවබෝධයක් නැති නිසා මෙවැනි ක්‍රියා ඉතා උතුම් දේවල් , සාර්ථක වේවා කියා පතමි (ම)