වසර දෙකකට වරක් ප්‍රංශයේ පැවැත්වෙන ගුවන් යානා ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වන නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන ගුවන් සේවා ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා සහභාගි වන සුහද හමුවක් ජුනී මස සෙනසුරාදා (20) සවස 06ට පැරිස් කළාප අංක 11 හී ඇලෙක්සැන්ඩර් ඩූමා උමං දුම්රිය පොළ අසල පිහිටි ෂැරොන් පාරේ අංක 177 ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
‘යහ පාලනය කුමකටද?‘ යන මැයෙන් ඇමැතිවරයා දේශනයක් පැවැත්වීමට නියමිත බවත්, එය අවසානයේ ශ්‍රීලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡාවක්ද පැවැත්වෙන බවත් එහි සංවිධායක කමිටුවේ ප්‍රධානී පැරිස් එකමුතුවේ කැඳවුම්කරු පුෂ්පසිරි ද අල්විස් මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් රටක් නිර්මාණය කර, පවුල් සංස්ථාව විසුරුවා හැර, රට පැටවූ අපේ ජාතික ධන සම්භාරය මෙරටට ආපහු ඇදන් ඇවිත් රට දියුණු කර, දුෂණ වලින් තොර නව ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහායි ...... යහ පාලනයක් අපට ඕන. (ම)
පානදුර නගරයේ බාර් කීපයක අයිතිකරු (බ)
ඔබගේ කටයුතු සාර්ථක වේවා! (නි)
ජනාධිපති නෝනා හිටිය ජෝජ් 5 හෝටලය හරි ගන්න ඔබ තුමා ඉන්න තැන කොහොමද .? (බ)
සුබ අනාගතය කෝ ?(බ)
රිචි දන්නා දේශපාලනය. අපි නොදන්න රිචි. දොඩන්ගොඩගේ උපදෙස් වෙන්න ඇති. (නදී)
යහපාලනය කොයිබටද සොයා බලන්න පැරිසියේ ඉන්න අපිත් එනවා! (නි)
මෙන්න රටට ආදර්ශවත් ඇමතිවරු! සමහරු ඉස්සර යුරෝපයට යනකොට, ගුවන්යානා පිරෙන්න සෙනඟ අරගෙන යනවා, දිග කාර් වල ගමන් බිමන් යනවා, රජ සැප විඳිනවා. ගිහින් වැඩිම මිලට විකිණෙන හෝටල් වල නතරවෙනවා, රටේ ජනතාවගේ බදු මුදල් වලින් බිල් ගෙවනවා. එතකොට කොහොමද අපේ රටට සුභ අනාගතයක් ලැබෙන්නේ? එහෙමද දැන්? ඇමතිවරු එනවා, යාලුවන්ගේ ගෙවල් වල ඉන්නවා. මහජනතාව යන ගුවන්යානා වල තමයි ඒ අයත් යන්නේ. එහෙමනම් දැන් ඔහෙලාට පැහැදිලිද යහපාලනය කුමක්ද සන්ධානය කුමක්ද යන්න. (නි)
ගුවන් සේවා ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා ට මගේ මේ උණුසුම් සුභ පැතුම්. (අ)
යහපාලනය කුමක් සඳහාද? තවත් දේහපාලකයන් පිරිසකගේ යහපැවැත්ම සඳහා... (ම)
පැරිසියේ වාසය කරන බහුතරයකට දේශපාලන අවබෝධයක් හෝ ලංකාව ගෙන අවබෝධයක් නැති නිසා මෙවැනි ක්‍රියා ඉතා උතුම් දේවල් , සාර්ථක වේවා කියා පතමි (ම)