(රොමේෂ් මධුෂංක සහ ළහිරු හර්ෂණ)
ගුවන් හමුදා නායක ගුවන් භට රොෂාන් අබේසුරන්දර, තලෙයිමන්නාරම ඌරුතොට ජැටියේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්වා පිහිනා ආපසු ඌරුතොට ජැටි පිහිනීමෙන් නව ආසියානු පිහිනුම් වර්තාවක් පිහිටුවීමට අද (11) පෙරවරුවේ සමත් විය.
ඔහුට කිලෝමීටර් 59.300 ක් පිහිනීමට පැය 28 විනාඩි 19 තත්පර 43 ක කාලයක් ගත විය.
රොෂාන්, තලේමන්නාරමෙන් ඌරුමලේ ජැටියෙන් ඊයේ (10) අළුයම 2.00 ට පිහිනීම ආරම්භ කර ඉන්දියාවේ ධනුෂ්කොඩියට වාර්තා කර ආපසු අද පෙරවරුවේ අනුමාන කළ කාලයට පෙර නැවත ඌරුමලේ ජැටිය සළකුණු කිරීමට සමත් විය.
මෙහි පෙර වාර්තාවට හිමිකම් කියන ඉන්දියානු ජාතික ආනන්ද කුමාර ඒ ස`දහා පැය 35 ක කාලයක් ගතකර තිබුනි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් ශුභ පැතුම්. ජයෙන් ජය.